අඩපණ වූ සෛල පවා වර්ධනය කළ හැකි ඉතාම රසවත් ගුණවත් ඇබැරැල්ලා සම්බෝලය ගැන හරියටම දැනගන්න.

නොදන්නාකම නිසා අපේ රටේ තියෙන වටිනා කියන ආහාර ඖෂධ කොතරම් අපි අපතේ යවනවද. ඇත්තටම ඒක ලොකු අපරාධයක්. අන්න ඒ නිසා තමයි මිනිස්සු නොදන්න නමුත් ගුණ දෙන ආහාර පිළිබඳ තොරතුරු අලුත් ලිපි වලින් ලබා දෙන්නේ. අලුත් දෙයක් අපි හැමදාම කියනවානේ. ඒ වගේම අදත් කතා කරන්නේ මිනිසුන් නොදන්නා රසවත් ආහරයක් පිළිබඳව.

ඇඹරැල්ලා කියන්නේ රසවත් පලතුරක්. ඇඹරැල්ලා ගැන නම් ඉතින් අපි දන්නවනේ. නමුත් ඇඹරැල්ලා කොළ සම්බෝල හදලා ආහාරයට ගන්නවා කියලා නම් දැනගෙන ඉන්න නැතුව ඇති. දැනගත්තත් ඒ ඉතාමත් සීමිත පිරිස් පිරිසක්. ඇඹරැල්ලා කොළ සම්බෝලය රසවත් වගේම ඉතාමත් ගුණ ගුණදායකයි.

ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හදවත් සහ ඒ ආශ්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීරණ රෝගීන්ටත් ගුණදෙන, එමෙන්ම අර්ශස් රෝගයට ද අත්දුටු බෙහෙතක්. මෙම ඖෂධය මල බද්ධය සඳහාද යොදා ගන්නා අතර ආමාශගත සියලුම රෝගයන්ටද, දියවැඩියා රෝගයන්ට ද, බෙහෙවින් උපකාරී වෙනවා.

මෙමගින් ශරීරයේ විෂ මැකීමට ද, අඩපණ වී ඇති සෛල කොටස් ප්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරුකර සමබරව පවත්වා ගැනීමට ද, උදරාබාධ සහ මුත්‍රා ආශ්‍රිත සියලුම රෝගයන්ට, අධි රුධිර පීඩනය ඇති අය සඳහා ද, ඉතා තරබාරු අය සඳහා ද, මේද තට්ටු දිය කිරීම සඳහා ද, ආහාර රුචිය ඇති කිරීමට ද, තරුණ බව රැක ගැනීමට ද ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගන්නවා. ‍

ඉතින් මේ තරම් ගුණ ඇති ඇඹරැල්ලා කොළ සම්බෝලය ඔබගේ ආහාරයට එක්කර ගැනීමෙන් ඉතා සුවබර සහ සමබර ජීවන රටාවක් සඳහා දායක කර ගැනීමට ඔබටත් හැකි වෙනවා.

ඇඹරැල්ලා කොළ සම්බෝලය සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඇබැරැල්ලා දළු කොළ
  • රතු ළූණු
  • පොල්
  • දෙහි ඇඹුල්
  • අමු මිරිස්
  • උම්බලකඩ

සාදාගන්නා ආකාරය

ඇබැරැල්ලා දලු රැගෙන එය සිහින්ව කපාගන්න. එයටම සිහින්ව ගා ගත් පොල්, කපාගත් අමු මිරිස් ළූණු සහ රතු ළුනුද, උම්බලකඩ ද, එක්කර කලවම් කර අවශ්‍ය පමණට දෙහි ඇඹුල්ද දමා කෑමට ගන්න.

ඇත්තටම මෙය ගුණවත් වගේම රසවත් ආහාරයක්. කැකුළු හාල් බතට උයලා, මේ දවස් වල දෙල් තියනවානේ ඉතින් දෙල් උයලා මේ ඇබරැල්ලා කොළ සම්බෝලය හදාගත්තා නම් හොදට කන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. මේ රෙසිපි එක තමයි අද රෑට අපේ ගෙදර හදන්න ඉන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්