ඉෂංකා ජහන්වී කියල කියන්නේ මේවෙද්දී ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ වගේම ඉතාම සුරූපී රංගන ශිල්පිනියක්.

ඇයව අපට වර්තමානයේ විකාශය කෙරෙන ආශාවරී චිත්‍රපටය හරහා දැකගන්න ලැබෙන අතර එය ඇගේ පළමු චිත්‍රපට රංගනයයි. පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍යය සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ අලුත්ම තොරතුරු ගැන අදහස් දක්වලා තිබුණා.

01.

02.

ආශාවරී චිත්‍රපටයට මේවෙද්දී ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා කියල කියන ඇය එච්චර ඉහළ ප්‍රතිචාර ලැබෙයි කියලා එදා මේ චිත්‍රපටය රඟපාද්දිවත් මම හිතුවේ නැහැ කියලයි පවසන්නේ.

ප්‍රේක්ෂක ආදරය මේ තරමටම ලැබීම මට ලොකු සතුටක් බව කියන ඉෂංකා පවසන්නේ මම ඒ කාලයේ ඉඳලාම ආස කළ ප්‍රවීන රංගන ශිල්පීන් හැටියට ජයලත් මනෝරත්න, හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි ඇතුළු පිරිස නම් කරන්න පුළුවන් කියලයි

“මම වඩාත් ආසා කරන ඒ තරු එක්ක රඟපාන්න ලැබුණාම ලොකු සතුටක් ඇතිවුනා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටක් .

ආශාවරී චිත්‍රපටයේ පෙම්වතා ලෙස හේමාල් එක්ක රඟපාන්න ලැබීම මට ලොකු අවස්ථාවක්. මගේ ආධුනික බව නැති වුණේ ප්‍රවීනයින් ලබාදුන් සහයෝගය නිසාවෙන් .”

03.

04.

ඒ වගේම මම වැස්සේ තෙමෙන්න හරිම ආසයි කියල කියන ඉෂංකා චුටි කාලයේදී වැස්ස වහිනකල් වැස්සෙ තෙමෙන්න බලාගෙන හිටියා කියලයි කියන්නේ.ඒ නිසා අම්මගෙන් හොඳටම ගුටිකාලත් තියෙන බව කියන ඇය වැස්ස හරීම ප්‍රේමණීයයි කියලයි කියන්නේ.

මෙහිදී ජයලත් මනෝරත්නගේ චිත්‍රපට රංගනයේ අවසන් චරිතය රඟපෑවේද ආශාවරි චිත්‍රපටයේ කියලයි ඇය පවසන්නේ.

එතුමාගේ දියණිය ලෙස රඟපෑමට ලැබීම මම ලැබූ ලොකු භාග්‍යයක් බව කියන ඇය එතුමා නැති දුක වචනයෙන් කියා නිමකළ හැකි දෙයක් නෙවෙයි කියලයි කියන්නේ.

මේ සුරූපී රංගන ශිල්පිනිය පවසන්නේ’ මම තවම අදරවන්තියක් නෙවෙයි. ඇත්ත ආදරයක් තවම මට නැහැ . ඉතින් කවදාහරි මටත් ආදරයක් ලැබේවි. එදාට මමත් ප්‍රේමවන්තියක් වේවි” කියලයි.

05.

ඒ වගේම මම කොහොමත් ගොඩාක් ආදරේ බලාපොරොත්තු වන කෙනෙක් කියල කියන ඉෂංකා ජහන්වී අවසාන වශයෙන් කියා සිටියේ මට ගොඩාක් ආදරය කරනවා නම් මමත් ගොඩාක් ආදරය කරනවා කියලයි.ඒ නිසා හරි කෙනා හමුවුණාත් විඳින්න පුළුවන් වේවි. නොගැලපුණාත් විඳවන්න වේවි කියලයි.

06.

ඉතින් අපිත් මේ සුරූපී නවක රංගන ශිල්පිනියට සුභ පතමු

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්