ස්වභාවික සබන් ගස : සබන් වලට ලොකු මුදලක් වියදම් කරපු කාලේ ඉවරයි

සබන් කියන්නේ වර්තමාන මනුෂ්‍යත්වය හා බැඳී ඇති දෙයක්. ඒකනේ කොච්චර ගනන් ගියත් අපිට සබන් නැතුව බැරි නේද? එදිනෙදා ජීවිතයේදී රෙදි පිරිසිදු කිරීමට, නෑමට, මුළුතැන්ගෙයි උපකරණ ආදිය පිරිසිදු කිරීමට සබන් භාවිත කරන බව අපි දන්නවා.

දැන් කාලේ ලස්සන ලස්සන පාට පාට සබන් තිබුණට අතීතයේතී තිබුණේ නෑනේ. එතකොට ඒ අය නෑවෙ නැද්ද? පිරිසිදුවට හිටියේ නැද්ද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ප්‍රශ්නය ගැන. ඔයාලට පුදුම හිතෙයි. නැවත සබන් වලට ලොකු මුදක් වියදම් කරන්න වෙන එකකුත් නැහැ.

අපි දැන් භාවිතා කරන රසායනික සංයෝග අඩංගු කෘතිම සබන් භාවිතයට එන්න කලින්, පුරාණ කාලයේ සබන් ලෙස භාවිතා කිරීමට ඇත්තේ කුමක්ද? මේකනේ අද අපේ ප්‍රශ්නෙ. මෙන්න එක විසදුමක්, බැබිලෝනියාව වැනි පුරාණ ශිෂ්ටාචාර සත්ව මේදය, ශාක තෙල්, ශාක අළු සහ ලුණු මිශ්‍ර කිරීමෙන් සබන් නිපදවලා තියෙනවා.

අපේ ලංකා ඉතිහාසයත් මහ ගොඩක් දිගයිනේ. අපි ඉගෙනගත්ත මතක තියෙන කාලය තමයි විජය කුවේණි කාලය. මහාවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ විජය කුමරු ලංකාවට ගොඩ බසින විට කුවේණි කුමරිය ගසක් යට කපු කපමින් හිටියානේ. එතකොට ඒ කාලෙත් එසේනම් අපේ පැරැන්නන් සහ ආදිවාසීන් මේ ඇඳුම් සෝදා සිරුර පිරිසිදු කර ගැනීමට භාවිත කළේ කුමක් ද? ඔන්න ආයෙමත් ප්‍රශ්නයක්.

මේ පැරණි මිනිසුන් සබන් විදිහට ශාක කොටස් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔය කියන ශාක අතරින් වැදගත් ශාකයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ශාකය, අපිට සබන් ගස කියලා හඳුන්වන්න පුළුවන්. සබන් ගස ලෙස පොදුවේ හැඳින්වුවත්, මේ ගසේ විශේෂ බොහොමයක් තියෙනවා. ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, උතුරු සහ දකුණු ඇමරිකාව ඇතුළු බොහෝ රටවල මේ ශාකයේ විවිධ වර්ග දක්නට ලැබෙනවා. තව මේ ශාකයේ පලතුරු පැරණි ආසියානු ජනතාව වගේම ස්වදේශික ඇමරිකානුවන් විසින් සෝදා පිරිසිදු කිරීම සඳහා භාවිතා කර තිබෙන බවටත් වාර්තා වෙනවා.

Sapindaceae වංශයේ, sapindus විශේෂය සබන් ගස් ලෙස පොදුවේ හඳුන්වනවා. Sapindus emarginatus සහ Sapindus trifoliatus ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වගේම අතරමැදි කලාපයේ ද දක්නට ලැබෙනවා.

දේශීය වශයෙන් ඒවා ගස් පෙනල සහ කහ පෙනල ලෙස හඳුන්වනවා. එසේ වුණත්, සනීපාරක්ෂාව සඳහා මුලින්ම භාවිතා වන්නේ ගස් පැනල ශාකයයි. නිවර්තන භූමි ප්‍රදේශය, මීටර් 18ක් පමණ උසින් මේ ගස වැඩෙනවා. ගස් පුවරුව මීටර් 1.5ක වටකුරු සහිත මධ්‍යම සිට විශාලව වැඩෙන ප්‍රියජනක ගසක් තමයි සබන් ගස කියන්නේ.

මෙම ශාකයේ පලතුරු වල අස්වැන්න සැපෝනින් කියන ස්වභාවික සංයෝගයේ ප්‍රධාන මූලාශ්‍රය වෙනවා. “සපෝ” කියන්නෙ ලතින් වචනයක්. ඒකේ සිංහල තේරුම තමයි  “ සබන් ”. Saponin ජලයේ දිය වෙනවා. ඒවාට මතුපිටින් අපිරිසිදු කොටස් සහ දුගඳ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. රෙදි සෝදන විට සබන් වෙනුවට ආදේශකයක් ලෙස මේවා භාවිතා කරනවා. (විශේෂයෙන් ළදරු ඇඳුම් සහ ස්වභාවික ඇඳුම්) තව ෂැම්පු ලෙසද භාවිතා කරන්න පුළුවන්.

මීට අමතරව, රන් සහ රිදී ,ඇඳුම් සහ අයිතම් යනාදිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් භාවිතා කරනවා.

මේ සබන් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

  • ගස් පෙනෙළ ගෙඩි කිහිපයක් ගෙන ( කැමති ප්‍රමාණයක්) පොතු ඉවත් කරගන්න
  • එම ගෙඩි වලට වතුර එකතුකර විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.
  • වතුර කහට පාට වුණාට පස්සේ ලිපෙන් ඉවත් කරලා ඒ වතුර ටික පෙරාගන්න.
  • ඊට පස්සේ එය නිවෙන්නට ඇරලා හොඳින් බීට් (බෙලෙන්ඩ්) කරන්න.
  • ලස්සනට පුළුන් වගේ පෙණ ගොඩාක් තියෙන ෂැම්පු එකක් හැදෙනවා .
  • මේක දැන් ශීතකරණයේ දාලා ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

හිසකෙස් ආශ්‍රිතව ඔබට තියෙන සියළු රෝගවලට මේක හොඳ බෙහෙතක්. කන්ඩිශනර් කළා වගේ තමා ඉතින්.

සබන් විතරක්ම නෙවෙයි. මේ ශකයේ ගුණ බොහොමයක් තියෙන්වා.

  • ගස් පෙනෙළ ගෙඩි වලින් සකස් කළ පෙණ දැවිලි ඇති වූවිට ආලේප කිරීමෙන් වේදනාව අඩු වෙනවා.
  • වමන, විරේචන, ගුණ ඇති නිසා බඩේ අමාරු සහ විවිධ පණු රෝග වලට යොදාගන්නවා.
  • රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හේතුවෙන් රක්ත දූෂිත රෝග සඳහා ගැනෙනවා.
  • කාස, ශ්වාස රෝග වලදී සෙම් ඉවත් කිරීමට යොදාගන්නවා.
  • සියලු විෂ වර්ග නැසීම සඳහා වමනකාරක් ලෙසත් භාවිතා කරනවා.
  • කුෂ්ඨ නාසන ගුණය නිසා කුෂ්ඨරෝග වලදී යොදාගන්නවා.
  • විශේෂම දේ තමයි මේවා ගස් පෙනෙල ශාකයේ ගෙඩි සබන්, ෂැම්පු වගේ පිරිසිදුකාරක සඳහා යොදාගැනීම.
  • කාලයක ඉඳලා රන්, රිදී භාණ්ඩ නිපදවන්නන් ඒවා ඔප දමන්න මේවා භාවිතයට ගත්තා.
  • ඔබට ගස් පෙනෙල ශාකයක එහි ගෙඩි හොයාගන්න පුළුවන් නම් රෙදි ෂැම්පු, සබන් සහ Hair Gel එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

ඉස්සර පැරැන්නන් නාන ලිං, තොටුපොළ වල් අසල මේ ශාකය වවා ගත්තා. ඒ, තම සබන් අවශ්‍යයතාවය පිරිමසා ගන්න. ඔයාලටත් ටිකක් හොයලා බැලුවොත් හම්බවෙයි. ලොකු ගානක් වියදම් කරලා කෘතිම සබන් ගානවාට වඩා මේ වගේ ස්වාභාවික දෙයක් වියදමක් නැතුවම භාවිතයට ගන්න එක හොඳයිනේ. එහෙනම් ඔන්න අද අපි කතා කලේ ඔයාලගේ පර්ස් එකට වාසි වෙන කතාවක්. මම හිතනවා හැමෝටම මේ කතාවනම් වටිවි කියලා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්