ලංකාවේ අපේ සංගිත ක්ෂේත්‍රයේ අති දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ කියල කියන්නේ.

ඇත්තෙන්ම ඇය මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනස්ම මාවතකට ගෙනගිය චරිතයක් ලෙස හදුන්වන්න පුලුවන්.

විවිධ භාෂාවන් රැසකගෙන් ගීත ගායනා කිරීමේ සුවිශේශී හැකියාවක් ඇති ඇය මෑතකදී ගායනා කල ‘මන්දපමා’ ගීතය මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

01.

ඉතින්මේ ජනප්‍රිය ගායන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු කතාබහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

” ඇත්තම කියනවනම් ගොඩක්ම කාර්යබහුල කාලයක් මේක, පහුගිය දවස්වල ප්‍රසංග කිහිපයක්ම තිබ්බා. ඕස්ට්‍රේලියාවේ ගිහින් සති කිහිපයක්ම ඉඳලා තමයි ආවේ.

ඒ වගේම මගේ ‘නානේ’ ඇල්බම් එකේ වැඩ ටිකකුත් තියෙනවා. ඒවත් එක්ක ගොඩක්ම කාර්යබහුලයි. වෙන විශේෂ දෙයක් නෑ.”

මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 17කට වඩා වැඩියි . මගේ කලා ජීවිතේ ගැන ආපස්සට හැරිලා බැලුවම ඇත්තටම මට සතුටුවෙන්න පුළුවන් කාරනා ගොඩක් තිබෙනවා .ඒ ගැන හිතෙද්දීත් ගොඩක් සතුටුයි .

කොහොමහරි ඉතින් සුබ කාල වගේම අසුබ කාල පහුකරගෙන තමයි මම මේ ගමන ආවේ කියල කියන උමාරියා කියන්නේ අසුන්දර තැන් ගොඩක් වගේම සුන්දර තැන් රැසකට මම මගේ ජීවිතේ මුහුණදීලා තියෙනවා කියලයි.

02.

03.

 

උමාරියා කියන්නේ ඇයට අපේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි කියලයි.

ඒ වගේම ලංකාව කියන්නේ සුන්දර මිනිස්සු ජිවත් වන රටක් බව පෙන්වා දෙන ඇය කියන්නේ ලංකාව කියන්නේ මගේ මහගෙදර කියලයි.

ඉතින් ඒ නිසාවෙන් මේ සුන්දර රට දාලා යන්න මම හීනෙකින්වත් හිතන්නේ නැහැ කියල කියන උමාරියා සිංහවංශ මගේ රටේ මිනිස්සු ගැන මට තියෙන්නේ හරිම වේදනාවක් කියලයි පවසන්නේ.

ඒ විතරක් නොවෙයි කවුරු ගියත් මම මගේ මවු රට දාලා වෙන රටකට කීයටවත් යන්නේ නැහැ කියන ඇය කියන්නේ ප්‍රංශ ජාතිකයෙක් උනත් දමිත්‍රි දැන් පදිංචි වෙලා ඉන්නේ ලංකාවේ කියලයි.

සැමියා ඉන්න තැන තමයි මගේ ගෙදර කියල කියන ඇය පවසන්නේ මට වඩා ලංකාවට එයා ආදරෙයි කියලයි.

04.

05.

ඇය කියනව අවුරුදු හතරක් අපි විවාහ වෙලා, මාත් ආස දරුවෝ ලබල සතුටින් ජීවත් වෙන්න කියලයි.මම දරුවන්ට හරිම ආසයි . දරුවොත් එක්කම ඉන්න අම්ම කෙනෙක් වෙන්න මමත් ආසයි කියලයි කියන්නේ.

ඉතින් ඒ විදිහට අදහස් දක්වපු උමාරියා අවසාන වශයෙන් කියා සිටියේ ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ වෙලාවට දේවි, ඒ බලාපොරොත්තු ඒ කාලය අනුව ඉටු වේවි කියලයි.

කොහොමහරි මේ විදිහට අදහස් දක්වපු ඇයට ඇගේ ජිවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ලැබේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව.

මෙන්න බලන්න තවත් පුවත්