මෙරට අතිශය ජනප්‍රිය කලාකරුවන් යුවළක් වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන රයිනි චාරුකා කියල කියන්නේ වර්තමානය වෙද්දී මෙරට අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න දක්ෂ ගායිකාවක්.

ඒ විදිහට ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න මේ ගායන ශිල්පිනියව අපට මේ දිනවල වැඩි වශයෙන් රියලිටි වැඩසටහනක විනිසුරුවරියක ලෙස දැකගන්නට ලැබෙනවා

01.

02.

 

රයිනි චාරුකා සිය මව්පියන්ගේ අඩිපාරේ යමින් ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව ඇති අතර ඇය මේවෙද්දී ගීත නිර්මාණ රැසක් එළිදක්වලා තිබෙනවා.

එලෙස ඇය ගායනා කළ ගීත අතුරින් චංචල දෑසෙ මායා ,නීල කඳු ගැටේ වැනි ගීත වසර අටක කාලයකට පසුව වුවත් තවමත් මෙරට ජනප්‍රියයි. ඇත්තෙන්ම මේ ගීතවලට එදා ලැබුණු ඒ ජනතා ආකර්ෂණය තවමත් එලෙසමයි.

03.

ඉතින් ගායිකාවක ලෙස තමන්ගේ ගීතවලට සහ තමන්ට ලැබෙන ජනතාවගේ ආදරය ගැන එක්තරා අවස්ථාවකදී රයිනි සිහිපත් කර සිටියේ මෙලෙසයි

“චංචල දෑසේ සහ නීල කඳු ගැටේ ගායනා කරලා අවුරුදු අටක් වෙනවා එදා වගේම අදත් ඒ ගීත ජනප්‍රියයි. අනික මම ජනප්‍රියත්වය පස්සේ එල්ලීගෙන යන කෙනෙක් නෙවෙයි වැඩේ හොඳට කරගෙන යන්නයි මහන්සි වෙන්නේ.

මම අවසානට කරපු කරුවලට හිත බය හින්දා ගීතයත් සෙමින් සෙමින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තා. එදා වගේම මට රසික ප්‍රතිචාර ලැබෙන්නේ හරි දෙයක් කරපු නිසා කියලා මම විශ්වාස කරනවා. “

ඉතින්ර යිනි මේවෙද්දී විවාහකයි. ඇය සිය සැමියාත් සමගින් සුන්දර ජීවිතයක් ගත කරනවා. මේ අතර එක්තරා අවස්ථාවකදී ඇය සඳහන් කරනවා කසාද බැන්දට පස්සේ ටිකක් වැඩ කරන එක අඩු උනා කියලා

04.

05..

ඒ නිසාවෙන් මගහැරුණු වැඩකටයුතු ආරම්භ කරන ඇය කරුවලට හිත බය හින්දා කියන ගීතය ගායනා කිරීමට තීරණය කරනවා.

කෙසේ නමුත් කලා කටයුතුත් එක්ක ආදරණීය පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් කාලය ගත කරන්නත් රයිනි අමතක කරන්නේ නැහැ.

ඒ වගේම රයිනිට තව නංගි කෙනෙක් ඉන්නවා ඊට අමතරව ආදරණීය අම්මගේ චන්ද්‍රලේඛා මහත්මියගේ කලින් කසාදේ දරුවන් දෙන්නත් වන අක්කයි අයියයි ගැනත් රයිනි හරිම ආදරයෙන් සිහිපත් කිරීමත් කළා. ඒ මෙලෙසයි

“ගොඩක් දෙනෙක් හිතාගෙන හිටියා අම්මයි තාත්තයි අපි ගැන විතරයි බැලුවේ කියලා එයාලා අක්කයි අයියයි ගැන හිතුවේ නෑ කියලා.

ඇත්තටම ඒ වෙලාවේ අක්කගෙයි අයියගෙයි තාත්තා කැමැති වෙලා නැහැ එයාලා අපි ලගට ගන්නවට. අම්මා ඉවසීමෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා.

අදටත්අ ක්කයි අයියයි දෙන්නත් අපිත් එක්ක සතුටින් ඉන්නවා මමත් ඒ වගේම ඕනි දේකට මුහුණ දෙන්න පුළුවන් චරිතයක්. මම හිතන්නේ අම්මගේ ආත්ම ශක්තිය තමයි මට තියෙන්නෙ කියලා තාත්තයි ඊට වඩා වෙනස් එයා ආගමට දහමට ගොඩක් ලැදියි.”

ඉතින් ඒ විදිහට අදහස් ඉදිරිපත් කළ රයිනි චාරුකාට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියල අපි හදවතින්ම සුභපැතුම් එක් කරන්නෙමු

06.

07.

මෙන්න බලන්න තවත් පුවත්