මේවෙද්දී මෙරට පුංචි තිරය තුළ විකාශය කෙරෙන බොහෝමයක් ටෙලි නිර්මාණ තුළින් අපට දැකගන්නට ලැබෙන ලාංකිකයන් හැමෝටම හුරුපුරුදු චරිතයක් තමයි සංජානා ගමආරච්චි කියල කියන්නේ.

රංගනයට පිවිසි මුල් කාලයේදී අපට ඇයව පෙම්වතියගේ චරිතය නිරූපණය තුළින් දැකගන්නට ලැබුණු අතර වර්තමානය වෙද්දී ඇයව හාස්‍යඋත්පාදක රංගන ශිල්පිනියක ලෙස දැකගන්නට ලැබෙනවා.

කලා ලෝකයේ අභියෝගවලට මුහුණ දෙමින් ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇය පහුගිය දවසක ඇය සිය වර්තමාන ජීවිතය පිළිබඳව අදහස් කීපයක් විවෘතව හුවමාරු කරගෙන තිබුණා. ඒ මෙලෙසයි

“මම අලුත් කෙනෙක් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් පවුලෙ නැහැ.ඉතිං බලපෑම් තියෙනවා. ගොඩක් ගැටලු තිබුණා. ඒත් මට පුළුවන් විදිහට මගේ ගමන යනවා. ක්ෂේත්‍රය තුළ මට වචන කිව්වට කමක් නැහැ. ඒත් මම කැමැති නෑ මගේ පවුලෙ අයට කිසිම වචනයක් කියනවට.

කතා හැදෙනකොට මම මාර විදිහට ෂොක් වුණා. මට හිතාගන්න බැරුව ගියා මම මොකක්ද කරන්න ඕනි කියලා. අම්මා නැතිවෙලා ඒ වෙද්දි අවුරුද්දක් වත් නැහැ.

ඒකත් එක්ක මේවා අහපුවාම හිතාගන්න බැරුව ගියා. මම down වුණා. තාත්තා නංගි මං ගාව හිටියා. මම පස්සෙ ඒකට පුරුදු වුණා. දැන් මට ඒවා දකිද්දී හිනා යනවා.”

අම්මා තමයි මගේ ජීවිතේ මම අදටත් හොයන්නේ අම්මව. ඒත් අම්මා නෑ මම නැති වෙද්දි මම හිටියේ කොළඹ. අම්මා හිටියේ මාතර අම්මට පිළිකා රෝගයක් තිබුණා. එයා මාර දුකක් වින්දා.

අම්මට අමාරුවෙලා කොළඹ ගේනකම් මම ලෑස්ති වෙලා හිටියේ අම්මව බලන්න යන්න. ඊට පස්සේ පුංචි එකපාරටම කෝල් කරල කිව්වා සුදු මැනික අම්මට පොඩ්ඩක් අමාරුයි ඔයා ඉක්මනට එන්න කියලා.” යනුවෙනුයි

කොහොම නමුත් ඇය අවසානයේ මාතරට යද්දි ආදරණීය අම්මා මේ ලෝකෙන් යන්නම ගිහින්. ඒ අඳුරු මතකය අදටත් තමන්ගේ හදවත පාරනවා කියලයි ඇය නොයෙක් අවස්ථාවන් වල දී සඳහන් කර තිබුනේ.

ඉතින් මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් සුවිශේෂ වු ගමනක් යන ඇයට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවා කියල අපි ඇයට හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

මෙන්න බලන්න තවත් පුවත්