දේශපාලනය නිසා තමන්ගේ පළමු දරුවන් දෙදෙනාම අහිමි කරගත් හිරුණිකාගේ සංවේදි කතාව

අපි හැමදාම ජනප්‍රිය කෙනෙක් ගැන අලුත් තොරතුරු අරගෙන එනවා. අද කතා කරන්නේ එහෙම ජනප්‍රිය කෙනෙක් ගැන. නමුත් අපි වෙනදාට කතා කරන කලා ලෝකයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. නමුත් ඇයගේ පවුලේ අය කලාවට සම්බන්ධයි. ඇගේ සැමියාව ස්වර්ණවාහිනී නාලිකාවෙන් මේ දවස්වල අපට දැකගන්න ලැබෙනවා. ඇයගේ ජීවිතයේ අලුත් තොරතුරු කිහිපයක් ඔයාලට ලබා දෙන්න තමයි අපි අද සූදානම් වෙන්නේ.

දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නො ඇසෙන වාරයක් නොමැති තරම්. ඇය එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්. ඉතින් වැඩි විස්තර නැතුව මේ සුන්දර චරිතය ගැන කිව්වොත් ඇය නමින්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට සෙනෙහෙබර මවක් වෙමින් කාලය ගත කරන නිසයි.

හිරුනිකාගේ ආදරණිය සැමියා තමයි හිරාන්. ඔහුත් ඇයව තේරුම් අරගෙන හොඳින් කටයුතු කරන ස්වාමි පුරුෂයෙක්. හිරාන් කලා ලෝකය තුළ විවිධ කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රංගන ශිල්පියෙක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හිරුනිකාගේ පුංචි කැදැල්ලේ ඔබ මෙතෙක් නොඇසූ ඇය මෙතෙක් ප්‍රසිද්ධියේ නොපැවසූ කතාවක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇයගේ දරු ප්‍රසූතිය පිළිබඳව කතාකරද්දී මුලින්ම හිරුණිකා උපත දෙන්නෙ ආදරණීය පුතෙකුට. නමුත් ඊටත් කලින් ඉඳන් ඇය අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට  මුහුණ දෙනවා.

කාන්තාවකට, ජීවිතයේ දරු සම්පතක් කියන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරන සහ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඒ දේ හිරුණිකාත් ඒ විදිහටම බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. නමුත් අවාසනාවන්ත විදිහට ඇය මුහුණ දුන්නෙ කවුරුත් මුහුණ දෙන්න අකමැති අනපේක්ෂිත සිදු වීමකට. ඒ පිළිබඳව හිරුණිකා කිව්වේ මේ වගේ කතාවක්.

“මට පුතා හම්බ වෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හම්බවෙන්න හිටියා. ඒ දෙන්නම නැති වුණා. මම හිරාන් එක්ක විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබ්බේ. විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳ අරගෙන තිබුණා. මම දැනගෙන ඉඳලා නෙවෙයි කැම්පේන් එක කරේ. මට වෙන campaign වලට වඩා ඒ campaign එක හරි අසීරු වුණා. යන යන තැන වමනය යන්න පටන් ගත්තා. යන යන තැන කලන්තෙ දාන්න පටන් ගත්තා. රැස්වීම් මම මග හැරියා. නමුත් මම හිතුවේ නැහැ හීනෙකින් වත් මම pregnant කියලා.

අවසානයේ මම හිතන්නේ අගෝස්තු දාහත ද කොහෙද ජන්දේ තිබ්බේ. එදා ඡන්ද ප්‍රතිඵල එද්දි මම නිකමට ටෙස්ට් එකක් කළා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් ඒ කාලේ එකේ මහන්සියත් එක්ක ටික දවසක් යනකොට මගේ දරුවා නැතිවුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සෙ මම ගොඩක් බය වුනා. එතකොට තුන්වැනි දරුවා හම්බ වෙද්දි ඒ කියන්නේ මගේ දැන් ඉන්න පළවෙනි දරුවා හම්බ වෙද්දි මම ගොඩක් පරිස්සම් වුනා.

මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක වෙන්න ඇති ගොඩක් වෙලාවට පළවෙනි දරුවා අහිමි වෙන්න ඇත්තේ. ඉතින් මට තේරෙන කාලේ ඉඳන් හැමදාම මට දරුවෝ පස් දෙනෙක් ඕනේ උනා. දැන්නම් මට ආයේ හදන්න බැරි වෙයි හැබැයි මම හිතනවා අර දෙන්නා ජීවත් වෙලා හිටිය නං අද මට දරුවෝ පස් දෙනෙක්.”

ඉතින් ඒ සංවේදී කතාව පිළිබඳව හිරුණිකා අදහස් දැක්වූයේ ඒ විදිහටයි. ලැබෙන සියලුම දේවල් පින් පව් අනුව තීරණය වන නිසා ජීවිතය ගැන ඇය කලකිරෙන නැතුව දරුවන් තුන් දෙනා සමග සමඟ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලත් සඳහන් කළා. ඉතින් ඒ ජීවිතයේ විදිහටම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම අපි හදවතින් ම ඇයට සුබ  පැතුම් එක් කරන්නෙමු.

ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. අපි දකින මිනිසුන්ගේ පිටත පෙනුමට වඩා ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. අපි දකිනවාට වඩා ප්‍රශ්න ගැටළු වේදනාවන් ඔවුන්ට තියෙන්න පුළුවන්. ඉතින් අපි කෙනෙක්ට යමක් කියන්න කලින් තව පාරක් හිතමු නේද.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්