වර්තමානය වනවිට ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි නර්මදා යාපා අබේරත්න කියල කියන්නේ.

ඇත්තෙන්ම නිරූපණ ක්ෂේත්‍රය තුළින් කලාවට පිවිසෙන ඇයට මේවෙනකොට ලාංකිකයන් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.

එක්තරා අවස්ථාවකදී ඇය රූප රාජීනී කිරුළක් දිනාගන්නා අතර නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇයට ඇගේ ම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට හැකිවෙනවා

කෙසේ වෙතත් මීට වසර කිහිපයකට ඉහතදී අපට නිරූපණ ශිල්පිනියක ලෙස දැකගන්නට ලැබුනු ඇයව වර්තමානය වනවිට රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් ලෙසත් දැක බලා ගැනීමට අපට අවස්ථාව හිමිවෙලා තිබෙනවා.

ඇත්තෙන්ම මීට වසර කිහිපයකට පෙරදී ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය නර්මදාගේ අලුත්ම තොරතුරු පිළිබඳ දැනගන්නට ඇගේ රසික පිරිස බලාගෙන ඉන්නවා.

නර්මදා එක්තරා අවස්ථාවකදී ගුවන්විදුලි වැඩසටහනක් සමගින් සම්බන්ධ වෙමින්  ඇගේ ජිවිතයේ අලුත්ම තොරතුරු ගැන සාකච්ඡා කර තිබුණා.

ඉතින් ඇය සදහන් කරන ආකාරයට ඇය විවාහ දෙකකින්ම ජීවිතය ගැන ඉගෙනගෙන අද වෙද්දි තනිකඩ ජීවිතයක් ගත කරනවා.

ඒ ඇගේ ආදරණීය දරුවන් දෙදෙනාත් සමගිනුයි. ඇත්තෙන්ම ඇයට ආදරණීය පුතුන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් දෙදෙනාම හැදී වැඩෙන්නේ ඇය ළගයි.

ඇය පවසනවා  මගේ ආදරණීය අක්කා සහ අක්කා බැඳපු අයියා දරුවන් දෙන්නට කිසිම අඩුවක් නොකර ඔවුන් දෙදෙනාව බලා ගන්න නිසාවෙන් මට හිත නිදහස් කරගෙන ඕනෑම වැඩ කටයුත්තකට නිරත වෙන්න පුළුවන් කියල .

කෙසේවෙතත් ඇය සඳහන් කරන ආකාරයට ඇගේ එකම ශක්තිය මෙ ආදරණීය අක්කා සහ අම්මා තාත්තා ඇතුළු පිරිස තමයි.

ඒ විතරක් නොවෙයි එක්තරා අවස්ථාවකදී ඇය සඳහන් කරනවා ඇගේ දරුවන් තාත්ත ගැන දැනගන්න අවශ්‍ය නැහැ කියන කාරණාවක්. ඇත්තෙන්ම ඊට හේතුව වෙන්නේ නර්මදා ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව තනිව දරුවන් දෙදෙනාව හදාවඩා ගැනීමයි

ඉතින් මේ විදිහට අදහස් දක්වන නර්මදා තවත් අවස්ථාවකදී කියන කතාවක් තමයි ඇයට දැන් පිරිමි කියන ජාතිය එපා වෙලා කියන කතාව. මේ අතර බොහෝ දුරට ඉස්සරහට විවාහයකට යන්න ඉඩකඩ නැහැ කියලත් ඇය පවසනවා.

ඒ කොහොම උනත් මේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනිය  ඇගේ පැරණි පෙම ගැන සිහිපත් කරමින් හරි අපූරු කතාවක් කියනවා

“මගේ පළවෙනි commercial එක පොඩ්ඩක් ලඟ ප්‍රසිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ නමින් තමයි ක්ලාස් ගියාම මට පිරිමි ළමයි කෑ ගහන්නේ. ඉතින් කවුරුත් මගෙන් යාළුවෙන්න අහන්නේ නැහැ.

මට හිතෙනවා හැමෝටම පෙම්වතෙක් ඉන්නවා ඇයි මගින් යාලුවෙන් අහන්නේ නැත්තේ කියලා. වෙලාවකට මට හිතෙනවා මම කැතද මට එහෙම කෙනෙක් නැත්තෙ කියලා.

ඇත්තටම ඕ ලෙවල් වලින් පස්සේ තමයි මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ. එතකන් හිටියේ නැහැ. මම යාළුවෙලා දවස් දෙකෙන් තුනෙන් අපේ ගෙදරෙනුත් දැන ගත්තා. එයා මාත් එක්ක වචනයක්වත් කතා කරන්නැතුව ම ගෙදරින් දැනගත්තා. එච්චරට මම මෝඩයි

අපේ තාත්තා රට හිටියේ. අම්මයි ,අක්ක ගෙදර හිටියා ඒ නිසා ගොඩක් දේවල් ගෙදර හැඟුනේ නැහැ. මාසයක් යද්දී ගෙදරින් ඔක්කොම දැනගෙන ගෙවල් වලිනුත් කතා කරලා ඉවරයි. මම එයත් එක් අවුරුදු හතරක් යාළුවෙලා හිටියා.

මම මාධ්‍ය ක්ෂේත්‍රයට ආවේ ඒ මගින්. එතකොට ලෝකේ දැකලා තිබ්බේ නැහැ ඇත්තටම. එතකොට මන් දන්නෙ එයා කියන එක විතරයි මම පොඩියි.

ඉතින් එයාගෙ ඇත්ත ජීවිතේ එළියට ඇවිල්ලා දැක්කට පස්සේ  එයා මට ගැළපෙන්නෙ නැහැ හිතුන. ඉතිං අපි දෙන්නම කතා කරලා අයිං වුණා. අදටත් කතා කරනවා හිතින් තරහක් මරහක් නෑ.”

ඒ විදිහට අදහස් දක්වපු ඇය තවමත් මේවෙනකොට ගත කරන්නේ තනිකඩ දිවියක්. ඉතින් නර්මදා යාපා අබේරත්න කියන මේ ශිල්පිනියට ඇගේ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

01.

02.

03.

04.

05.

06.

07.

 

මෙන්න බලන්න තවත් පුවත්