නදුනි කරුණාතිලක කියන්නේ අපේ රටේ වර්තමානයේදී ඉතා ජනප්‍රිය වුණු නවක රන්ගන ශිල්පිනියක්. ඉතින් ඇය ඇගේ වත්මන් ජීවන තතු ගැන පවසා තිබුණේ මෙසේයි.

ඇත්තටම මේ දිනවල මම රංගනයෙන් දායක වෙන ‘‘දියණි’’ නිර්මාණය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවෙලා තියෙනවා. එහි මම ද්විත්ව චරිත නිරූපනයක් කරන්නෙ. ඒ මගේ පළමු අත්දැකීම. ඉතින් ලැබෙන ප්‍රතිචාරවලින් රංගනය සාර්ථකයි කියලා හිතනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

මට මෙතෙක් ලැබිලා තියෙන්නෙ ගැමි චරිත. මට ප්‍රේක්ෂකයො මුලින්ම ආදරය කරන්න ගත්තෙත් නිවුණු අහිංසක චරිතයක් හරහානෙ. ඒ ‘‘පාවෙනා වළාකුළේ ඒවිද අම්මා’’ රංගනයෙ නිරාෂා චරිතයට. අදටත් ඒ ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරනවා.

දියණි නාට්‍යයත් එක්කම මගේ අනිත් නිර්මාණ දායකත්වය ‘‘ඉස්කෝලෙ’’ එහි මම ගුරුවරියකගේ චරිතයක් රඟ දක්වන්නෙ. ආලෝකා ටීච. ඇයට මාර ආදරයක් තියෙනවා ගොඩක් දෙනෙක්ගෙ. වැහෙන්න යන ඉස්කෝලයක් බේරගන්න උත්සාහ කරන අවංකව දුෂ්කර සේවයට ඇවිල්ලා ගමක ජීවත් වෙන තරුණ ගුරුවරියක් ඇය.

ඉතින් මේ චරිතයට බොහෝ දෙනෙක්ගේ පැහැදීමක් තියෙනවා. ලොකු, කුඩා භේදයකින් තොරව ප්‍රතිචාර ලැබෙනවා. පාර තොටේ වුණත් පුංචි ළමයි මාව දැක්කම දණ ගහලා වඳිනවා. ඒ තරමට ඒ ටීචට ප්‍රතිචාර තියෙනවා. ඇත්තටම මේ වගේ ගෞරවනීය චරිත රංගනයන් තුළින් ආදරයක් ලබන්න මම කොච්චර වාසනාවන්ත ද? කියලා හිතෙන තැන් තියෙනවා.

මගේ පළමු නිර්මාණයෙත් පුංචි දරුවෙක් එක්ක වැඩ කළේ. එතැනින් පසුවත් පුංචි දරුවෝ එක්ක වැඩ කරන්න ලැබුණා. ‘‘ඉස්කෝලේ’’ නිර්මාණයේ නම් ටිකක් ලොකු දරුවෝ එක්ක වැඩ කරන්න ලැබුණෙ. ඇත්තටම ගොඩක් දඟයි ඔවුන්. පුංචි දරුවොනෙ. නමුත් හරිම සොඳුරුයි. පුංචි දරුවෝ එක්ක වැඩ කරද්දී ඔවුන් ඇත්තටම ගොඩක් දක්ෂයි. වැඩ කරන්න වුණත් හරි පහසුයි. ඉතින් ඒ කාල සීමාවෙ ලොකු සතුටක් වගේම හිතටත් සහනයක් ලැබෙනවා.

මමත් හරිම ආසාවෙන් ඒ දරුවෝ එක්ක වැඩ කරන්නෙ. මේ දිනවලත් මට ‘‘දියණි’’ නාට්‍යයේ පුංචිම දරුවෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ පුංචිම දරුවෙක් මාස 3ක. ඒ රංගනය නම් ටිකක් අපහසු වුණා. මොක ද ඒ බබා පොඩි වැඩියි. අඬනවා රූගත කරද්දී එහෙම. ඇයි ඉතින් අව්ව එහෙම එද්දී අපහසුයිනෙ බබාට. ඉතින් ඒ වගේ යම් යම් අපහසුතාවලට ද පත්වෙනවා. නමුත් ඉතින් හරි සුන්දරයි ඒ හැමදේම.

සියත රූපවාහිනී නාළිකාවෙ විකාශය වන ටෙලි නිර්මාණයක මම මාධ්‍යවේදිනියකගෙ චරිතයක් කරනවා. ඒක වෙනස්ම චරිත රංගනයක්. සමාජ අසාධාරණයට එරෙහිව වැඩ කරන ප්‍රබල මාධ්‍යවේදිනියක්. ඉතින් ඒ චරිතයටත් ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. මේ චරිතය ලැබෙද්දිත් මම ගොඩක් ආසාවෙන් භාර ගත්තෙ.

මම ආසයි දුෂ්කර ගමක ජීවත් වෙන දුප්පත් අහිංසක තරුණියකගෙ චරිතයක් කරන්න. ඒ වගේම වෙනම විදියකට ආරූඪ වෙන්න පුළුවන් පිස්සු චරිත, මන්ද මානසිකත්වයෙන් පෙළෙන චරිතයක් වගේ කරන්න කැමතියි. එවැනි චරිත රංගනයක් ලැබුණොත් ඉතා කැමැත්තෙන් භාර ගන්නවා.

ඉතින් නදුනිගේ සියලු රන්ගන ලොව සිහිනයන් සැබෑ වේවා යැයි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කර සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්