අද වන විට අපේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් සිනමාවටත් විශාල මෙහෙයක් කරපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලිකා මාරපන කියන්නේ.

ඇය පසුගිය දවසක ජනතාව විසින් මෙහෙයවන රටේ ව්‍යාකූල තත්වය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාවයට එකතු වුණා.

දූෂණ වංචා කරපු බොහෝ දේශපාලනඥයන්ට දුලීකා ප්‍රසිද්ධියේම විවේචන එල්ල කළා. ඒ එක්තරා අවස්ථාවකදී දේශපාලනඥයෙක්ගේ නමක් සමග අතුල කියන නම ඈඳා ප්‍රකාශයක් කරනවා.

ඊට පස්සේ මේ ප්‍රකාශයට බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරපු අතර සමාජය ගොඩක් දෙනෙක් මේ ප්‍රකාශය විවිධ ආකාරයෙන් මඩ ගැසීම් වලට යොදා ගත්තා. අන්න ඒ හේතුව මත කාවින්ද්‍යා අධිකාරිත් පසුගිය දවස්වල මේ ප්‍රකාශයට විරුද්ධව ඇගේ මුහුණු පොත හරහා සටහනක් සඳහන් කර තිබුණා.

මේ සියලුම දේවල් මත දුලීකා මාරපන මේ සිදුවීම පිළිබඳව සලකා බලා ඇය අතින් යම් කිසි වරදක් සිදු වූ බව සඳහන් කරමින් මුහුණු පොතේ සටහනක් එකතු කරනවා. ඒ විදිහට ඇය ඉදිරිපත් කරපු ඒ සටහන පහතින් උපුටා දක්වා ඇත.

 

” මාගේ ආදරණීයයන් කිසිවකුගේ සිතරිදවීමට හෝ අපහාස කිරීමට උවමනා වක් නැත .

යමෙකුගේ සිත රිදුනා නම් සමාවෙන්න

නමුත් ජොන්ස්ටන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය මා එක හෙලා විරුද්ධයි . මන්ද ඔහු සිතා සිටිනවා නම් මේ ජනතා අරගලය මර්ධනය කිරීමට , ආයුධවලින් , ඔහුට කියන්නට ඇත්තේ ඔහුත් මේ රටේ සිරගත කල යුතු තවත් එක දූෂිත , අමන ,වංචාකාරී දේශපාලකයෙක් කියාය.

ඉතිහාසයේ පටන් මැර බලයෙන් ජනතාව සමග ගනුදෙනු කිරීම ඔහුට පුරුද්දක් ඇති බව රටම දනිමු .සතොස හොරකම් වංචාවන් අපි හොදින් දනිමු. කුරුනෑගල රෙසවේශන් ඉඩම් වලට වගකිවූවන්ද අපි දනිමු .

කුරුණෑගලට නොගිහින් තවමත් කොළඹ city hotel නතරවී සිටින්නේද එනිසාය.

නිවෙන්නට ආසන්න වූ කල පහන්දැල්ල වේගයෙන් නටන්නා සේ වියරුවෙන් දගලන කැනහිලුන් අපි උත්තරීතර පාර්ලිමේන්තුවට යැවීමේ ප්‍රතිපල අපි භුක්ති විදිමු.

බලයට තන්හාවෙන් කෑදරකමින් නිධානයට අරක්ගත් කුම්භාන්ඩයත් මෙන් තවමත් මෙය අත්නොහැර සිටින්නේ , මෙහි වරප්‍රසාද වරදාන කෙසේ ඇත්දැයි උපකල්පනය කරන්නට වත් අපිට නොහැක .

මේ රට ගොඩගන්න කොටින් ගෙන් ගත් රත්තරං හා ආයුධ විකුනූ මුදල්ම ප්‍රමානවත්ය . ඒවා අල්ලන කොට කීවේ රටේ සංවර්ධනයය යොදනවා කියාය.

නමුත් අවසානයේ රට අගාධයෙන් අගාධයට යනතුරු දේශපාලුවෝ හාල් ගැරුවෝය .

නාසය ලගට වතුර එන තෙක් අපි බලා සිටියෙමු….”

මේ ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව ඇය කමෙන්ට් එකක් වශයෙන් ද ඒ සඳහා සමාව ඉල්ලා තිබුණේ පහත ආකාරයටයි.

” සමාවෙන්න , අපහාස කිරීමක් නැත . අතුලලා යන්නෙන් අදහස් කරේ මේ සමස්ත සමාජයම ජොනී ගේ පාදඩ කතාව හෝ තර්ජනයන් ඉවසන සමාජයක් නොවනබව . ඔහු සමාජය මර්ධනය කරන්නට හෝ ජනතා අරගලයට පහරදෙනවා යැයි කීම සම්බන්ධව

මා කල ප්‍රකාශයක් . ඔහු හිතනවා නම් මේ සමස්ත සමාජය ඔහුගේ කෙනෙහිලි කම් ඉවසනවා කියා එය විහිලුවක් .

අර්ථය නිවැරදිව තේරුම් ගන්නට හැකිනම් ඉතා යහපත්”

කෙසේ නමුත් බොහෝ දෙනෙක් මේ සඳහා විවිධ අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

copied.

මෙන්න බලන්න තවත් පුවත්