K සුජීවා කියල කියන්නේ ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ මේවෙද්දී අතිශය ජනප්‍රියත්වයට පත් නිරන්තරයෙන් පුවත් මවන ගායිකාවක්.

ඇත්තෙන්ම K සුජීවා කියන නම මෙරට නොදන්න කෙනෙකු නැති තරමට තරුන, බාල, මහලු සියලු දෙනා අතර ඇය ජනප්‍රියයි. කෙසේවෙතත් කාලයෙන් කාලයට පුවත් මවන ඇය මේ දිනවල අලුත් ගීත නිර්මාණයක් එළිදක්වලා තිබෙනවා

මේ විදිහට නිකුත් කෙරුණු ඇගේ අලුත් ගීතය සදහා මේවෙනකොට ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා කියලයි අපට දැනගන්නට ලැබුණේ.

ඇගේ පවුල් ජීවිතය ගත්තොත් මෙරට ජනප්‍රිය ගායකයෙකු වන අජිත් මුතුකුමාරණ සමගින් විවාහවන ඇය පසු කාලයකදී විවාහයට සමුදී තනිකඩ දිවියක් තමයි ගත කරන්නේ.

01.

02.

කොහොමහරි ඉතින් මේවෙද්දී සුරූපී දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය පහුගිය දවසක එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන සාකච්ඡා කරල තියෙනවා අපට දැකගන්නට ලැබුණා. එහිදී K සුජීවා අදහස් දක්වමින් කියල තිබුනේ මෙන්න මේ වගේ කතාවකුයි

” ඇත්තටම මම දැන් වගකීම් සහගත මවක්. මට මගේ දරුවෝ දෙන්නා කවදාවත් බරක් නෙවෙයි. මම ඒ දෙන්නගේ හැම වගකීමක් ඉෂ්ට කරන්නේ හරිම සතුටින්.

03.

04.

මම ඇදුමක් ගත්තත් ගන්නේ දෙන්නටම අඳින්න පුළුවන් ඇදුමක්. මම මගේ දරුවෝ දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙනවා. අම්මා කෙනෙක් වුනත් තාත්තා කෙනෙකුගේ යුතුකම් වගකිම් මගෙන් ඉෂ්ට වෙනවා.

මගේ ජීවිතය තුළ මම කාටවත් චෝදනා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මගේ ජීවිතයට සිද්ද වුණ දේවල් කිව්වා.

05.

මම කවදාවත් මම ආදරයෙන් සලකපු එක වේලක් හරි කන්න දීපු මගේ ජීවිතේ දුක සතුට බෙදාගන්න ළඟින් හිටපු කෙනෙක්ට ප$හර දෙන්න තරම් පහත් තත්ත්වයකට වැටිලා නෑ.මගේ පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍යයක් තුළ කියාපාන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ.” කියලයි

ඒ වගේම කවුරු මොන ප්‍රශ්න ඇහුවත් මම උත්තර දෙන්න බැඳිලා නැහැ කියල කියන ඇය පවසන්නේ මගේ දරුවන් දෙදෙනාම හෝ එක් අයෙක් තවත් කාන්තාවකටම ආදරය කළොත් මම මොනවත් කරන්නේ නෑ, මොකද ඒක එයාලගේ තේරීම කියලයි.

ඒ විතරක් නොවෙයි එයාලා එතන ඉන්නේ සතුටින් නම්, මේ අම්මා එතන ඉන්නවා, මම නිතරම හොයන්නේ මගේ ළමයි දෙන්නා මම වගේම බලාගන්න කෙනෙක් කියලයි ඇය පවසන්නේ.

කොහොමහරි ඉතින් එයාලගේ සතුට තමයි මගේ සතුට කියල කියන K සුජීවා කියන්නේ අපිට ආදරයේ හරිම සුන්දරත්වය විඳින්න හරියනම කෙනා හමුවෙන්න ඕනෑ කියලයි.

මේ අතර එහෙම නැති උනාම ජීවිතයට සමහර අය එනවා ආයේ යනවා කියල කියන ඇය කියන්නේ ඒ වගේ සිදුවීමකට පස්සේ මම අද නිදහස් දිවියක් ගත කරමින් හිත සතුටින් ඉන්නවා කියලයි.

06.

මම කැමැති නැහැ ආයෙමත් ඒ නිදහස, ඒ සතුට නැතිකර ගන්න.  අවසාන වශයෙන් K සුජීවා කියා සිටියේ ඒ නිසා මම ආයේ කිසිම පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්නේ නෑ කියලයි

මෙන්න බලන්න තවත් පුවත්