ඇන්තනි පවුලට එකතු වුණ අලුත් අමුත්තා කවුද?

බුවීයි මමයි අද ඉඳන් අම්ම කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි වුනා. පුදුමාකාර හැඟීමකින් හිත පිරිල තියෙන්නේ. ඔයාලාගේ අවංක සුභ ප්‍රාර්ථනා වලට හැමෝටම පිං…

ඇන්තනී පවුලම මේ දවස්වල ගොඩාක් සතුටින් ඉන්නේ. ඒකට හේතුව තමයි ජැක්සන් ඇන්තනි දෙවන වතාවටත් සීයා කෙනෙක් වුණ එක. ඒ කියන්නෙ සජිත ඇන්තනි අප්පච්චි කෙනෙක් වෙලා.

රිදී තිරයෙත් පුංචි තිරයෙත් , කළා ලෝකයේම නමක් දිනාගෙන සිටින පවුලක් තමයි ඇන්තනි පවුල. මේ පවුලේ සිටින බාල පුතා සජිත ඇන්තනි මේ දවස්වල ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තියනවා. ඒ නාඩගම්කාරයෝ ටෙලි කතාව නිසා. සරා කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි පිටරට වල සිටින අයගෙත් ප්‍රේක්ෂකාදරය දිනා ගත් චරිතයක්. තාත්තාගේ රුවටත් සමාන මේ කඩවසම් තරුණයා ළමා කාලයේදීම තමයි රංගන ක්ෂේත්‍රයට එන්නේ සූරිය අරණ චිත්‍රපටයෙන්. පියාගේ අඩි පාරේ යමින් පැමිණ සිටින ගමනේ අද වෙනකොට රටේම ආදරේ දිනාගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා. සජිත ගැන ගොඩක් විස්තරත් කතා කරන්න තියනවා.

ඊට කලින් අලුත් අමුත්තා ගැන කතා කරමුකො. ඉතින් මේ සුභ ආරංචිය මොකද කියලා කියව්වොත් සජිත සහ ඔහුගේ ආදරණිය බිරිඳ බුවී ළඟදීම දෙමාපියන් වීමේ බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් ඒ ආදරණිය සිහිනය සැබෑවක් කරමින් බුවී සහ සජිත මව් පියන් වෙලා තියනවා කියලා ආරංචි වුණා. විශේෂයක් වන්නෙ මේ කතාව වැඩිය සමාජ ගත කිරීම ඇන්තනි පවුල වැඩිය කැමති වෙන්න නැතුව ඇති. මොකද අද කාලයේ ජනප්‍රිය චරිත මව් පදවියක් ලැබෙන්න යනවානම් විවිධ උත්සව වලින් මුල් කාලයේ ඉදලම සමරනවා. නමුත් ඇන්තනි පවුලේ එහෙම එකක් දකින්න ලැබුනේ ඉතාම අඩුවෙන්. ඉතින් ඔන්න සජිත ඇන්තනි මේ සුබ ආරංචිය ගැන ඔහුගේ මුහුණු පොතේ සටහනක් තියලා තිබුණා.

‘බුවීයි මමයි අද ඉඳන් අම්ම කෙනෙකුයි අප්පච්චි කෙනෙකුයි වුනා. පුදුමාකාර හැඟීමකින් හිත පිරිල තියෙන්නේ. ඔයාලාගේ අවංක සුභ ප්‍රාර්ථනා වලට හැමෝටම පිං’.

ඉතින් මෙවැනි සටහනක් එක්කම ලස්සන වීඩියෝ එකකුත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා. ඉතින් අපි හැමෝම ආදරේ කරන සරා හෙවත් සජිත ඇන්තනිට සහ ඔහුගේ බිරිඳ බුවීටත් අලුත උපන් පුංචි පැටියටත් සුභ ආනගතයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරමු.

බොහෝ කාලයක් කළා ක්ෂේත්‍රය තුල වැඩිය පෙනෙන්න සිටියේ නැති සජිත නැවතත් තම ජනප්‍රියත්වය හදාගත්තේ සරා කියන චරිතය හරහායි. දැන් ඔහුට ලැබෙන ආදරේ නම් කියන්න වචන නැති තරම්. ඔහුගේ මේ සුභ ආරංචිය දැනගත් ගමන්ම ආදරේ කරන ප්‍රේක්ෂකයින් දහස් ගණනක් සුභ පැතුම් එක්කරලා තිබුනා. මේ වෙනුවෙන් ජැක්සන් ඇන්තනි අකිල සහ මාධවිත් සමාජ මාධ්‍ය තුලින් සජිතට සුභ පතලා තිබුනා. එහෙනම් අපිත් මේ ලස්සන කැදැල්ලට නැවතත් සුභ පැතුම් එක් කරමු.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්