යාෂ් රඟපාන කේ. ජී. එෆ් චැප්ටර් 2 චිත්‍රපටිය මේ වන විට ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙමින් පවතියි. ලොව පුරා ප්‍රදර්ශනය අරඹා සති දෙකක් ඇතුළත එහි ආදායම රුපියල් කෝටි දාහ ඉක්මවූයේය.

මින් පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ දංගාල්, බාහුබලී, ආර්ආර්ආර් චිත්‍රපටි තුන පමණකි. මෙය 2018 තිරගත වූ කේජීඑෆ් චිත්‍රපටියේ දිගුවකි.

අජේ දේව්ග්න් රඟ පාන රනවේ 34 සහ ටයිගර් ෂ්රොෆ් රඟ පාන හීරෝපාන්ති 2 චිත්‍රපටි ප්‍රදර්ශනය ඇරඹුවේ මේ හා සමගාමීවය.

එහෙත් කේජීඑෆ් 2 ඒ දෙකම අබිබවා ගොස් තිබේ. කන්නඩා චිත්‍රපටි ක්ෂේත්‍රයට එය අභිමානයක් බැව් විචාරකයෝ පවසති.

මෙන්න බලන්න තවත් පුවත්