ඇය පානය කරපු වස ඇගේ ම රණයට බලපෑවද කියලා හරියටම අපිට කියන්න බෑ..: ජීවන රඟඩලෙන් සමුගත් සූකිරි කෙල්ලගේ ජීවිතයෙන් බිඳක්

දෙනිපිටිය විතානගේ සුමනා අමරසිංහ 1948 ඉපිද කලා ලෝකයම හඩවමින්  2022 ජූනි 5 දින ජීවන රඟමඩලෙන් නික්මුණා. ඇය ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානනීය නිළියක්.  නාට්‍යයේ සිට විකට රංගනය දක්වා ඉහළ බහුවිධ නිළියක් වන ඇය සාමාන්‍යයෙන් සිංහල සිනමාවේ “සූකිරි කෙල්ල” ලෙස හැදින්වූවා. රංගනයට අමතරව ඇය සහය අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියක් ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලාංකේය සිනමාවේ නිෂ්පාදනය, ගායනය, සම අධ්‍යක්ෂණය සහ සම සංස්කරණය සඳහා දායක වූ එකම නිළිය ද ඇයයි.

සුමනා 1948 පෙබරවාරි 21 වැනි දින ශ්‍රී ලංකාවේ මහනුවර කටුගස්තොට රණවන ප්‍රදේශයේ සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලැබුවා. ඇගේ පියා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඇගේ පවුලට නුවර ඉන්න බැරි නිසා කොළඹ ඇවිත් ගල්කිස්සේ කුලී ගෙදරක නතර වුණා. ඇය මුලින්ම ගියේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයටත් පසුව කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයටත්. ඇයට එක් සහෝදරියක් සහ සහෝදරයන් හතර දෙනෙක් සිටී. මේ තමයි සූකිරි කෙල්ලගේ පවුලේ විස්තර.

සූකිරි කෙල්ල විවාහ වූයේ කීර්තිමත් නළුවෙකු සහ අධ්‍යක්ෂවරයකු ද වූ රෝයි ද සිල්වා සමඟයි. අපි දන්නවා සිංහල සිනමාවේ ඔවුන්ටම ආවේනික යුවලක් ඉන්නවා. සමාජයද එය අනුමත කරනවා. ඉතින් ඒ විදිහට සිනමාවේ ජනප්‍රිය වූ යුවලක් තමයි සුමනා සහ රෝයි කියන්නේ. රෝයි ද සිල්වා ඇයට මුණගැසෙන්නේ 1969 හතර පෙරළිය චිත්‍රපටයේදී. විවාහ උත්සවය සිදු වුණේ 1975 අගෝස්තු 30 දින. මේ යුවළට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. රෝයි ද සිල්වා 2018 ජුනි 30 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටියදී ලෝකයම හඩවමින් මිය ගියා. ඉතින් මේ තමයි සූකිරි කෙල්ලගේ ආදර කතාව.

2014 වසරේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අමරසිංහ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. චිත්‍රපටයක් සඳහා ඇය ඉන්දියාවේ සංචාරයක යෙදී සිටියදී වසක් අඩංගු පානයක් පානය කර ඇති බවට මෙහිදී දැනගන්නට ලැබිලා තියෙනවා. එය ඇගේ අක්මාවට මෙන්ම හදවතට ද බලපා තිබෙනවා. එක් අවස්ථාවක ඇගේ හදවත පවා නතර වෙලා. මෙම විෂබීජය ඇගේ මොළයට ඇතුළු වී නොමැති අතර ඇය සෙමෙන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කතාව කවුරුත් නොදන්න කතවාක්.

ඇය පානය කරන වස ඇගේ මරණයට බලපෑවද කියලා හරියටම අපිට කියන්න බෑ. කොහොම වුණත් 2022 ජූනි 05 වැනි දින වයස අවුරුදු 74 දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගියා.

ඇගේ රංගන ජීවිතය ගැන කතා කළොත්,

ඇය පාසල් වියේදීම “ලස්සන මුහුණ” රූ රැජින තරගයට ඉදිරිපත් වී කිරුළ දිනුවා. ඉන්පසුව ඇය එල් එම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර පෙරළිය චිත්‍රපටයේ රඟපෑවාය. ඇයගේ මංගල සිනමා අත්දැකීම 1967 දී Ruby de Mel විසින් අධ්‍යක්ෂණය කරන ලද පිපෙන කුමුදු චිත්‍රපටිය හරහා සිදු වුණා. Ruby de Mel නිසා ඇයගේ පියා සුමනාට එම චිත්‍රපටිය සඳහා පමණක් යාමට අවසර දුන්නා. කෙසේ වෙතත්, ඇය තම පියාට බොරු කළ අතර පසුව රෑන ගිරව් , දහසක් සිතුවිලි , සමනල කුමරියෝ සහ හතර පෙරළිය වැනි තවත් චිත්‍රපට රාශියක් රඟපෑවා.

රංගනයට අමතරව, ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අතර, එහිදී ඇය 1980 දී ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව යන රටවල රූපලාවන්‍ය පාඨමාලා හැදෑරුවා.  ඇයගේ පළමු ප්‍රධාන ජයග්‍රහණය 1975 දී තිරගත වූ සූකිරි කෙල්ල චිත්‍රපටිය හරහා සිදු වූ අතර, එය ඇයට “Sweet girl in Sinhala” යන අන්වර්ථ නාමය ලබා දුන්නා.

ඇය සිය සැබෑ සැමියා සමඟින් චිත්‍රපට කිහිපයක රඟපෑ අතර එය සිංහල සිනමාවේ සංස්කෘතියක් බවට පත් වුණා. ඉන්පසුව ඇය තිස්ස විජේසුරේන්ද්‍ර සමඟ දින 100 කට වැඩි කාලයක් තිරගත වූ සුදු පරවියෝ සහ සිතක සුවඳ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට සම්බන්ධ වූණා. 1982 දී ඇය කඩවුනු පොරොන්දුව ප්‍රතිනිර්මාණයේ රඟපෑවාය, එහිදී ඇය රුක්මණී දේවි විසින් කලින් රඟපෑ චරිතය රඟපෑමට තරම් වාසනා වන්ත වුණා. ඇය නාට්‍යමය චරිත සමඟින් චිත්‍රපට ජීවිතය ආරම්භ කළද, පසුකාලීන අවස්ථා වලදී විශේෂයෙන්ම ඇගේ සැමියා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට හරහා ඇය විකට චරිත වෙත යොමු වුණා. බිනරමලී , සුනේත්‍රා , ජොන්සන් සහ ගොන්සන්, රැ දනියෙන් දවල් මිගෙල් ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් වෙනවා.

ඉතින් අද අපි කතාකලේ ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ වටිනා කියන නිළි රැජනක් ගැන. ඇත්තටම ඇගේ අහිමිවීම සිංහල සිනමාවට මහත් අවාසනාවක්. කොහොම වුණත් සූකිරි කෙල්ලට නැවතත් සිනමාවේ නිළි රැජිනක් ලෙස  ඉපදෙන්නට වරම් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

https://www.newsmania.lk/

 

මෙන්න බලන්න තවත් පුවත්