මේවෙද්දී ශ්‍රී ලංකාව කලා ක්ෂේත්‍රය තුළ ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ටාෂියා කාලිදාස කියලා කියන්නේ. ඇත්තෙන්ම ඇයව අපට පහුගිය කාලයේ ජාත්‍යන්තරයට ගිය රංගන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවන්.

කෙසේවෙතත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ගැන මේවෙද්දී නැවතත් කතා බහක් ඇතිවෙලා තිබෙනවා. ඒ ඇය සිය රංගන දායකත්වය ලබාදෙන බර්ත්ඩේ සිනමා පටයේ චරිතය නිසාවෙනුයි.

01.

ටාෂියා කාලිදාස කියන මේ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍යය සාකච්ඡාවක් සමගින් එක්වෙමින් ඇගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

එහිදී අදහස් දක්වපු ටාෂියා

“ඉතින් හැපී බර්ත්ඩේ කියල කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපට රංගනය . මගේ රංගන දිවියේ හැපි බර්ත්ඩේ එකක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවන් .

ඒ වගේම මගේ උපන්දිනය යෙදී තිබුණුදාට සතියකට විතර පස්සේ තමයි මම මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගන්නේ.මේ චිත්‍රපටයේ මගේ චරිතයේ නම නතාලියා .

චිත්‍රපටයේ විදිහට මම එන්නේ එංගලන්තයේ ඉඳලා .ඊට පස්සේ අම්මයි, නංගියි එක්ක එක් රාත්‍රියක සොරුන් පිරිසකට මැදිව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීමක් චිත්‍රපටය පුරා විකාශය වෙනවා.

02.

03.

ටාෂියා කියනවා මම සටන් ක්‍රම මුකුත් දන්නෙ නැහැ .ඉතින් මේ චිත්‍රපටයේ රූගත කිරීම සිදුවුණේ රාත්‍රී කාලයේදී .දහවල් කාලයේ දී මෙම සටන් ජවනිකා පුහුණුවට ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙක් ඇවිත් අපිට කියාදීම් සිදුකළා . මෙහි රූගත කිරීම් කරද්දී අමතක නොවෙන සිදුවීම් ගොඩක් සිද්ද වුනා කියලයි.

ඒ වගේම එක අවස්ථාවක සුරංගා අක්කා එක්ක මට ග@හගන්න තිබුණා කියල කියන ටාෂියා කියන්නේ ඒ අවස්ථාවේදි මගේ කරාබුව පැටලිලා කනෙන් ලේ# ගැලුවා කියලයි.

මේ අතර තවත් දර්ශනයක රූගත කිරීමකදී සූර්යාට මගේ කනට ග#හන්න තිබුණා කියල කියන ඇය කියන්නේ එයා ගැ#සූ පහරේ සැරට කන තුවාල වෙලා ලේ@ ගැලුවා කියලයි.

ඉතින් ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලයි ටාෂියා පවසන්නේ. ඒ වගේම දිල්හානි ඒකනායක වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් චිත්‍රපටයේ මගේ අම්මා වීම මම ලැබූ ලොකු භාග්‍යයක් කියලයි ටාෂියා කාලිදාස පවසන්නේ.

දිල්හානි මහත්මිය නිතරම මාව අගය කළා කියල කියන ඇය පවසන්නේ රූගත කිරීම්වලට පෙර දර්ශන තලයේ සිටිය දී, දිල්හානි මගේ ළඟින් යනකොට ‘ආ ඔන්න අපේ ස්ටාර්’ කියලා මාව දිරි ගැන්වූවා කියලයි.

ඉතින් ඒ ගැන මට ගොඩාක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ.

04.

05.

“ඒ ලෙවල් ලියන්න මට තියෙන්නේ ඊළඟ අවුරුද්දේ .එහෙමයි කියලා මහා ලොකුවට මම විභාගයට මහන්සි වෙන්නෙ නැහැ ..

ඒ ලෙවල් හොඳට කිරීම තමයි මගේ අරමුණ . මම ඒ ලෙවල් කරන්නේ භාෂා අංශයෙන් .”

06.

ඒ ලෙවල් වලින් පස්සේ මම ගුවන් සේවිකාවක වීමට බලාපොරොත්තු වෙනවා කියල කියන ටාෂියා මේ දිනවල මම තාවකාලිකව රඟපෑම්වලින් ඉවත් වෙලා ඉන්නවා කියලයි කියන්නේ.

.

මෙන්න බලන්න තවත් පුවත්