වොල්ගාගේ ජීවිතයේ අන්තිම වරට ගහපු අමුතු ටැටූ එක

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරය ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ගැන පසුගිය කාලේ සමාජයේ විවිධ අයුරින් කතාබහ ඇති වුණා. ඒ වොල්ගා සහ හර්ෂණගේ දික්කසාදය නිසා. කොහොම නමුත් ඔවුන් දෙදෙනා දැන් වෙන් වෙලා.

මීට අවුරුදු කිහිපයකට කලින් නම් පුංචි තිරයේ හොඳම පෙම් යුවල වුණේ වොල්ගයි හර්ශනයි. වොල්ගා පවසන්නේ ඔවුන් දෙදෙනා වෙන් වුණත් කිසිම තරහක් ඔවුන් අතර නැති බවයි. විවිධ කරදර බාධක බොහොමයක් මැද ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ ජීවිතය වෙන වෙනම නිවැරදිව දැන් වෙනකොට පවත්වාගෙන යනවා. ඉතින් ඒක අපිට සතුටට කරුණක්.

වොල්ගා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයව දැනට රූපවාහිනි නාළිකා කීපයකම අපූරු, එකිවෙකට වෙනස් වූ චරිත කිහිපයකින්ම අපිට දැක බලාගන්න පුළුවන්. ඇය රඟපාන චරිත ගොඩක් වෙනස්. උදාහරණයක් විදිහට ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවේ පාරදිගේ ටෙලි නාට්‍යයේ “ටුටූ ” කියන චරිතය වොල්ගා ඉතාම අපූරුවට රඟ දක්වනවා. ඇය එම චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා ඇගේ රංගන කුසලතාවන් දකින විට පැහැදිලි වෙනවා.

ඉතින් වොල්ගා ඇයගේ ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් ලියලා තිබුණා.

The last tattoo in My life… 

යනුවෙන් සටහන් කර තිබුණා. ඒ පෝස්ට් එක ඔයාලට මෙතනින් බලාගන්න පුළුවන්. –  volga kalpani s tatoo

පෝස්ට් එකට පහත ඡායාරූප අමුණා තිබුණා.


ඇගේ ජීවිතයේ අවසාන ටැටු එක ගැහුවා කියල තමයි සඳහන් කරලා තිබුණේ.
වොල්ගා ඇගේ වම් අතේ මාළුවෙක් වැනි අපූරු ටැටු එකක්ද. අනිත් අතේ මුදුගිල්ලේ ඉංග්‍රීසි අක්ෂර දෙකක්ද ටැටු එකක් විදිහට ගහලා තිබුණා.

මේ ටැටූ වලට වොල්ගාගේ රසිකයන් විවිද අදහස් පල කරලා තිබුණා. ගොඩාක් අය කියලා තිබුනේ ලස්සනයි කියලා තමයි.
ඉතින් මේ ටැටූ ගහන්න ඇයට විශේෂ හේතුවක් තියෙන්න ඇති. ඒ ගැන අපි තවත් දවසක කතා කරමු.

ඉතින් අපි අපේ ආදරණීය රංගන ශිල්පී වොල්ගා කල්පනීට සුභපතමු ඇගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්