ප්‍රේමයේ කඩාවැටීමෙන් ජීවිතය ජයගත් සෙනාලිගේ කතාව

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ රටේ ඉන්න නවක පරපුරේ අති දක්ෂ රංගන ශිල්පිනියක්. හෙලයේ නිළි රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ ඥාති දියණියක් වන ඇය මෙරට ඉතාමත් සුප්‍රසිද්ධ කලා පවුලකින් පැවත එක රංගන ශිල්පිනියක්. අති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරනවා. රිදි තිරයේ සිටි ඇය පුංචි තිරයට පැමිණියේ  ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන නාඩගම් කාරයෝ නාට්‍යයෙන්. අති දක්ශ වගේම නිහතමානී රංගන ශිල්පිනියක් වන ඇය නවක පරපුරේ සිටින ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගත් රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඇය කලාවට පැමිනෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටියෙන්. පසුව ක්ෂේත්‍රයට පැමිණෙන ඇය අධ්‍යාපනය හදාරා ඇත්තේ විදෙස් ගත වීමේනුයි.මේ වන විට උපාධියෙ වැඩ කටයුතු අවසන් කොට රංගන කටයුතු වල නියැලෙන ඇය අති සාර්ථක අධ්‍යාපනය සහ රංගනයත් සිදු කළද තවමත් ඇය ගත කරන්නේ තනිකඩ ජීවිතයක්.

කොහොම නමුත් ඇය ළඟ දී තිබුණු යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් ඇයගේ ජීවිතය ගැන අදහස් දක්වා සිටියේ මෙලෙසින්

ඇය පවසන විදියට මිනිස්සුන්ට හොඳ නරක කියලා පැති දෙකක්ම තියෙනවලු. ඇයට ඇයගෙ ජීවිතේ ගැන යම්කිසි මතයන් ටිකක් තියනවලු. ඒ දේවල් එක්ක කෙනෙක්ට ගැටෙන ටිකක් අමාරු වෙන්නත් ඇතිලු. ජීවිතය ගැන දැන් හැරිලා බලනකොට ඒ කාලයේ ඇයට ජීවිතය හරියට කෙනෙක් සමග බෙදාගන්න තේරුමක් තිබුනේ නැහැ ලු. ඇයගේ ආදර සම්බන්ධය කඩාගෙන වැටුණාට පසුව ඇයට විශාද තත්වය පවා ඇවිල්ලා තිබුනලු. ඇයට අනිත් හැම දෙයක්ම තිබුනත් ඒ කඩා වැටීම නිසා ඇතිවුණු වේදනාව විශාදය දක්වා ඇති වෙන්න ඇති කියලායි ඇය පවසන්නේ. ඇය ඒ කඩාවැටීමත් එක්ක ජීවිතේ අනිත් දේවල් ගැන හරිම වැරදි විදියට හිතන්න පටන් ගත්තලු. ඒ දවස් වල ඇය සටන් කලෙ ඇයත් සමගමලු.

ඉතින් කොහොම වුණත් ඇය මේ කඩා වැටීමට මුහුණ දෙමින් ඇය කොහොම හරි  තමන්ගේ හිත සුවපත් කරගෙන තියෙනවා. ඇය විශේෂයෙන්ම ආධ්‍යාත්මක දේවල් වලට ඒ කියන්නේ භාවනා කරන්න පවා යොමු වෙලා තියෙනවලු මේ නිසා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක තමන්ගේ ජීවිතය හොඳ පැත්තකට හරවගෙන තියෙන නිසා තමයි ඇය අද සිටින තත්වයට ඇයට පැමිණීමට හැකි වෙලා තියෙන්නේ.

කොහොම වුණත් සෙනාලි ෆොන්සේකාගෙ මේ කතාව නම් අද කාලේ ආදරේ නිසා දුකින් ඉන්න හැම කෙනෙක්ටම ලොකු ශක්තියක් අරගෙන එනවා. ඒ වගේම ඇය ගත කරන සාර්ථක ජීවිතයද ලොකු ආදර්ශයක්.

සෙනාලි ෆොන්සේකා අපේ කලාවට ගොඩාක් වටින තරුවක්. ඇගේ දක්ෂතාවය තවත් කෙනෙකු සැසදිය නොහැකි තරම් ප්‍රබලයි වගේම වෙනස්. අපේ ආදරණීය රංගන ශිල්පිනියට අපි හදවතින්ම සුබපතමු ඇගේ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියලා.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්