කලා ක්ෂේත්‍රය තුල ඉන්න කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියන්නේ. ඉතින් ඒ වගේම ටික් ටෝක් හරහා රංගනයට එන ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ‘තෝඩු’ කියන ටෙලි නිර්මාණය හරහායි.

වැඩි හදිස්සියක් නැතිව රංගනයෙන් දුර ගමනක් යන්න උත්සහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනපු රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. ඉතින් ඒ වගේම ටික් ටොක් වලින් පැමිණි ගමන් මගත් එක්ක ඇයට රුපවාහිනී වෙළඳ දැන්වීම්වලට වගේම ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙන්න වාසනාව හිමි වුනා.

ඇයගේ දක්ෂතාවය නිසාම මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙන්නට අවස්තාව ඇයට උදා වෙලා තියනවා. ඒ අතරින් පහුගිය දවස්වල අපේ රටේ ඉතාම ප්‍රසිද්ධ වුන නිලාන් හෙට්ටිආරච්චිගේ ‘යන්න යනවද’ කියන ගීතය තුලිනුත් ඇය බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණා.

ඇය ටික් ටෝක් නිසා හොඳ ප්‍රසිද්දියක් වගේම ඇයගේ දක්ෂතා තව තවත් ඔපනන්වා ගනිමින් සාර්ථක ගමනක් යන දක්ෂ කළා ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ වෙනකොට මේ සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා කියන්නම් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය කැදැල්ලෙන් අහන්නට ලැබුණු සතුටුදායක පුවතක් ගැන තමයි අපි මේ කියන්නට යන්නේ.

ඉතින් ඒ තමයි සෙව්වන්දි නයනතාරා මේ වනවිට උතුම් මව් පදවියට සුදානම් වන පුවත. ඉතින් ඇය මේ ගැන ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ඡායාරූප කිහිපයක් සමඟ සටහනක්ද එකතු කරමින් පවසලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

අපූරු දෙයක් අපව සතුටු කරන්නයි යන්නේ. අපි දෙන්නා අපේ නම් අම්මයි තාත්තායි කියලා වෙනස් කර ගන්නයි යන්නේ කියලයි ඇය සටහනක් එක් කරමින් පවසලා තිබුනේ. ඉතින් ඇයට බොහෝ දෙනෙක් සුබපතලා තියනවත් අප්පට දැකගන්න ලැබුණා.

ඉතින් උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.

මෙන්න බලන්න තවත් පුවත්