අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ඉතාමත් සුරූපී ඒ වගේම නිරන්තරයෙන් කතාබහට ළක්වන ජනප්‍රිය චරිතයක් තමයි යුරේනි නොෂිකා කියල කියන්නේ.

යුරේනි නොෂිකා මෙරට කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම, නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇයට මේවෙද්දී විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

01.

02.

ඒ කොහොම වෙතත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී අදහස් දක්වපු යුරේනි කියන්නේ මේ දිනවල චිත්‍රපටයක රූගත කිරීම්වලට ලැහැස්ති වෙනවා කියලයි. ඒ වගේම මේක ලංකාවේ කරන පළවැනි ෆැෂන්, ඒ කියන්නේ විලාසිතා ෆිල්ම් එක කියලයි ඇය පවසන්නේ.

“මගේ නම නිතරම විලාසිතා එක්ක රැඳුන නමක් නිසා මට හරි සතුටුයි. . කුඹියෝවලින් පස්සේ මම ටෙලිනාට්‍ය වල රඟපෑවේ නැහැ .

නමුත් මේ අවුරුද්දෙ චිත්‍රපට, ටෙලි නිර්මාණ, මියුසික් වීඩියෝ ඇතුළු වැඩ කීපයකටම දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අද ලෝකය  ඉතා දියුණු තාක්ෂණයකට ගිහින් .”

ඒ විතරක් නොවෙයි එදා දැකපු චිත්‍රපට නෙවෙයි අද තියෙන්නේ කියල කියන යුරේනි කියන්නේ සියල්ල ඇත්ත වූ දේ තමයි පෙන්වන්නේ කියලයි.

මේ අතර ලෝකයේ සත්‍ය සිදුවීම් ඒ විදියට පෙන්වන්නට නම්, ඒ නිර්මාණවලට අදාළව තාත්වික යථාර්ථය තියෙනවා කියල කියන ඇය කියන්නේ ඒත් ලංකාවේ අපේ සමහර අයට තාමත් ගැහැණු ළමයකුගේ කකුල් දෙක දැකීම මැජික් එකක් කියලයි.

ඉතින් කොහොමද අපේ සිනමාව මෙතැනින් එහාට යන්නේ කියල අහන යුරේනි කියන්නේ මේ ක්ෂේත්‍රයට මම ආවෙම මඩකාගෙන කියලයි.

03.

04.

“එදා කිඳුරංගනා රඟපාද්දී මම ඇන්දේ කොටට. ඊට පෙර ලංකාවේ ටෙලිනාට්‍යය වල එච්චර කොටට ඇඳලා තිබුණ නැහැ .

ඉතින් එදා මම කල ඒ චරිතය විදියටම තමයි පත්තරවල ෆොටෝෂූට්වලට ටීවී ඉන්ටර්විවලට ගියේ . ඒක මට ලොකු දෙයක් වුණේ නැහැ .

ඒ සාමාන්‍ය ජීවිතයේදීත් මම අඳින පළඳින විදිය ඒ වගේ නිසා . මම නැව ගිලුණත් බෑන් චූන් විදිහට ඉන්න චරිතයක් කියලයි පවසන්නේ.”

05.

06.

මිනිස්සුන්ට ප්‍රශ්න කරදර එනවා කියන එක කාටත් පොදුයි කියල කියන ඇය කියන්නේ ඒ නිසා ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ගියොත්, අපට ජීවිතේ විඳින්න ලැබෙන එකක් නැහැ කියලයි.

මොන ප්‍රශ්නය ආවත් මම සතුටින් ඒ මොහොත තුළ ජීවත් වෙනවා කියල කියන යුරේනි කියන්නේ මේ ගෙවී යන සෑම තත්පරයක්ම ආයෙත් ලැබෙන්නේ නැහැ කියලයි.

ඒ වගේම මට ලැබිලා තියෙන දේවල් එක්ක ජීවිතය සෑම තත්පරයකදීම සතුටින් ගෙවනවා කියල කියන ඇය කියන්නේ විවාහය ගැන මම හීන දකින කෙනෙක් කියලයි.

“මම විවාහය ගැන විශ්වාස කරන කෙනෙක් .විවාහය දික්කසාදයකින් කෙළවර විය යුතු දෙයක් නෙවෙයි .

ඒ නිසා හරි කෙනෙක් මගේ හිතට දැනෙන කෙනෙක් මගේ ගමනට බා@ධා නොකරන කෙනෙක් කවදාහරි මට ශක්තියක් වේවි කියල මම හිතනවා .

ඒ වගේම මගේ සාර්ථකත්වය තියෙන්නෙම නිදහස එක්ක. කූඩු කරන්න හැදුවොත් ඒක අසාර්ථකයි “.

ඒ විතරක් නොවෙයි යුරේනි නොෂිකා කියනවා කවදාවත් පිරිමියෙකුගෙන් කාලාබීලා ඇඳලා ඉන්න මම කැමති නැහැ කියල . මගේ ඒ සියලු දේ වටහාගන්න සහ මගේ ජීවිතය තව තවත් සාර්ථක කරගන්න උදව් වන කෙනෙක් මට හමුවේවි කියල හිතනවා කියලයි පවසන්නේ.

07.

08.

ඒ වගේම යුරේනි අවසාන වශයෙන් කියා සිටියේ ස්වාමියාගෙන් ලැබිය යුතු මූලික යුතුකම් ටික හැර එයාගෙන් මුළු ලෝකයක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි කියලයි.

ඉතින් අපි ඇයගේ ගමනට සුභ පතන අතර ඇගේ සියලු පැතුම් ඉශ්ඨ වෙන්න කියල සුභ පතනවා.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්