ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ නිවේදන ශිල්පිනියක්,රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ජනප්‍රිය කලාකාරිනියක් තමයි උදාරි පෙරේරා කියලා කියන්නේ

මේවෙද්දී සිනමා චිත්‍රපට හරහා රංගන ශිල්පිනියක ලෙස උදාරි ඉතාමත් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා.

පහුගිය කාලයේ අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන ප්‍රවේගය සිනමාපටයට ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු අතර,එම සිනමාපටය තුළින් ඇයට ඉතාමත් ඉහළ   ජනප්‍රියත්වයක් සහ ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

නිරූපිකාවක ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේවෙද්දී මෙරට ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින ජනප්‍රිය වගේම සුන්දර රංගන ශිල්පිනියක් .

මියුසික් වීඩියෝවන් සදහා සම්බන්ධ වන ඇය ඉරාජ් සහ සංගීත් සමඟ රන් රන් රන් ගීතයේ වීඩියෝවට සම්බන්ධ වෙලා තිබුණා.

ඉන් අනතුරුව ඇය වෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ සඳහාද සිය රංගන දායකත්වය ලබාදීමට කටයුතු කර තිබුණා.

ඒ කොහොම වෙතත් කලා ලෝකය තුළ ඇයට බොහෝදෙනෙකු උදාරි පෙරේරා කියන නම භාවිතා කළත් ඇගේ සම්පුර්ණ නම ශෂිකා උදාරි පෙරේරායි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුල්ම රැකියාව කල ඇය පසුකාලීනව රූපවාහිනී නිවේදිකාවක් ලෙස රැකියාවේ නියැලුණා.

උදාරී පෙරේරා කියන මේ සුරූපී නිහතමානී චරිතය මේවෙද්දී ඇයගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යන බවයි අපට දැනගන්නට ලැබුණේ.

මේවෙද්දී අපේ කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඊයේ දිනය සුවිශේෂ දිනයක් බවට පත්වුණා.

ඒ ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීම නිසාවෙනුයි. ඉතින් එලෙස යෙදී තිබුණු සිය උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු උපන්දින සාදයක් ලස්සනට සංවිධානය කර තිබුණා.

01.

.

02.

03.

.

04

 

කෙසේවෙතත් එලෙස චාම්ව සිය උපන්දිනය සැමරූ ඇගේ මේ සුන්දර අවස්ථාවට සාරංග,දිනක්ශි,සංගීතා,සචිනි ඇතුළු තවත් අපේ රටේ කළා තරු කිහිපයක් සහභාගී වෙලා තිබුණා.

05.

06.

07.

08.

09.

10.

11.

ඉතින් මේ විදිහට උපන්දිනය සැමරූ මේ නිහතමානී රංගන ශිල්පිනියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්