කලා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී ගායන ශිල්පිනියක් තමයි අංජලී රාජ්කුමාර්  කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ජනප්‍රිය ප්‍රවීණ ගායිකා කේ සුජීවාගේ වැඩිමහල් දියණිය. ඒ වගේම පසුගිය කාලයේ ඉන්දියාවේ ජීවත් වූ අංජලී දැන් නැවතත් ලංකාවට ඇවිල්ල ඉන්නේ. ඒ ඇයගේ අලුත්ම නිර්මාණය වන ‘සිංගල් දරුවෝ’ ගීතය නිසා.

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඒ වගේම මේ ගීතය ඇය එළිදැක්වුණේ තනිකඩ අය වෙනුවෙන්ලු. ඒත් එක්කම අද වන විට මේ ගීතය ට්‍රෙන්ඩින් ටෙන් අතර තියෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම මේක ඇයගේ අම්මගෙ අදහසක්ලු. මොකද ඇය සිංදුවක් හදන්න සූදානම් වෙනකොට අම්මා කිව්වලු ඔයාට ගැළපෙන අදහසක් ගැන ගීතයක් කරන්න කියලා. ඉතින් ඇය තෝරාගත්තෙ තනිකඩ කියන මාතෘකාවලු. ඒ වගේම මේ ගීතයට ගොඩාක් දෙනකුගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා කියලත් ඇය කියනවා. එයාල කිව්වෙ මේ ගීතය අහද්දි ඒ තුළ තියෙන දේ සමග එයාලගෙ අත්දැකීම් අනුව එකඟ වෙන්න පුළුවන් කියලාලු.

ඒ කියන්නෙ අනේ මටත් මේ දේ වෙලා තියෙනවනෙ මමත් ඔහොමයි වගේ දේවල් මතකයට එනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ගීතයක පිච් එකේ ඉඳන් ස්කේල් එක දක්වා ඇයගේ අම්මා ඇයව හොඳින් දැනුවත් කරනවාලු. ඉතින් ඇයටත් ඇයගේ නංගිටත් සිංදු තෝරලා දෙන්නෙත් ඇයගේ අම්මාලු. ඉතින් මේ දේවල් එක්ක ඇයගෙන් ලබෙන සහයෝගය උපරිමයි කියලයි අංජලී නම් කියන්නේ.

ඒ වගේම ඇය ‘BTS’ කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඉදිරියේදී රසිකයන්ට දැකබලාගන්න පුළුවන් වේවිලු. ඒ වගේම ඇත්තටම මොනව කළත් සිංදුවක් කියන්නෙ විනාඩි තුනයි කියලයි ඇය කියන්නේ. ඒත් රඟපෑම උදේ පටන්ගත්තාම හවස් වෙනකන් එක දිගටම යනවාලු. ඉතින් ඒක හරිම අමාරුයි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඒ ඇයට අලුත් අත්දැකීමක් නිසා වෙන්නත් ඇති කියලත් ඇය කියනවා. කොහොම වුණත් නිර්මාණය වෙනුවෙන් ඇයගේ උපරිම සහයෝගය ලබාදෙනවා කියලයි ඇය කියන්නේ.  ඒ වගේම ඇය අම්මගේ නම කැත කරන්න සූදානම් නැහැලු. ඒ නිසා ඇය පුළුවන් තරම් පරිස්සම් වෙනවා කියලත් ඇය කියනවා. ඒක ඇයගේ ලොකු වගකීමක්ලු. ඒ වගේම එහෙම වෙනකොට ජනප්‍රියත්වය කියන්නෙ සමහර වෙලාවට ඇණයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ.

ඉතින් ඇයගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්