අක්මා රකින, අක්මාවේ දියවන කොටස් දළුලෑමට උපකාරී වන ගසක් ලංකාවේ තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ නේද? ලීවර් ට්‍රී ගැන දැනගමු

ශ්‍රී ලංකාව අද වන විට බොහෝම අසීරුතාවයකට පත් වුණත් අපේ ලංකාව කියන්නේ ඇත්තටම අපේ රට ස්වයංපෝෂිත රටක්. වටිනා ඖෂධ, ආහාර, ඕනෑ තරම් අපේ ලංකාවේ තියෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ බව අපේ මිනිසුන් නොදැන සිටීමයි. අනෙක් ප්‍රශ්නය තමයි ගමේ ගොඩේ දේවල් වලට වටිනාකමක් නොදීමයි. වචනයෙන් දෙකෙන් පොෂ් වෙන්න හදන අපේ මිනිසුන් වටිනා කියන දේවල් ඈත් කරනවා. ඉතින් මේක හොඳ දෙයක් නෙමෙයි.

අද අපි කියන්න හදන්නේ අපේ රටේ තියන ඉතාම වැදගත් ශාකයක් ගැන. මේ ශාකය තියෙන වටිනාකම ගමේ ගොඩේ මිනිස්සු නම් හොඳටම දන්නවා. නමුත් නගරෙන් අයට නම් මේ ගැන ලොකු දැනුම්ක් නැතුව ඇති. කොහොම වුණත් මේ ශාකයේ තිබෙන වටිනාකම ගැන අද අපි කතා කරන්න හිතුවා.

විශේෂය වන්නේ තමන්ගේ ගෙවත්ත අලංකාරව පවත්වා ගන්නත් මේ ශාකය උදව් වෙනවා. මලක් ගෙඩියක් පිපෙන්නේ, හැදෙන්නේ නැති, හොඳයි හොඳයි කියන ශාක නිවසේ පුරවගන්න සමාජයක්නේ දැන් අපිට තියෙන්නේ. සල්ලි ලැබෙනවා, ධන බෝග ලැබෙනවා කියලා විවිධ ශාක රැලි අපේ සමාජයේ ඉතාම ඉක්මනින් පැතිරෙනවා. ඉතින් ඔයා සල්ලි ගස් එහෙම ගේ ඇතුලෙ හදාගත්තට සල්ලි ලැබෙනවද කියලා ටිකක් කල්පනා කරල බලන්න.

අද අපි කතා කරන්න හදන මේ ශාකය ඇත්තටම ගුණදායක, වටිනා කියන නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම උපකාරී වන ශාකයක්. ඒ තමයි බෝවිටියා ශාකය. බෝවිටියා වර්ග බොහෝමයක් ලංකාවෙතේ තියෙනවා. මම කිහිපයක් කියන්නම්කො වැල් බෝවිටියා, මහ බෝවිටියා, හීං බෝවිටියා, ඒ අතරින් කිහිපයක්. තවත් දෙයක් තියෙනවා. මේ ශාකය සුවිශේෂී ශාකයක්. ඒකට හේතුව තමයි දකුණු පළාතට ආවේණික පුෂ්පය විදිහට මේ ශාඛයේ පුෂ්පය හදුන්වන හදුන්වනවා. ලා දම් පාට රෝස් පාටට හුරු මේ පුෂ්පය ඇත්තටම හරිම ලස්සනයි. ඒ නිසා තමයි මම කලින් කිව්වේ ගෙවත්තේ අලංකාරයට වුනොත් මේ ශාකය හදාගන්න පුළුවන් කියලා.

බෝවිටියා කිව්වම ගමේ ගතිය හොඳට දැනෙනවා නේ. මම දැක්කා මුහුණු පොතේ මේ ශාකයට අපූරු නමක් දීලා තියෙනවා. අපේ අලුත් පරම්පරාවෙ අයට ඒ නම නම් ඉතාම හොඳට ගැලපෙනවා. ඒ තමයි liver tree. මේ නම ඇත්තටම මේ ශාකයට සුදුසුයි. මම කියන්නම් ඒ ඇයි කියලා.

අපේ ඇඟේ තියන ප්‍රධානම අවයවයක් තමයි අක්මාව කියන්නේ. අක්මාවෙන් තමයි අපේ ඇඟට ඇතුල් වන විෂ උරාගන්නේ. එකෙන් ඔයාට තේරෙනවනේ අක්මාව කියන්නේ බොහොම වැදගත් අවයවක් කියලා. ඉතින් වැදගත් අවයව රැකබලා ගැනීම අපේ වගකීමක්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අපි අපේ අවයව සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම වැදගත් වෙනවා.

බෝවිටියා අපේ රටට ආවේණික ශාකයක්. අපේ පොළොවේ හොඳට හැදෙන ගහක්. ඒ වගේම අපේ ඇඟේ තියෙන ප්‍රධාන අවයවයක් වන අක්මාවේ මේදය තැන්පත් වීම අවම කිරීමට තැන්පතු  වූ මේදය ඉවත් කිරීමට මහා බලගතු ශක්තියක් තියෙන ඖශධීය ශාකයක්. අපේ නංගිලා අක්කලාට මේක වඩාත්ම ගැලපෙනවා. මේදය තැම්පත් වීමේ කරදරයට පත් වෙන්නේ එයාලනේ. බඩ එහෙම ටිකක් වැඩි වුණාම මානසිකව වැටෙන්නෙත් එයාලානේ.

වර්තමානයේදී ශ‍්‍රී ලංකාවේ කෘෂි රසායනික වර්ග භාවිතයෙන් වගාකළ ආහාර වර්ග පරිහරණයදී මෙන්ම වෙනත් පරිසර දුෂණ තත්වයන්, ජල අපවිත‍්‍රවීම් වැනි ගැටලු හමුවේ සටන් කරන මිනිස් සිරුරේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රිය වන අක්මාව ආශ‍්‍රිතව ඇතිවන අසාදන, අහිතකර රෝගීතත්වයන් සමනය කර අක්මාව නිරෝගී ක‍්‍රියාකාරිත්වය ආරක්‍ෂා කර ගැන්මට මේ ශාකයේ කොළ සාරය භාවිතය වඩාත් සුදුසු වෙනවා.

හීන්බෝවිටියා පත‍්‍ර කොළකැඳ වශයෙන් හා දළු කොටස් ඉතා නැවුම් ප‍්‍රණිත රසයකින් සම්බෝල වශයෙන් සකසා ආහාරයට එක්කර ගන්න පුළුවන්. මෙසේ විවිධාකරයෙන් හීන්බෝවිටියා කොළ හෙවත් පත‍්‍ර සහ ලපටි පත‍්‍ර හෙවත් දළු ආහාරයට ගැනීමේ ප‍්‍රවණතාව මෑතකාලීනව වර්ධනය වෙලා තියෙන්නෙම අක්මාවේ රෝග සඳහා මෙහි ඇති ඖෂධීය වටිනාකම අතිමහත් නිසායි. ​ඔසු ගුණයත් ඊට අමතරව ඉතා සශ‍්‍රීකව මල් පිපෙන හීන් බෝවිටියා ශාකයේ විසිතුරු වර්ණවත් මලේ පැහැයත් නිසා ගෘහ අලංකරණ පැලෑටියක් වශයෙන්ද මෙම ශාක වගාව සිදු කරන්න පුළුවන්.

මේක හදන්න හරිම ලේසියි. ඉතින් ළමයි අපි හිටවමු රැල්ලට liver tree…

භාවිතයට ගත හැකි ආකාර

හීන් බෝවිටියා ශාකයේ හට ගන්නා කුඩා දම් පැහැ ගෙඩි ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගනු ලබනවා. මේ හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ වශයෙන් වගේම දළු ඉතා රසවත්ව සම්බෝලයක් වශයෙන් සකසා ගන්නට පුළුවන්. ඒ වගේම මෙහි දළු මැල්ලුම් වශයෙන් සකස් කර ආහාරයට ගන්නටත් හැකියාව තියෙනවා.

1.හීන් බෝවිටියා කැඳ

සකස් කර ගන්නා ආකාරය

කැකුළු සහල් ස්වල්පයක් හොඳින් සෝදා හොඳින් තම්බා ගන්න. හීන් බෝවිටියා කොළ කොටා එහි යුෂ වෙන් කර ගන්න. එහි රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු බික් 2 ක් හා අමු ඉඟුරු දමා තැම්බූ පසු පොඩි කර මිරිකාගත් පොල් කිරි දමා හොදින් පස්සවා ගෙන ලුණු සහ කොළ යුෂ එකතු කර උතුරවා විනාඩි 3 ක් පමණ හැදි ගා පානය කරන්න. අවශ්‍ය නම් හකුරු සමඟ  පානය කරන්න. මෙය සකස් කර ගැනීමේදී දියවැඩියාව කොලෙස්ටරෝල් ඇති අය පොල් නොදමා සකස් කරගන්න. කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක් මේ හීන් බෝවිටියා කැඳ වර්ගය පානය කිරීම සුදුසුයි.

සැලකිය යුතුයි. – හීන් බෝවිටියා කැඳ ඇතුළු ඕනෑම කැඳ වර්ගයක් සකස් කිරීමේදී ලුණු කුඩු නොයොදා ලුණු කැට ස්වල්පයක් එකතු කිරීමට මතක තබා ගන්න.

කැද

හීං බෝවිටියා කැඳ වලින් ලැබෙන ප්‍රයෝජන

  • හීන්බෝවිටියා කැඳ රුධිරයේ මේදය අධික පුද්ගලයන්ට ගුණදායකයි.
  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි. මෙය හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කිහිපයක් ලුණු නොදමා හිස් බඩ පානය කිරීමෙන් සුවය ලැබෙයි.
  • හීන් බෝවිටියා කැඳ උදෑසන කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
  • සිරෝසීස් වැනි රෝග අවස්ථාවල භාවිතා කළ හැකියි.
  • බඩ පුරවා දැමීම නසාලයි.
  • මුත්‍රා රෝග දුරු කරයි.
  • අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.

2.හීන් බෝවිටියා ව්‍යංජනය

සකස් කර ගන්නා ආකාරය

හීන් බෝවිටියා කොළ හොඳින් තම්බා හොඳින් අඹරා ගෙන එය මැටි මුට්ටියකට දමා එයට සිහින්ව ලියාගත් රතුළූණු, සුදු ළූණු, අමු මිරිස්, කරපිංචා සහ උම්බලකඩ එකතු කරන්න. අවශ්‍ය පමණට තුනපහ, ගොරකා හා සියඹලා එකතු කර දියකිරි දමා ලිප තබා හිදී ගෙන එද්දී මිටි කිරි එකතු කර හොදින් පැහෙන විට ලිපෙන් ඉවත් කර අවශ්‍ය  පමණට ලුණු එකතු කර ගන්න.

හීං බෝවිටියා ව්‍යාංජන වලින් ලැබෙන ප්‍රයෝජන

  • සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
  • බඩේ ඉදීමීමකින් තොරව කීපවරක් බඩඑලියේ යනවිට හීන්බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් සුවයක් ලඟා කරගත හැකියි.
  • හීන් බෝවිටියා ව්‍යංජනය හා සලාදය දිනපතා දවස 5-7 ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.

3.තම්බා පානය කිරීම

හීන් බෝවිටියා කොළ, පොතු, කඳ, මුල් ආදි සියල්ලේම ඇත්තේ ඉතා ඉහළ ඖෂධීය ගුණයක්. තේ වෙනුවට තම්බා පානය කිරීමෙන් ගුණ රැසක් ලබා ගන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීම අර්ශස් රෝගයට ඉතා ගුණදායකයි. නමුත් සතියකට දෙවරක් තුන්වරක් ඉදහිට පානය කිරීම මිස දිනපතා පානය කිරීම සුදුසු නැහැ.

හීං බෝවිටියා තම්බා බීමෙන් ලැබෙන ප්‍රයෝජන

  • හීන්බෝවිටියා ශාකයම තම්බා පානය කිරීම මුත්‍රා දැවිල්ල දුරු කරයි.

වෙනත් ඖෂධීය ගුණ


  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
  • පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
  • අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.

හීන් බෝවිටියා, උඩහලු, මොනර කුඩුම්බිය ,මුස්සැන්ද හා යකිනාරං යන ශාකවල කොළ සහ මුං ඇට දමා සාදනු ලබන කැඳ මාසයක් පමණ ආහාරයට ගැනීමෙන් අක්මා රෝගය සුවපත් කරනු ලබනවා. අක්මාවේ දියවුණු කොටස් පවා නැවත ලියලන බව පැවසෙන අතර අක්මා රෝගය සඳහා වන සාර්ථකම ඔසුව මෙය බවටයි සඳහන් වන්නේ. නමුත් මේ කැඳ දිනපතා පානය කිරීම සුදුසු නැහැ. දවසක් හැර දවසක් පානය කිරීමෙන් අක්මාවේ දුර්වල වුණු සෛල වර්ධනය කරනවා.

  • ලේ පිරිසිදු කරයි. එබැවින් දද කුෂ්ට ආදිය දුරු කරයි.
  • ආහාර රුචිය ඇති කරයි.
  • හීන් බෝවිටියා ළපටි කොළ සම්බෝලය දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.

පේනවා නේද යාළුවනේ අපේ රටේ තියන ශාක වල වටිනාකම. අද ඉදලා මේ ශාක වලට වටිනාකමක් ලබා දෙමු. ඒ වගේම මේ ශාක වලන් ප්‍රයෝජන ගමු නේද.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්