ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ඉතාම ජනප්‍රියත්වයට පත් ප්‍රසංග වේදිකාව තුළ අපට නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන දක්ෂ වගේම  නිහතමානී ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියල කියන්නේ.

කුඩා කාලයේදීම ප්‍රසංග වේදිකාවට ගොඩවෙන ශානිකාට වේදිකාව කියල කියන්නේ නුපුරුදු තැනක් නොවෙයි

ප්‍රසංග වේදිකාව තුළ නිරන්තරයෙන් අපට දැකගන්නට ලැබෙන මේ දක්ෂ ජනප්‍රිය ගායිකාව අපට හැමදාමත් තමන්ට ආදරේ කරපු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙනී හිටින කෙනෙකු හැටියට හදුන්වන්න පුලුවන්.

කෙසේ නමුත් මේ ජනප්‍රිය ගායන ශිල්පිනිය ගැන කතා කරනවානම් ඇය මේවෙද්දී ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්.

සිය දරුවන් දෙදෙනා සහ සැමියා සමගින් සුන්දර ජීවිතයක් ගත කරන ශානිකා වනිගසේකර පහුගිය දවසක වර්තමානයේ රට තුළ පැන නැගිලා තියෙන තත්වය වෙනුවෙන් කතා කරන්නත් ඉදිරියට ඇවිල්ල තිබුණා.

ඒ නිසාවෙන්ම ඇය පහුගිය දවසක රූපවාහිනි නාලිකාවකට සම්බන්ධ වෙමින් රට ගැන කියවෙන හරිම ලස්සන සංවේදී ගීතයක් ගායනා කරනවා.

ඒ අවස්තාවේදී ඇය අපි හැමෝම වගේ ආදරය කරන ” මේ රට මගෙ රට මා ඉපදුනු රට” කියන ගීතය ගායනා කරන අතර ඒ අතරතුර ශානිකා අතිශය සංවේදී වෙමින් හඩනවා.

ඊට හේතුව මේවෙද්දී අපේ රට පත්වෙලා තිබෙන සෝචනීය තත්ත්වය විය හැකියි. ඒ කොහොම වෙතත් මෙම වැඩසටහනට පැමිණි දමිතා අබේරත්න ඇතුළු කලාකරුවන් පිරිසක් ඇගේ වටේට එකතුවෙලා ඇගේ කදුළු පිස දැමුවා.

ඇත්තෙන්ම මේ අවස්ථාව හරිම සංවේදී අවස්ථාවක් බවට පත්වුණා. ඉතින් මේ විදිහට ගීතය ගායනා කළ ශානිකා වනිගසේකර සදහන් කරන්නේ මේ ගීතයට ඇය ගොඩක් ආදරේ කරන බවත් ඒ නිසාම ඒ ගීතය තෝරා ගත් බවයි.

ඒ වගේම ඇය පවසනවා  මේ රටේ ඉන්න බැරි නිසා දරුවන් සහ ආදරණිය සැමියා සමඟ විදේශගත වෙන්න පවා හිතපු වාර අනන්ත තිබුණා කියලත් .

මේ අතර ශානිකා සඳහන් කළේ ඇය මේ ලංකාවේ ඉපදුනා නම් ඇයට හිමි මේ රට විතරයි කියලයි. තවද මේ රට දාල මම කොහෙවත් යන්නේ නැහැ කියන ඇය පවසන්නේ කොහොම හරි මේ රට රැක ගන්නවා කියලයි.

ඒ වගේම ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවෙලා අද වන විට කරන මේ අරගලය වෙනුවෙන් ඇය හදවතින්ම සතුටු වෙනවා කියලත් ඇය පවසා සිටියා

ශානිකා වනිගසේකර කියන මේ ජනප්‍රිය ගායිකාවට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

මෙන්න බලන්න තවත් පුවත්