අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල බොනිකරු තරු, බන්ධනා, අමරබන්දු රූපසිංහ, හාට් කාට් වැනි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඇය මේ වෙනකොට ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවාලු. ඒ වගේම ඇයට ගොඩක් කාලෙකින් බන්ධනා හරහා සීරියස් චරිතයක් කරන්න ලැබුණා කියලයි ඇය කියන්නේ. ඇයට කාලයක්ම වෙන් වෙලා තිබුණේ කොමඩි චරිතවලටලු. ඉතින් ඇයව වෙනත් විදිහට දකින්න බුද්ධිනි ජයවර්ධන බන්ධනා හරහා කරපු උත්සාහය සාර්ථකයි කියලා ඇය හිතනවාලු.

ඒ වගේම බන්ධනා ටෙලි නාට්‍යයේ රන්දනා කියන්නේ ඇය බොහොම ළඟ ගෑස්ති වෙලා දායක වුණු චරිතයක්ලු.

ඉතින් ඒ වගේම බොනිකරතරුවලට ඇයට ආරාධනා කලේ රවි අයියාලු. කොහොම නමුත් දනුකයි ඇයයි බැන්දා කියලා සමාජ මාධ්‍යවල කවි ගී ඇතිවෙන්න ලියවුණා කියලත් ඇය කියනවා. ඉතින් දැන් බොනිකර තරු එකේ සුනේත්‍රාට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයිලු. ඉතින් බොනිකර තරු හරහා අපි සැනසුනා නෙවෙයි වෙන අය සැනසුවා කියලයි ඇය නම්කියන්නේ.

ඒ වගේම ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ලස්සන වෙන්න ආදරේ ඕන කියලත් ඇය කියනවා. හැබැයි වැරැදි ආදරයක් ජීවිතේට ඇවිල්ලා ජීවිතේ නැත්තටම නැති වෙනවට වැඩිය තනියෙන් ඉන්න එක හොඳයි කියලා ඇයගේ ජීවිතේ මූණ දෙන්න සිදුවුණු සිදුවීම් එක්ක ඇයට දැනිලා තියෙනවාලු. මොකද අද ඇය ඇයගේ අම්මයි තාත්තායි එක්ක හරිම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්නවාලු.

ඉතින් විවාහය කියන තැනදි සමහරු සහකාරියක්, සහකරුවෙක් සොයා ගන්නේ නමට නැත්නම් දේපළවලට කියලයි ඇය කියන්නේ. එහෙම නැත්නම් ඒ වටපිටාවට අද විවාහය ඇතුළේ තියෙන තේරුම් ගැනීම් ආදරය කියන දේ ජීවිතවලින් ගොඩක් ඈතට දුවලා ඉවරයි කියලත් ඇය කියනවා. ඉතින් ඇත්ත ආදරයක් හොයන්න හරිම අමාරුයිලු.

ඒ නිසා ඇයට නම් සුපුරුදු තනිකම හොඳයිලු. ඉතින් ඒ වගේම ජීවිතේ පසුතැවීම් දුක, වේදනාව හොඳට දැනුණු ඒවා උපරිමයට දරාගන්න ගැහැණියක්ලු ඇය. ඉතින් ඒ හැමතැනින්ම ඇයට නැගිටින්න ශක්තිය දුන්නේ ඇයගේ අම්මාලු. ඒ වගේම ජීවිතේ මූණ දෙන්න වුණු සමහර දේවල් ගැන දුක් වෙනවා වුනාට කවදාවත් මනසින් කඩා වැටෙන්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ. ඉතින් ඇයගේ අනාගතයට අපිත් සුබ පතනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්