සිස්ටම් එක වැසිකිළියෙන් වෙනස් කරන අපේ තරුණයෙක්.. ඇත්තටම මේ වැසිකිළියක්ද?

ඔන්න ඉතින් අද කතා කරන්න යන්නේ අපේ රටේ දක්ෂ හිත පිරෙන්න මනුස්සකම තියෙන සහ නිර්මාණශීලී හැකියාවක් තිබෙන පුද්ගලයෙක් පිළිබඳව. ඇත්තම කිව්වොත් අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ සෞඛ්‍යය ගැන, එහෙම නැත්නම් රටේ තියන ප්‍රශ්න ගැන, ඔන්න ඔය දේවල්නේ. ඉතින් අද කතාව නම් ටිකක් එනවා වෙනස්. ලංකාවේ තිබෙන සිස්ටම් එක වෙනස් කරන්න කියලා ඉල්ලන මිනිසුන් අතරේ, සිස්ටම් එක තමන්ගේම විදිහට වෙනස් කරන පුද්ගලයෙක් තමයි මේ.

සාමාන්‍යයෙන් ලංකාවේ “පොදු වැසිකිලි” පිළිබදව මහජනතාව තුල පවතින්නේ එතරම් සුභවාදී ආලක්පයක් නෙමෙයි.  එහෙම කියන්නේ අපිට වෙලා තියෙන අත්දැකීම් එක්කමයි.

අපිරිසිදු බව හා ක්‍රමවත් බවකින් තොරව එහි පාලන කටයුතු සිදු වීම එයට ප්‍රධානම හේතුවක් වෙනවා.

ඒ නිසාම ලංකාවේ “පොදු වැසිකිලි” කියන නම ඇහුණුවිටත් මිනිස්සුන්ට තියෙන්නේ ඉතා අප්‍රසන්න හැඟීමක්. මටත් එහෙමයි. කොටින්ම අත්‍යඅවශ්‍ය වුණොත් ඇරෙන්න පොදු වැසිකිලිය්ස්කට මිනිසුන් යන්නේම නැති තරම්.

මෙවැනි තත්වයක ඒ අප්‍රසන්න හැඟීම ප්‍රසන්න කර පවත්වාගෙන යන  “පොදු වැසිකිලියක් පිළිබදව සටහනක්  සමාජ මාධ්‍ය තුල පලවී තිබුණා. කොටින්ම මේ වැසිකිළියක්ද කියලා හිතාගන්නවත් බැරි තරමටම වෙනස්. අවසනාවකට මේ වගේ දේවල් සමාජ ගත වෙනවා ටිකක් අඩුයි. හොඳ දෙයට වැඩි ඉල්ලුමක් නොමැති වීම එයට හේතුවක්. කොහොම වුණත් අපි හිතුවා මේ ගැන කියන්න.

මේ පුද්ගලයාගේ නම සෆ්රාන්. මේ වෙන කොහෙවත් නෙවෙයි පිටකොටුවෙ චාමාස් කාර් පාර්ක් එක ළග නැත්තම් මල්වත්ත පාරෙ කෙලවරේ ඔරලෝසු කනුව කිට්ටුව වම් පැත්තට වෙන්න තියෙන “පොදු වැසිකිලිය”

මේ වැසිකිළිය මීට කලින් නම් මෙහෙම නෙවෙයි තිබිලා තියෙන්නේ. අවුරුදු ගාණකට කලින් දොරවල් බාග උස්සල හේත්තු කරන තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. න්වුම්රුට්ත් දැන් තත්ත්වය ගොඩාක් වෙනස්. වෙනස දැක්කහම පුදුමයි. හයියෙන් රේඩියෝ එකත් දාලා පිරිසිදුවටත් තියන් ඉන්නව. නගර සභවෙන් හදල දුන්නට, මේක ලස්සන කරන්නෙ සෆරාන්. අපි ඔහුට ස්තුතියි කළ යුතුයි මේ වෙන මහන්සියට.
කොහොම වුණත් සෆ්රාන් අපි සියළු දෙනාටම ලොකු ආදර්ශයක්. අපි මේ විදිහට වෙනස් වුණොත් අපිට පුළුවන් අපේ පුංචි රට ලස්සන කරන්න, වෙනස් කරන්න.
මෙන්න බලන්න තවත් පුවත්