දැනයෙන් සමුගත් ශ්‍රී ලාංකීය සිනමාවේ දුෂ්ටයා විල්සන් කරු මෙවැනි කෙනෙක් කියලා දැන සිටිය ද?

මම මුලින්ම මිනී$මරුවෙක් වෙලා තමයි සිනමාවට ආවේ..”  

දැයෙන් සමුගත් විල්සන් කරුණාරත්න එහෙම නැත්තම් විල්සන් කරු කියන්නේ, ශ්‍රී ලාංකේය සිනමාවේ හිටපු දක්ෂ නළුවෙකු සහ ස්ටන්ට් අධ්‍යක්ෂකවරයෙක්. සිංහල සිනමාවේ හොඳම දුෂ්ට$යෙකු ලෙස සැලකෙන, කරුණාරත්න ප්‍රධාන විරුද්ධවාදියා ලෙස චිත්‍රපට 240 කට වැඩි ගණනක රඟපා ඇත.

විල්සන් කරු 1942 ඔක්තෝබර් 28 වැනි දින සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සමඟ පවුලේ දෙවැනි දරුවා ලෙස උපන් අයෙක්. ඔහු අධ්‍යාපනය සම්පූර්ණ කළේ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන්. කරූ විවාහ නොවූ අතර ඔහුගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසු තනිවම ජීවත් වුණා. ඔහු 2022 මැයි 3 වන දින වයස අවුරුදු 79 දී මිය ගියේ සිනමා රසිකයන් හඩවමින්.  ඔහුගේ දේහය 2022 මැයි 3 වන දින මහජන ගෞරවය සඳහා ජයරත්න ශාලාවේ තැන්පත් කරන ලද අතර ආදාහනය 2022 මැයි 4 වන දින සවස 4 ට කිරුළපන ආදාහනාගාරයේදී සිදු වුණා.

ඉංග්‍රීසි සහ සිංහල චිත්‍රපට නැරඹීමට නිතර චිත්‍රපට ශාලාවලට ගිය ඔහුට නළුවෙකු වීමට දිගුකාලීන ආශාවක් තිබිලා තියෙනවා.  විල්සන් කරු සිනමාවට පැමිණි ආකාරය සම්මුඛ සාකච්ඡාවක දී මෙලෙස සඳහන් කර තිබුණා.

“ඇත්තටම මම මුලින්ම රංගනයට ආවේ හදවත් නැත්තෝ චිත්‍රපටයන්. රොබින් අය‍යාගෙත් ගාමිණී ෆොන්සේකාගේ ෆයිට් එකක් දැකල තමයි මටත් චිත්‍රපටයක වීරයෙක් වෙන්න හිතුණේ. රොබින් අයියා ඉස්සර අපේ ගෙදර ළඟ තිබුන දේවාලයකට එනවා. මම පිට්ටනිය සෙල්ලම් කරනකොට රොබින් අයියත් දැක්කොත් දුවලා ගිහින් අනේ මටත් පොඩි අවස්ථතාවක් දෙන්නකෝ කියලා ඉල්ලනවා. ආ හරි හරි කියලා පිටට තට්ටුවක් දාලා ‍රොබින් අයියා යනවා. මෙහෙම තමයි රොබින් අයියා ඉතින් මට පොඩි අවස්ථාවක් අරගෙන දුන්නේ. මාවනැල්ලේ රබර් වත්තක තමයි එහි රූගත කිරීම් තිබුණේ. ඒ චිත්‍රපටයේ මම රොබින් අයියව මැ$රුවා. මම මුලින්ම මි$නීමරුවෙක් වෙලා තමයි සිනමාව  ආවේ..”

කරූ 1974 වසරේ හදවත් නැත්තෝ චිත්‍රපටය හරහා සිය මංගල සිනමා රංගනයට පිවිසියේ ස්ටන්ට්මෑන් කෙනෙකු ලෙසින්. හදවත් නැත්තං චිත්‍රපටියෙන් පසු අවුරුද්දක් විතර එයා චිත්‍රපටවලින් අතුරුදන් වුණා. ඉන්පසුව, එවකට චිත්‍රපට නිෂ්පාදන කළමනාකරු කරුණාදාස පෙරේරාගේ සහය ඇතිව, යකඩයා , වැනි චිත්‍රපටවල සටන් ජවනිකාවලට සම්බන්ධ වෙමින් කරු නැවතත් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණා.

1987 දී පතිරාජ එල් එස් දයානන්ද අධ්‍යක්ෂණය කළ කිවුලේ ගෙදර මොහොට්ටාල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඔහුට ලැබී ඇත. චිත්‍රපටයේ එක් දර්ශනයකදී ඔහුට අඩි 80ක් පමණ උසකින් පැනීමට සිදු වූ අතර එහිදී ඔහුගේ කොන්ද ගලක වැදී ඇත.  ඔහුගේ කොඳු ඇට පෙළට මාස 6ක් පමණ ප්‍රතිකාර කළ බව සදහන් වෙනවා. ඔහු ෆොන්සේකාගේ සසර චේතනා චිත්‍රපටයේ “නිකලස්” චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක් දිනා ගෙන ඇත.

මෑත කාලයේ දී ජනප්‍රිය ප්‍රවීන ගායක ශිල්පියකුගේ ජීවිතය අළලා නිර්මාණය වුණු සංගීත වීඩියෝවකට කරූ දායක වෙලා තියෙනවා. කොහොම වුණත් ඔහුගේ මරණින් පසුවත් මෙම වීඩියෝව නිසා ඔහුව විවේ$චනයකට ලක්වෙනවා. එය නම් ඇත්තටම කනගාටුවට කරුණක්.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පොලිස් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් 2020 මැයි මාසයේදී කරු පොලිසිය විසින් අත්අ$ඩංගුවටත් පත්වෙලා තියෙනවා.

කොහොම වුණත් සිංහල සිනමාවට අහිමි වුණේ අති  දක්ෂ රංගන ශිල්පියෙක්.  ජීවිතයේ විවිධ අත්දැකීම් ලබපු කෙනෙක් විදිහට සහ විවිධ අසීරුතාවන් වලට ලක්වුණු කෙනෙක් විදිහට අපිට විල්සන් කරුව හදුනන්න පුළුවන්.

පෙර දිනක මා මාගේ හදවතින්ම ප්‍රාර්ථනා කළේ ඔහුට ඉක්මන් සුව යනුවෙන්. අද මා ප්‍රාර්ථනා කරන්නේ සිංහල සිනමාවේ දුෂ්ඨයානෙණි ඔබට නිවන් සුව.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්