අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියලා කියන්නේ. ඇය විවහ වෙලා ඉන්නේ ජනප්‍රිය නලු ගයාන් සමග බව රටේ හැමෝම දන්නවා. ඉතින් ඇයගෙත් ඔහුගේත් ආදරණීය චූටි දියණිය ගැන චතුරිකා නම් දක්වලා තිබුණේ මෙවන් අදහසක්.

දෝනිගේ නම ආරාධනා හංසද්ධවනී වික්‍රමතිලක. චූටි දුවට ආරාධනා කියලා නම තැබුවේ ගයාන්. එයාට හංසද්ධවනී කියන නම තැබුවේ පේෂල. හංසද්ධවනී කියන්නෙ සංගීතයේ (හංස රාගය) කියන දෙයටයි. හංස නාදය සම්බන්ධ රාගය සංගීතයේදි වැඩිදුර ඉගැන්වෙනවා.

එයම තමයි (හංසද්ධවනී) කියලා කියන්නෙ. ඒ වගේම තමයි චූටි දුවත් වෙලාවකට ගිරිය යටින් කෑගහනවා. එහෙම කෑගහන්න ගිහින් සමහර වෙලාවට මගෙන් බැණුම් පවා අහනවා.

දැන් චූටි දූවට වයස අවුරුදු දෙකයි මාස නවයයි. චූටි දූ දැන්හරි දඟයි. එයා දුවෙක් වුණාට හරිම දඟයි. තාම එයාට අවුරුදු දෙකයි මාස නවයක් වුණාට එයා හරි ඉක්මනට පඩිපෙළ නැගලා හරි ඉක්මනට පඩිපෙළ බහිනවා. අපිට හිතාගන්නවත් බැරි වේගයෙන් සමහර වෙලාවට එයා පඩිපෙළ බැහැලත් ඉවරයි. සාලෙදි වතුර බොන්න දීලා කෝප්පය තියලා එන ටිකට දූ පඩිපෙළ නැගලා උඩට ගිහින් කාමරෙන් වාඩිවෙලත් ඉවරයි. 

එයා එච්චර ඉක්මනට යන්නෙ කොහොමද කියලා වෙලාවකට මට පුදුමයි. දූ හරිම දඟයි. ඒ වගේම එයා හරිම හුරතල්. එයා ගොඩක් එයා වෙතම අපේ අවධානය යොමුකර ගන්නවා. එයාගේ අතක් පයක් චුට්ටක් කොහේ හරි වැදුණොත් අපි එයා ළඟට ගිහිල් අතගාලා ඉඹලා ඉවර වෙනකම් එයාට ඒ ගැන දුකයි. අපි අතගානකම් එයා අපේ පස්සෙන් එනවා. 

එයා වැටුණත් එකපාරම නැගිටින්නෙ නැහැ. අම්මා අප්පායි කියලා අපි එයා ළඟට එනකම් කෑගහනවා. ඇත්තටම චූටි දූ හරිම හුරතල් දරුවෙක්. මම ආසාවෙන් හිටියේ දුවෙක්ට. ගයාන්ට පුතාලා දෙන්නෙක් ඉන්න නිසා ගයානුත් ආසාවෙන් හිටියේ දුවෙක්ට තමයි. මාස පහේදි විතර අපි ස්කෑන් කරලා බැලුවා. එතනදි ඩොක්ටර් අපිට දුවෙක් කියලා කිව්වා. ඉතින් ගයාන් ආසාවෙන් හිටපු දේ ඉටු වුණා.

ඒ දෙන්නා හරි එකතුයි. චූටි දූ ගෙදරදි වැඩිපුරම ඉන්නෙ මාත් එක්කයි. ගයාන් ගෙදර නැති වෙලාවට දුවව නාවන්න, කවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කිසිම වදයක් නොදී දුව ඒ හැමදේම මට කරන්න උදව් කරනවා. හැබැයි ගයාන් ගෙදර ඉඳිද්දි මට කවන්න බැහැ. මට නාවන්න බැහැ. ඒ හැමදේම ගයාන්ට කරන්න ඕනෙ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

 

මෙන්න බලන්න තවත් පුවත්