ඇන්තනී පවුලේ පුංචි සිඟිත්තියත් අලුත්ම සිනමාපටයකින් කලා ලොවට පිවිසෙයි

අලුත්ම සතුට උතුරන ආරංචිය එහි සිංහසීවලී (ළමා අවදියක්) මගේ දුව ලෙසම රඟපෑමට ආරණ්‍යයා තෝරා ගැනීමයි – අකිල ධනුද්දර

අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ඉතාම ජනප්‍රිය ඇන්තනී පවුලේ ලොකු පුතා තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් විදිහටත් අකිල ධනුද්දරව හදුන්වන්න පුලුවන්. ඒ වගේම සිනමා රංගනයට පිවිසුණු අකිල මේ වෙද්දී ජනප්‍රියම නළුවෙක් බවට පත්වෙලා තියෙනවා.

ඉතින් ඒ වගේම ඔහුගේ සහෝදරයා වන සජිත අනුත්තර වගේම ආදරණීය සහෝදරිය වන මාධවී ඇන්තනී කියලා කියන්නෙත් අපේ රටේ හැමෝම වගේ ආදරය කරන දක්ෂ කළා කරුවන් බව අපි දන්නවා.

ඉතින් මේ රංගනයට ගායනයට නර්තනයට නිවේදනයට උපන් හපන්කම් කියන අකිල ධනුද්දර විවාහ වුනේ සුරූපී තරුණියක් වන එමී සමඟයි. ඉතින් ඔවුන්ගේ විවාහයත් රටම කතාවුනු විවාහයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහු දැන් දියණියක් ඉන්න ආදරණීය තාත්තා කෙනෙක්. මේ වනවිට සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම අපට අහන්නට දකින්නට ලැබෙන මේ පුංචි පවුල ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

                

ඉතින් කලා ලෝකයේ සැරි සරන අයට අලුත් ආරංචියක් කියන්න තියෙනවා. අකිලගේ චූටි දියණියගේ නම තමයි සකි ආරණ්‍යා ඇන්තනී. මේ චූටි පැටික්කිත් සිනමාවට පැමිණෙන බව අකිල ධනිද්දර පවසනවා. ඒ බව ඔහුගේ මුහුණු පොතේ මෙලෙස සටහන් කර තිබුණා.

“ශ්‍රි ලංකා චිත්‍රපට ඉතිහාසයේ ඉහලම ආදායම් වර්තා,ප්‍රේක්ෂක වර්තා තැබූ “සිරි පැරකුම්” ච්ත්‍රපටයෙන් මාවත් “සූරිය අරණ” චිත්‍රපටයේන් මල්ලිවත් සිනමාවට බිහිකෙරූ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයෙන් හා රේනුකා බාලසූරිය නිශ්පාදනයෙන් නිර්මාණය වන “සිංහබාහු ” ච්ත්‍රපටයේ ‍‍මමත්,මල්ලීත් සහ අප්පච්චිත් රංගනයෙන් දායක වීමට නියමිතයි… එය විශාල ගෞරවයක්,සතුටක්,වාසනාවක්

අලුත්ම සතුට උතුරන ආරංචිය එහි සිංහසීවලී (ළමා අවදියක්) මගේ දුව ලෙසම රඟපෑමට ආරණ්‍යයා තෝරා ගැනීමයි

දුවව යෝජනා කල රත්නාලාලනීනැන්දාට විශේෂ ස්තුතිය..”

ආරණ්‍යයා ඇන්තනී පවුලට ආඩම්බරයක් වන බව නම් සැකයක් නෑ. පුංචි දූගෙ රංඟන දස්කම් සිංහබාහු චිත්‍රපටයෙන් අපිට ඉදිරියේදි බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය පවුලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්