2015 වසර ආරම්භයේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට වාසනාව හිමිකර ගත්තා. කොහොම නමුත් ඔහු පොළොන්නරුව තෝපාවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරලා තියනවා. ඒ වගේම ඔහු වයස අවුරුදු 17දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකමි වරයා බවට පත්වුණේ ඔහුගේ දේශපාලන ජීවිතයේ ආරම්භය සටහන් කරමින්.

ඊට පස්සේ 1989 වසරේදී පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඒ වගේම 1994 වසරේදී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වූ ඔහු 1997 වසරේදී මහවැලි සංවර්ධන අමාත්‍ය ධූරයටත් පත් වුණා. ඒ වගේම 1997 වසරේ පක්ෂ උප ලේකම් තනතුරට පත්වන ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධූරයට පත් වන්නේ 2001 වසරේදීයි. ඉතින් එකල පැවති ආණ්ඩුවට එරෙහිව ඔහු විපක්ෂයට එක්වෙමින් පොදු අපේක්ෂයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ 2014 වසරේ නොවැම්බර් 21 වනදායි.

කොහොම නමුත් 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ඡන්ද හැට දෙලක්ෂ දාහත්දහස් එකසිය හැට එකක් හිමි කරගනිමින් ජනාධිපති ධූරයට තේරී පත් වුණා. ඉතින් ඉන් පසුව ජාත්‍යාන්තරය තුළ මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් පැවති ගැටලූකාරී තත්වයන් ද රටෙන් ඉවත් කර ගැනීමට ඔහු සමත් වුණා කිවුවොත් නිවැරදියි.

ඒ අතර මොරගහකන්ද ව්‍යාපෘතියේ ගෞරවය හිමි වන්නේ ද ඔහුටයි. ඒ වගේම මෙරට දුම්වැටි සහ මත්ද්‍රව්‍ය උවදුර මර්ධනය සදහා ආන්දෝලනාත්මක පනතක් ගෙන ආ ඔහු දුම්වැටි ඇසුරුම් වල අවවාද සහිත රූප ප‍්‍රදර්ශණ අවකාශය ඉහල නැංවීමටද කටයුතු කළා.

ඉතින් මේ හිටපු ජනාදිපතිතුමන් වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආදරණීය පුතු වන දහම් සිරිසේනගේ බිරිඳ උතුම් මව් පදවිය ලබලා තියනවා. ඉතින් මේ බව දැනගැනීමත් සමඟ පිය පදවිය ලැබූ දහම් සිරිසේනට සමාජ මාධ්‍ය තුල බොහෝ සෙයින් සුබපැතුම් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඒ වගේම හිටපු ජනාදිපතිතුමන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු අලුත උපන් පුංචිම පුංචි මුණුපුරාව වඩාගෙන හුරතල් කරන ඡායාරූප කිහිපයකුත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය කැදැල්ලට කිරිසිනහව අරගෙන ආපු පුංචිම පුංචි චූටි පැටියට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්