උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ කලා ක්ෂේත්රය තුළ ඉන්න  පුංචි තිරයේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්.  මේ වන විට විවාහ ජීවිතයට සමුදීලා ආදරණීය දියණිය සමගින් තනිවම ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන කලාකාරිනියක් විදියට තමයි අපි ඇයව දකින්නේ. පසුගිය කාලසීමාව තුළදී උපේක්ෂා කලා නිර්මාණ සමග වැඩිපුර දකින්න ලැබුණේ නැහැ ඒකට මූලිකම හේතුව ඇය දේශපාලන රාජකාරීන් සමග කාර්යබහුල වූ නිසයි.

නමුත් මේ වන විට සියලුම දේශපාලන කටයුතුවලින් අයින් වෙලා ඇය කලාවට පමණක් මුල්තැන දීලා ක්‍රියා කරනවා කියලා සඳහන් කළා. ඒකට මූලිකම හේතුව දේශපාලන වේදිකාව ඇයට නොගැළපීම ලෙසයි. ඒ පිළිබඳව එක්තරා පුවත්පතකට උපේක්ෂා කලකට ඉහතදී අදහස් ප්‍රකාශ කරලා තිබුණේ මේ ආකාරයටයි.

“දේශපාලනය ගැන දැනුමක් තිබ්බෙ නැති නිසා මට වැරදුනා.  360 වැඩසටහනින් මිනිස්සු එක ගැන දැනගත්තා. ජීවිතය හැම දෙයක්ම දෙපැත්තක් තියෙනවා කියන්නත් ඒ වැඩසටහන හොඳම උදාහරණයක් මොකද ඒකෙන් මට හානියක් වුණා වගේම හොඳකුත් වුණා. මිනිස්සු මම කවුද මගේ දේශපාලන පසුබිම මොකක්ද කියන එක දැනගත්තා. ඒ වගේම අවුරුදු පහක් පාර්ලිමේන්තුව හිටපු එකත් එක්ක මම ලැබූ අත්දැකීම් එක්ක මට පරිණත කමක් ලැබුණා. මට ආසන සංවිධායක ධූරයක් හෝ අධීක්ෂණ ධුරයක් හම්බුනේ නැහැ මට ලැබුණු විමධ්‍යගත අරමුදල්වලින් මට පුළුවන් උපරිම දේ කලා.  හැමෝම පොරේක ඉන්නේ ඒ පොරේට මම හරියට මුහුණ දුන්නේ නැහැ ඒ වෙනුවෙන් කෑ ගහන්න තිබ්බ කියලා අද හිතෙනවා. ඒ වගේම පක්ෂය මාරු කරපු එකක් මට හා නියක් එහෙම ප්‍රතිපත්තියක නොහිටිය එක ගැන මම කනගාටු වෙනවා.”

අන්න ඒ සියලුම කාරණා නිසා ඇය යළි කිසිදු දිනක දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලත් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ඇය කැමතියි.

ඒ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඇය ඉෂ්ට කරගන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

copied

මෙන්න බලන්න තවත් පුවත්