ගෙදර ඩීසල් ගස්, පෙට්‍රල් ගස් හදාගන්න විදිහ උමංදාවේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන් කියලා දෙනවා

උමංදාවේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන් මෑත කාලයේ දී ගොඩක් ජනප්‍රිය වුණා. youtube නාලිකා හරහා උන්වහන්සේ පිළිබඳ විවිධ කතා ගොඩනැගුණා. ඉතින් මේ ජනප්‍රියත්වයට හේතු වුනේ උමන්දාව ලෙස නම් කරලා තියෙන ගම්මානය. මොන මොන කතා කිව්වත් උන්වහන්සේ අති සාර්ථක ගම්මානයක් පවත්වන්න යනවා. මේ ක්‍රියාවලිය අපේ මුළු රටටම ආදර්ශමත් දෙයක්. මිනිසුන් හැම වෙලාවෙම නැහැ, බැහැ කියාගෙන ඉන්න දඟලන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් නැගිටින හැටි උන් වහන්සේ උන්වහන්සේගේ ගම්මානය උපයෝගී කරගෙන මිනිසුන්ට කියා දෙනවා. මේක ඇත්තටම වටින දෙයක්.

ඉතින් උන්වහන්සේ ගුවන් විදුලි නාළිකාවකට පැමිණි බොහොම වැදගත් කාරණා ටිකක් කියලා තියෙනවා. සමාජයට බොහොම වැදගත් පණිවිඩයක් සමන්තභද්‍ර හිමියන් අපිට ලබා දීලා තියෙනවා. මේ කතාව අතරතුර සිදු වූ විශේෂ සිදුවීම් තමයි අද මම ඔයාලට මේ ලිපියෙන් ගෙනාවේ. ජීවිතේට ගන්න පුලුවන් ලොකු ආදර්ශමත් දෙයක් මෙහි තියෙනවා.

රටේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට එකම විසදුම වන්නේ ගෙවත්තේ තම පරිභෝජනය සදහා අත්‍යවශ්‍ය ආහාර වගා කරගැනීම පමණක් බව උමංදාව බෞද්ධ විශව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර හිමියන් මේ වැඩසටහනේදි පැවසුවා.

තවද උන්වහන්සේ පවසා සිටියේ  ඒ සදහා විරුද්ධවන අය රටින් පිටුවහල් කලයුතු බවයි.

ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියා.

“කෙනෙක් අහල තියනවා පෙට්‍රල් ගස්, ඩීසල් ගස් හිටවන්න බැරිද කියලා. පුළුවන් හිටවන්න ඒ කියන්නේ මං කිසිදෙයක් බෑ කියන්නේ නෑනේ.

මං කියන්නම් ඩීසල් ගස් හිටවන විදිහ. ගෙදර මිරිස් ගස් ටිකක්, තක්කාලි ගස් ටිකක් හදාගත්තාම රටින් ඔය ගේන එක නවතිනවද වැඩිවෙනවද?. නවතිනවා. දැන් අපට ප්‍රශ්නය වෙලා තියෙන්නේ තෙල් ගෙන්න සල්ලි නැත්තේ ඇයි.

අත්‍යාවශ්‍ය ආහාර ගෙනාවහම තෙල් ගෙන්න වෙන්නේ නෑ. අපට පුලුවන්නම් අපට අත්‍යවශ්‍ය ආහාර ටික ලංකාවේ හදා ගන්න එතකොට තෙල් ගෙන්න සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද ? . ගෙදර මිරිස් ගහක් හිටවනවා කියන්නේ ඩීසල් ගහක් හිටෙව්වා වගේ තමයි.

ගෙදර තක්කාලි ගහක් හිටවනවා කියන්නේ ඩීසල් ගහක් පෙට්‍රල් ගහක් හිටෙව්වා වගේ තමයි. මේ ග්‍රෝත්‍රික අදහස් සමාජගත කරන්න දෙන්න නරකයි. වගාවට කවුරු හරි විරුද්දනම්, ගස්කොලන් සතා සිවුපාවන් හදනවට ගස් හිටවනවට,පැල හිටවනවට,වගා කරනවට විරුද්ධනම්.

මම කියන්නේ මේ වගාවට විරුද්ධවෙන ඔක්කොටම හන ගහලා රටින් පිටුවහල් කරන්න ඕනේ. එතකොට තමා අපි හැදෙන්නේ.”

ඉතින් උන් වහන්සේ පැවසුව සෑම කාරණයක්ම ඇත්ත නේද කියලා ඔයාටත් තේරේයි ටිකක් කල්පනා කළොත්. අපි උන් වහන්සේගේ මේ සත් ක්‍රියාව ආදර්ශයට ගමු. මිරිස් පැලයක් හරි හිටවමු. පුංචි හරි සහනයක් ලැබෙයි අපිට.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්