සාරංගයි දිනක්ෂියි අලුතින්ම ගෙයක් හදන්නෙ කාටද?

දෝනි අම්මා වගේමයි..සද්දෙත් එයාගේ වගේමයි..- සාරංග 

කලා ලොවේ අලුත් තොරතුරු හොයන අපේ හිත්වතුන්ට ඔන්න අලුත්ම විස්තර ටිකක් අරගෙන ආවා. ශ්‍රී ලංකාවේ කලා ලොව ගත්තම සුන්දර ආදරණීය විවාහ යුවලවල් ඕනෑ තරම් සිටිනවා. ඉතින් ඒ වගේ රටම ආදරය කරන ආදරණීය යුවලක් පිළිබඳව කතා කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ.  මේ යුවල ඉතාම ජනප්‍රියයි. ඉතින් අද අපි කථා කරන්න හිතුවේ සාරංග සහ දිනක්ෂි ගැන.

සාරංග දිනක්ෂි කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාල ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. ඒ වගේම සමඟියෙන් ඉන්න කපල් එකක් කීවොත් මම හරි.

මේ දෙන්නා රසිකයන්ගේ හදවතේ ලොකු ඉඩක් අරගෙන තියෙනවා. ඒ නිසයි අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නේ. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. ඒකට හේතුව ඇය දැන් වගකීම් ගොඩක ඉන්න නිසා වෙන්න ඇති. ඉතින් දිනක්ෂි කියලා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම නිවේදනයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. අපිට ඉදිරියේදි අලුත් නිර්මාණ වලින් ඇයව බලාගන්න ලැබුනොත් හොඳයි නේද?

සාරංග මේ දින වල නාට්‍ය වලින් සහ හිරු ස්ටාර් වේදිකාවේ නිතර දකින්න ලැබෙනවා. සාරංග  රංගනයට, නර්තනයට, නිවේදනයට සෑම දෙයකින්ම දක්ෂ කෙනෙක්. මුලින්ම දිනක්ෂිගේ මව් පදවියත් එක්ක හිරු සුපර් ඩාන්සර් වේදිකාවෙන් ඇය ඉවත් වුනා. ඒ වගේම මේ ආදරණිය යුවල සමාජ මාධ්‍ය හරහා නිතරම ඔවුන්ගේ විස්තර එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඔවුන්ගේ විස්තර නිරන්තරයෙන්ම දැක ගන්න පුළුවන්.

ඉතින් දැන් වගකීම වැඩි අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් නිසා සාරංග සහ දිනක්ෂි මේ වෙනකොට අලුතෙන් ගෙයක් හදන්නත් පටන් අරගෙන තියෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ දෙදෙනා අරගෙන තියෙන මේ තීරණයට ගොඩක් අය සුබ පතලා තිබ්බා. ඒ වගේම දිනක්ෂි කිවුවේ ඒ නිවාස හදන්නේ කැලයක් වගේ ගස් ගොඩක් වවලා ගාඩ්න් එකක් හදලා කියලයි. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්. දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක සතුටින් විනෝදයෙන් සිටින බව තමයි අපිට පේන්න තියෙන්නේ.

ඔවුන් සතුටින් විනෝදයෙන් සිටින අවස්ථාවල ගත් විවිධ ඡායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කරනවා. ඉතින් පුංචි දූ පැටියත් ගොඩාක් තැන් වල ඉන්නවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. දෝනි අම්මා වගේමයි කියලයි සාරංග කියන්නේ. සද්දෙත් එයාගේ වගේමයි කියලයි ඔහු කියන්නේ. ඔහු ඔහුගේ පවුලට බොහොම ආදරය බව හිතාගන්න පුළුවන් නේද?

ෂූටින් ඉවර වුන ගමන්ම පුංචි සුරංගනාවී බලන්න තමයි සාරන්ගත් දුවගෙන එන්නේ කියලයි කියන්නේ. ඒ වගේම සාරංග ටීවි එකේ පේනකොට චූටි දුවත් සාරංගව ඉක්මනටම හඳුන ගන්නවා. තත්තාව ඕනි වෙලා අඩන වෙලාවලුත් තියෙනවාලු.

මේ පුංචි දියණියගේ මුහුණ මේ දෙදෙනා පෙන්නනේ නැතුව වසන් කිරීම ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් එතරම් හොඳ ඒවා නෙවෙයි. ඉතින් ඊට පිළිතුරු වශයෙන් සාරංග පසු ගිය දිනක පුවත් පතකට මේ විදිහට පවසා තිබුණා.

බබාගේ මූණ නොපෙන්වන්නෙ, අපි දෙන්නගෙ කැමැත්ත ඒක නිසා. ඒක දිනක්ෂිටවත් මටවත් ප්‍රශ්නයක් නැහැ. අපිට නැති ප්‍රශ්න අනිත් අය ප්‍රශ්න කරගෙන තියෙනවා. රටේ තියෙන අනිත් ප්‍රශ්නත් එක්ක මේවා ප්‍රශ්න නෙමෙයි.”

කියලයි ඔහු පවසා තිබුණේ. කොහොම වුණත් මේ ආදරණීය යුවලට සතුට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙයාලා කලා ලොවට ගොඩාක් වටින කතා තරු දෙකක්. විවේචනය කරන්න කලින් ටිකක් හිතලා බලමු නේද?

https://www.newsmania.lk/

 

මෙන්න බලන්න තවත් පුවත්