මම මිරිහානෙදි පැටලිලා වැටුනෙ නෑ..  – කෝකිල පවන් ප්‍රථම වතාවට ඇත්ත සිදුවීම ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කරයි..

මම තිස් එක් වෙනිදා.. මම ප්‍රථම වතාවටයි මේක කියන්නේ. මෙච්චරයි කියන්න තියෙන්නේ මම පැටලිලා වැටුනේ නැහැ..

කෝකිල පවන් කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම ජනප්‍රියයි. නමුත් ඔහු මෑත කාලයේ දී වඩාත් ජනප්‍රිය වුණේ රංගන කටයුතු නිසාම නොවෙයි. තමන්ගේ රට ගැන ඔහුගේ හදවතින්ම නැගුණු ආදරණීය වේදනාව, රට වැසියන් ගැන ඇති කැක්කුම අරගල භූමියටම රැගෙන යාම එයට හේතුවක් වුණා. අපිත් දන්නවා අපේ රට මේ වන විට බොහොම අසීරුතාවයකට මුහුණපාලා තියෙන්නෙ කියලා. ඒ වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කිරීමට ඉදිරියට පැමිණි කලාකරුවන් අතරින් කෝකිල පවන් කියන්නේ විශේෂ අරගල කරුවෙක්.

පසුගිය දවසක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක පැවති සජීවී වැඩසටහනකට කෝකිල පවන් පැමිණියා. එම වැඩසටහනට තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින, තමන්ගේ රට වෙනුවෙන් හඬ නගන තවත් කලාකරුවන් කීපදෙනෙකුත් පැමිණ සිටියා. එම වැඩසටහනේදී, පැමිණ සිටි සියලු කලාකරුවන් තමන්ගෙ රට පිළිබඳව තමාගේ හිතේ තිබුණු අවංක අදහස් නොපැකිලිව ප්‍රකාශ කළා. ඒ අතරතුරදී තමයි කෝකිල පවන් ප්‍රථම වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයේ අරගල භූමියේදී ඔහුට සිදු වූ සත්‍ය සිදුවීමක් හෙළිදරව් කළේ.

පසුගිය මාර්තු 31 මිරිහාන ප්‍රදේශයේ රාත්‍රියේ දී විරෝධතාවක් පැවැත් වුණා ඔබට මතක ඇති. මේ විරෝධතාවයට ජනප්‍රිය රංගන ශිල්පී කෝකිලත් ඔහුගේ බිරිඳත් සහභාගි වෙලා තියෙනවා. විරෝධතාවය අතරතුරදී කලබ@ලකාරී සිදුවීම් සහ අරගලකරුවන් මැඩපැවැත්වීමට විවිධ ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගත් බව ඔබ දන්නවා ඇති. එම අවස්ථාවේදී කෝකිල පවන්ටත් කලබල අස්සේ පහර කෑමකට ලක් වෙන්න වෙලා තියනවා. නමුත් කෝකිල පවන් කිසිම අවස්ථාවක ඔහු පහ@ර කෑ බව සහ ඔහුට වූ අසාධාරණය ප්‍රසිද්ධ මාධ්‍යයේ දී පවසා සිටියේ නැහැ. බොහෝ අවස්ථාවල දී ඔහු පැවසුවේ මිරිහාන ප්‍රදේශයේ දී ඔහු පැටලිලා වැටුණු බවයි.

නමුත් අපි පෙර සඳහන් කළ වැඩසටහනේ දී කෝකිල පවන් මෙම සිදුවීම ගැන සඳහනක් කරලා තියෙනවා.  ඔහු පැවසුවේ,

“මම 31 වෙනිදා අයියේ… මම ප්‍රථම  වතාවටයි කියන්නේ මේක.. මෙච්චරයි කියන්න තියෙන්නේ, මම පැටලිලා වැටුණේ නැහැ..  මම කෙනෙක්ගෙ ජොබ් එක වෙනුවෙන් මම කිව්වේ මම පැටලිලා වැටුනා කියලා.. ඇත්තටම මම පැටලිලා වැටුණේ නැහැ..”

කොහොම වුණත් කෝකිල කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම රට ගැන අවංක හැඟීමක් තියෙන කෙනෙක්. ඒ බව ඔහුගේ මෑත දී නිමවූ ගීත සහ ඔහු බොහෝ අවස්ථාවල දී සිදු කරන කතාවන් වලින් පැහැදිලි වෙනවා.

newsmania.lk

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්