සුපිරි බොලිවුඩ් නළු රංවීර් සිං පෙනී සිටින ලද නිරුවත් ඡායාරූප කිහිපයක් හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඔහුට විරුද්ධව “කාන්තාවන්ගේ හැඟීම් වලට රිදවා ඇති බව පවසමින්”  (sentiments of women) ඉන්දීය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

අදාළ සංවිධානය විසින් චෙම්බූර් පොලිසිය වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර,එහිදි ඔවුන් විසින් සඳහන් කොට ඇත්තේ රංවීර් සිං සිය ඡායාරූප මගින් පොදුවේ කාන්තාවන්ගේ හැඟීම්වලට හානි කර ඔවුන්ගේ විනීතභාවයට අපහාස කර ඇති බවයි.

ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ යුතු බවට අදාළ සංවිධානය විසින් ඉල්ලීම් සිදු කොට ඇත.

රංවීර් සිං විසින් PAPER සඟරාව සඳහා සිදු කරන ලද ඡායාරූප පෙළක් සිය ඉන්ටග්‍රෑම් ගිණුම හරහා බෙදා ගැනීමත් සමග බොලිවුඩය පුරාවට මේ පිළිබඳව අවධානය යොමු වූ අතර, ඇතැමුන් එම ඡායාරූප විවේචනය කොට තිබුණේ, මනා හැදියාවක් සහිත ඉන්දියානු සංස්කෘතියට එම ඡායාරූප මගින් හානි වන බව සඳහන් කරමිනුයි. 

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්