අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන  සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් තමයි ටීනා ශනෙල් කියලා කියන්නේ. ඉතින් නිරූපිකාවක් විදිහට කලා ක්ෂේත්‍රය පය තැබූ ඇය බොහෝ දෙනක් අතරේ රංගන ශිලිනියක් ලෙසින් ජනප්‍රිය වුනේ දේදුනු ආකාසේ චිත්‍රපටය හරහායි.

ඊට පස්සේ පුංචි තිරයටත් අවතීර්ණ වුනු ටීනා පසුගිය දිනවල විකාශය වී අවසන් වුණු වලවෙට්ටුවා ටෙලි නාට්‍යයෙන් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ වගේම මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ දවස් වල ටීනාගේ වැඩ කටයුතු නම් සුපුරුදු පරිදි කරගෙන යනවාලු. ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වගේම සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ඇය භූමි ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් සිදු කෙරෙනවාලු. ඒ වගේම මේ තිබෙන තත්ත්වය සමඟ චිත්‍රපටවලට නම් ආරාධනා ලැබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් හොඳ සිනමා පිටපතක් ලැබුණොත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම රංගන ශිල්පිනියකට සෑම චරිතයක්ම නිරූපණය කරන්නට හැකි විය යුතුයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය කැමැතියිලු වෙනස් චරිතවලට ඇයට ආරාධනා ලැබෙනවා නම්. ඒ වගේම ඇය විශ්වාස කරන තවත් දෙයක් තමයිලු ඇයව සෑම මොහොතකම වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනෙනවා නම් එය තමයි අධ්‍යක්ෂවරයකුගේ කාර්ය භාරය සහ දක්ෂතාව කියලා. ඉතින් ප්‍රේක්ෂකයන් අතරට යන, ඉතාමත්ම හොඳ විවිධ පැතිකඩ සහිත චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇය හරිම කැමැතියිලු.

ඒ වගේම ඇයට ගැළපෙන විලාසිතා ඇය කොහොමත් කරනවාලු. හැබැයි ඉස්සර වගේ බිකිනි පොටෝශූට් නම් දැන් ඇය කරන්නේ නැහැලු. ඒ වගේම ඉන්ටර්නැෂනල් වැඩක් ආවොත් කරනවාලු. ඒත් ලංකාවෙ නම් කරන්නෙම නැති තරම් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ලංකාවේ බොහොමයක් අය ඉන්නේ අනෙක් අයගේ වැරදි හොයන්නලු.

ඇය කුමක් හෝ තැනකට යනවනම් ඇයගේ ඇඟට ගැළපෙන විදිහට තමයිලු ඇඳුමක් අඳින්නේ. ඒ වගේම අනෙත් අය සිතන දේවල් ඇයට අදාළම නැහැලු. ඒ වගේම ඇයගේ ඇඟට ලස්සනයි නම් පහසුයි නම් එතැනින් එහාට ඇය කිසිවක් හිතන්නේ නැහැලු.

ඒ වගේම ඇය දැකලා තිබෙන දෙයක් තමයිලු ඇතැම් වෙලාවට ඇය කරන විලාසිතාව දින කිහිපයකට පසු තවත් අය ඒ විදිහටම කරන එක. ඉතින් ඇය නිරූපිකාවක් නිසා ලස්සනට ඇඳලා පැලඳලා ඉන්නට ඕනේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ. ඉතින් ටීනාගේ අනාගත වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්