මධු මාධව අරවින්ද සහ නිල්මිනි තෙන්නකෝන් කියන්නේ අපේ කලා ක්ශේත්‍රයේ ඉන්න ජනප්‍රියම යුවලක්. ඔවුන්ගේ විවාහ ජීවිතය කලකට ඉහත දෙදරා ගියත් අදටත් මේ දෙපලට ප්‍රේක්ශකයන්ගේ ආදරය නම් නොඅඩුව ලැබෙනවා. ඉතින් අදට යෙදිල තිබ්බ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් මධු මාධව අරවින්ද ඔහුගේ ෆේස් බුක් පිටුවේ ඉතාම සංවේදී සටහනක් එක්කර තිබුනා. එම සටහන පහතින්

ඉවර උන තැන අමතක කරමු
පටන් ගත්ත තැන් අමතක නොකරමු

එදා 1995 මැයි 5 වෙනිදා….
අද 2022 මැයි 5 වෙනිදා…..

අද මම නැගිට්ටේ අහස පුපුරන්න තරම් හයියෙන් කෙටුව අකුනු හඩකින්….

මට නැගිටුනා,,
සීනි බනිස් මගෙ අත උඩ නිදි….

මම ඇයට නොදැනෙන්න අත ගත්ත…
ඒත් ඇයට දැනුන…. පාන්දර මම නැගිටින එක ඇයට හුරුයි….

මම පහලට ඇවිත් ප්ලේන්ටියක් හදන් දොර ඇරිය මොකක්ද සුවදක් හොයන්න වගේ…

පාන්දරට එහෙම සුවදවල් තියෙනව හුලගෙ…

මට පිච්ච මල් සුවදක් ආවා…..
ඒක අපේ ගෙදර නුහුරු සුවදක්..

අපේ ගෙදර පිච්ච ගහක් නෑ….
මම පොද පොද වැටෙන අහස පාන්දර බලන්න හිතන් මිදුලෙ තියෙන දේවදාර ගහ යටට ගියා උනු ප්ලේන්ටිය අතේ තියන්…..

ඔව් අද වගේ දවසක මැයි පස් වෙනිදා උදේ මේ වගේම පාන්දර හතරට මම නැගිට්ටා…….

හැබැයි ඒ 1995 මැයි 5 වෙනිදා….

මේ වගේම නුහුරු සුවදක් එක්ක නැගිට්ටේ එදාත්…

ඒ නුහුරු ලස්සන දවසේ අපේ විවාහය ගල් කිස්ස හෝටලයේ සිදු වෙන්න නියමිතව තිබුනා.

ඔව් නිල්මිනිත් මමත් විවාහ උන් දවස…
අද වගේ දවසක්…

මන් ඒ හිතුවිල්ලේ ඈතට යද්දි….

එකපාරටම මගෙ හිතුවිල්ල නැවතුනේ…

තනකොල අස්සෙ හැන්ගිල හිටිය පොඩි මදුරුවෙක් මාව කෑව..

චටාස් ගාල පාරක් ගහන්න හිතුනත්.. ගැහුවෙ නෑ…

ලියන කාමරයට ඇවිත් අකුරු කරන්න ගත්තා……..

පලමු චායාරූපය 1992 මේ චායාරූපය පිනි බිදු නාට්‍යයේ….
ගීයක් ගයන දර්ශනයක්…

මේ ගීතයෙ පෙනී ඉන්න මමත් ඇයත්…

මේ නාට්‍යයේ සංගීතා කල අතුලත් සමිතත්

ජීවිතයේ ආදරනීය පරිච්චේද විවාහ වෙලා ලිව්ව…

ආදරනීය පරිච්චේද ලියන්න විවාහ වෙන්න ම ඕනෙ නෑ.
කල්පනාවකට වැටෙනකොටම,

අර මදුරුව ආයෙත් මගේ මතකය නැවැත්තුව පොඩ්ඩක් විදල….

මම මැ$රුවෙ නෑ…

ආයෙ ලියන්න ගත්තා….

ඔව් ඒ ආදරනීය කතාවත් සුරංගනා කතාවක් වගේ…..

සුරංගනා කතා එකෝමත් එක රටක කියල පටන් ගත්තත්, ඉවර වෙනවා……

ඒත් අපිට ඒවා පටන් ගත්ත හැටි මතකයි….

ඔව් එදා ඇය හරිම ලස්සනයි…..

95 මැයි 5 ත් ගල්කිස්ස මුහුද ඈතින් කැලබෙනවා.
ගල් පර වල් වැදිල පුන්චි මුහුදු වතුර බිංදු… හුලගට සීතලක් ගෙනෙනවා…

මුහුදු හුලග එක්ක හෝටලයේ වායුසමීකරණ වලින් එන සීතලට කෑම සුවද වගේම සුවද විලවුන් සුවද එකතු උනාම… එතන අමුතු උත්සව සුවදක් තියෙනවා…..

මම පිච්ච මල් ගහපු පෝරුවක…….
පිච්ච මල් සුවද හුරු කලේ ඇයයි මට…
විවහ වෙන්න කලින් රාත්‍රියක…

මට කලන්තෙ දායි කියල යාලුවො විහිලු කරපු එකට ආපු බය වලක්වගන්න, මම මුකුත් කලේ නෑ…
මොකද ඒ වෙනකොට අවසන් උන ආදර කතා වල් සියල්ලම නිම වෙලා තිබ්බෙ.
පෝරුවක් නොතිබ්බට ඒවත් මංගල්‍යය තමා ලෝකෙට මනමාලි නොපෙන්වපු…..
හැම ආදරයක්ම මලක් වගේ සුවදයි..පර උනත්..

මම පෝරුව උඩ හිටියට මුලු ශාලාවම බලා හිටියෙ ශාලාවෙදොරටුව දිහා…….

එතෙක් මගෙ ජීවිතයේ දැකපු ලස්සනම මනමාලි…

මගේ ගාවට ඇවිද ගෙන එන දර්ශනය ,
මට ගෙනවේ පිච්ච මල් සුවදක්මයි…

එහෙම නම් දන්න මල් තුනක්, රටම දන්න කතාවක මට කියා දුන්නේ ආදරය,

ඒ හැම කතාවම සුරංගනා කතාවකට වඩා ලස්සනයි……

ඉතිං, සුබපතන්න බෑ සුබ විවාහ මංගල්‍යයක් කියල….

ඒත් කියන්න පුලුවන්… ඒ මතකය ට්ගවම හුස්ම ගන්නව කියල…..

ගැහැනු කියන්නේ මල්… ජාතියක්….
ලෝකෙම ලස්සන කල සුවද කල….

පිරිමි කියන්නේ බබරු ජාතියක් නෙවෙයි…

තාප්ප ජාතියක් ගැහැනුන්ගෙ ආදරෙන් බැදපු..

ඒ මහා හයිය තාප්පෙ හැදුනෙ අම්මගෙ , පෙම්වතියන්ගෙ, බිරිදගෙ, දෝනිගෙ, සොයුරියගෙ , මිතුරියගේ ඕලාරික ආදරය ලේ @$ එක්ක පපුව එක්ක මිශ්‍ර කරල….

ඒ පිරිමි තාප්පෙ හැම ගලක්ම බදාම දාල තව හයිය කලේ ගැහැනියක්, ආදරනීය ඕලාරික ස්ත්‍රි ලි#ගයක්……

ඒ තාප්ප බැදුනේ තාත්තගෙ ,පුතලගෙ ,සොයුරන්ගෙ මිතුරන්ගෙ ගැහැනියට ගරු කරන ගඩොල් වලින්….

එහෙම් තාප්ප හරි හයියයි…..

දවසක කෑ ගහල අපහාසකරත්…
අත් දෙකෙන්ම ඒ තාප්පෙට ගැහුවත්…

ඒ පිරිමි තාප්පෙට රිදෙන් නෑ…
ඒ පිරිමි තාප්ප ගැහැනුන්ට අපාහාසකරන් නෙත් නෑ තැන තැන….

මොකද පිරිමින්ට ඉපදෙන්න බෑ වගේම තාප්ප හදන්න බෑ ගැහැනු නැතිව…..

ආදරනීය ස්වේතගෙ අම්මේ…..

ඔබයි මමයි හදපු තාප්පෙ අපි මිය ගියත් සුවදයි…

අපිට බැරි උනා තමා අපෙ කතාව ඉවර කරන්න…

අම්මල තාත්තල අවසර දුන්න දා බෙල්ලන් විල යනකොට අපි පිච්ච මල් ගත්තා.

ඉතිරි සල්ලි වලට දුන්න රුපියල් දෙකේ මම පනිවිඩයක් ලියල දුන්නඇයට.
ඒ රුපියල් දෙක තවම ඔයා ගාව ඇති…

ඇති නෙවෙයි තියෙනව..🙏

අපිට බැරි උනා නෙ ඒක පංසලට පූජාකරන්න…

අපි වෙන් උනෙත් එක් උනෙත් ගල් කිස්සෙ..
ගල් කිස්සෙ හෝටලය ගල් කිස්සෙ උසාවිය.

සමහර ගීත වලට අපි රූප රචන දුන්න….

මේ නගරය මා ඔබ එක්කරපු වගේම වෙන්කරපු නගරයයි වගේ ……

අපි වෙන් වෙන දා ගල්කිස්ස උසාවියෙ ඉදල මම ගියෙත් බෙල්ලන් විල, ඔබ ගිහින් තිබ්බෙත් බෙල්ලන් විල…

එකම් පිලිමෙට දෙපැත්තෙ ඉදල අපි වැදල් යන්නම් ගියා.. ආයෙත් මැ@රෙනකම් ඒහමු උන් විදිහට් හමු නොවෙන්න…

එදා අපිව ආයෙත් මුන නොගැස්සුවෙ බුදු සාදු ඔය රුපියල් දෙක පූජා නොකරපු නිසා නෙවෙයි…..

අපේ පූජාව ඉවර වෙලා තිබ්බ නිසා….

ඉතිං ඔබ ගැහැනියක්…. මලක්
මම පිරිමියෙක්…. තාප්පයක්….

මම තරහ නෑ කියපු කිසි දේකට…..

කාට ග%හන්නද ඔබ…
කොහෙ ඔලුව ගහ@ගන්නද ඔබ..
මොකට පයින් ග#හන්නද ඔබ…
මොකට කෙල ග@හන්නද ඔබ…

ඔබට ජීවිතයේ ලොකුම හෙවන දුන්න පිරිමි තාප්පෙට මිසක…..

ඉතිං තනි හිතුනම, දුක හිතුනම, පාලු හිතුනම ගහන්න….
අත ගාන්න…
ඇවිදින්න…. ඒ තාප්පෙ තරහ නෑ….

රාගම රෝහලේ පන අදිනකොට
ලීසන්ස් අදිපති මා මිත්‍ර සමන්, එක්ක ගිහින් වීදුරු කඩල ඇදුම් අරන් සමන්ට වාහනේ එලවගන්න බැරි තර්ම් කෑ ගහල අඩල, ෆැක්ටර් 8 එන්නත අරන් රාගම දෙවනත් වෙන්න කෑ ගහල අඩ අඩ ආවෙ මම නෙවෙයි…

ඒ ස්වේතගෙ තාත්තා….

එදා මම රෝහලට එනකොට මගෙ පස්සෙන් මගේ උන් ඇවිත් ඔබට තොටිල්ලක් හැදුවෙ රාගම…

මම නෙවෙයි ඒ ස්වේතාගෙ තාත්තා…

ඔබ ලෝකෙ හිටිය හොදම අම්මා කියල කිව්වෙ මම නෙවෙයි ඒ ස්වේතගෙ තාත්තා….

එහෙනම්.. නිරෝගී සුව….
මටත් වඩා බොහෝ කල් ජීවත් වෙන්න…

කිසිම මිනිහෙක් ගැහැනියක් තවත් වැරදුන, පැරදුන ආදරනීය කතාවකට අපහාස නොකරත්වා……

දික්කසාදය තව ජ#න්ගි බාග පිරිමියෙක්ට, මුස්පේන්තු අදෝනා ගැහැනියෙක්ට මිසක් කිසිවෙක්ට තලු මර මර නටන්න තරම් නැටුමක් නෙවෙයි… ඒක් ඉවසන්න බැරි බැරි වේදනාවක්…

මිනිස්සු ගෑනු අමාරුවෙන් ඉවසපු….

මගේ පැතුම එහෙම වෙන්න එපා කාටවත්…
එහෙම උන උන්ගෙ කතාවෙ කවුරු හරිද කවුරු වැරදිද හොයන්න එපා.. කවුරුත් දින්නෙ නෑ…

උ@න් පැරදුනා…..

ඒවට හේතු හොයන
ඒවට අපහාස කරන හැමට….

කියන්න තියෙන්නේ…. ඔබට එහෙම වෙන්න එපා.. මොකද එහෙම් හේතු හොයන් කුනු හිත් වලට කොහොමත් ඒ වගේ දෙදරීම් දරා ගන්න බැරි වේවි….

ඉතිං නිල්මිනි,

එහෙනම් අපි ලෝකෙට ලස්සන කතාවක් ලියන්න , පුදන්න පටන් ගත්තා අපිට ඒක් ඉවර කර ගන්න බැරි උනා…..

ඉවරඋන විදිහ හොයන්න ඕනෙ නෑ…
ඒක අමතක කරමු….

පටන් ගත්ත විදිහ අමතක නොකරමු….

කවපු බත් කටක් ගානේ
බොන්න දුන්න වතුර උගුරක් ගානේ
දුන්න ආදරයක් ගානේ
මිශ්‍ර කරපු ලේ# බිංදුවක් ගානේ
අපහාස කරපු පුන්චි අපහාසයක් ගානේ

මතක තියා ගත්තේ එකයි…..

ඔව් ඒක ලස්සන්ට පටන් ගත්ත සුරංගනා කතාවක්…..

ඉවර කරන්න බැරි උනාට , ඒ කතාවේ ස්වේතගෙ අම්ම ඔබ. ලෝකෙ හිටිය හොදම අම්මා….

ඔබට දීර්ඝායුෂ ලැබේවා….

ආයෙත් මදුරුව වැහුව මගෙ අතේ…..

මේ පාර මදුරුවට මම සමුදුන්න…
චටාස් ගාල….

සමුගත් විදිහ නෙවෙයි වැදගත් සමරන්නනම් ජීවිතය….

පටන් ගත්ත විදිහයි.

මම අයෙත් කාමරයට ආව….

ඇය තවම නිදි….

මන් ඇයව තුරුලු කර ගත්තේ…..

මිනිහෙක්ට ඇත්තක් කියන්න ,ලියන්න , හිතන්න දෙන්න නම් ගැහනියකට ආදරනීය පපුවක් තියෙන්න් ඕනෙ…

ජීවිතේ කොච්චර ලස්සනද.

මම ජීවිතේ වැඩියෙන්ම අදරේ කරන , ලස්සනටම දැක්ක මනමාලි , කිසිම ගැහැනියකට අපහාස නොකරපු මගේ සීනි බනිස නිදි..

ඇයව නැගිට්ටල මා කියනව අද වගේ දවසක මන් 1995 මැයි පහ දැක්කෙත් එවකට ලෝකෙ හිටිය ලස්සනම මනමාලිව කියල….

අද මැයි පහ කියල……

ඇය කියයි” අක්කට කතා කරන්න ” කියල…

මම කියන්නම් කතා කරන්න ඕනෙ නෑ..
ඔයාගෙන් අහන් නැතිව ඒක ලෝකෙටම පෙනෙන්න මන් ලිව්ව කියල…

Face බූක් එකේ.

ඇය කියයි ….
මට..” හොද මහත්තය කියල…..”

ඉතිං, මේ සටහන ලිව්වෙ……
ස්වේතගෙ තාත්ත නෙවෙයි…

ජීවිතේ කියවගන්න…
උත්සාහ කරන…

ජය ,පරාජ, ආදරේ ,අනාදරේ, දුක සැප, හොද නරක , මේ ඔක්කම එක්ක ජීවත් වෙන,

තියපු පියවරවලට අපහාස නොකර….

තමන්ට ආදරයක්
තමන්ට ජීවිතයක්
තමන්ට හෙවනක්

නැති කාලෙත්…..

අනුන්ගෙ ජීවිත් වල කුනු හොයපු නැති
ආදර්නීය මිනිස් තාප්පයට පනිවිඩයක් ලෙසටයි…

ඔව් කියවන ඔබත් මගේ තාප්පෙ ගලක්…

මගේ යායෙ මලක්…

මෙන්න බලන්න තවත් පුවත්