අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් තමයි අංජලී මෙත්සරා කියලා කියන්නේ. මීට වසර ගණනාවකට කලින් විකාශනය වුනු හෝ ගානා පොකුණ සිනමා පටයේ ඇය අන්ද ගැහැණු ළමයෙකුගේ චරිතයකට රංගනයෙන් දායක වුණා. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 තරගාවලියේ අනු ශූරතාවය හිමිකර ගැනීමටද වාසනාවන්ත වුනේ ඇයයි.

ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහා ඇයට අසීමිත ප්‍රේක්ෂක ආදරයක් හිමි වුන නිසාම එම තරගාවලිය හරහාම ඇයගේ ආදරවන්තයාත් හමු වෙලා කියලා පහුගිය දවස්වල බොහෝ දෙනෙක් අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා වෙන්න පටන් ගත්තා. ඩ්‍රීම් ස්ටාර් තරඟයටම සහභාගි වූ පැතුම් විමලවීර අංජලීගේ පෙම්වතා කියලා බොහෝ දෙනෙක් පැවසුවත් ඔවුන් දෙදෙනා පෙම්වතුන් නෙමෙයි කියලා තමයි අංජලී නම් කියන්නේ.

අවසන් එකළොස් දෙනා අතර හිටිය එකම කාන්තා නියෝජනය ඇය නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය ඇය දිහාට යොමු වුණා කියලයි ඇය කියන්නේ. ඇය ලිට්ල් ස්ටාර් එකේ හිටියා කියලා ‘හෝ ගානා පොකුණේ’ රඟපෑවා කියලත් ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ‘නින්ද නොයන හැන්දෑවේ’ ගෲප් සෝන්ග් එක කියද්දි ඒකෙ වයිරල් වුණ කොටස කිව්වේ ඇය සහ පැතුම් නිසා ඊට පස්සෙත් ඔවුන් ගොඩක් ගීත ගායනා කළාලු. ඒ වගේම තරඟයෙන් පස්සෙත් විවිධ වැඩසටහන්වලට ඔවුන්ට ආරාධනා ලැබුණාලු. ඒ නිසා ගොඩක් දෙනෙක් ඔවුන් දෙන්නා ගැන වැඩිපුර කතා වෙන්න පටන් ගත්තා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය ගොඩක් ගොඩක් සමීපව ආශ්‍රය කරපු කිහිප දෙනෙක් හිටියාලු. ඒ වගේම තරගාවලිය පුරාවටම ඔවුන් බොහොම හොඳින් සමගියෙන් වැඩ කළා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේ අයගෙන් ඈත් වෙද්දි දුක හිතෙනවාලු. ඉතින් පැතුම් තරගයෙන් ඉවත් වුණ අවස්ථාවේ ඇය සංවේදී වුණෙත් ඒ අය ඇයට ගොඩක් සමීප නිසාලු. එතැන වෙන විශේෂ හේතුවක් නැහැ කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම පහුගිය දවසක පේජ් එකකින් ෆොටෝ ෂූට් එකකට ඇයට ආරාධනා කළාලු. ඉතින් ඒකට පැතුම්වත් එකතු කරගත්තාලු. ඉතින් ඒ ෆොටෝ ෆේස්බුක් දැම්මාට පස්සේ හිතා ගන්නවත් බැරි විදියට ප්‍රතිචාර ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන් දෙන්නා පෙම්වතුන් කියලා හිතාගෙන ගොඩක් අය සුබපැතුම් පවා එකතු කළාලු.

ඇත්තටම කියනවා නම් ඒ ෆොටෝ ෂූට් එක වයිරල් වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇයට ආදරය කරන රසික රසිකාවියන් කතා කරලා සුබ පැතුම් එකතු කළාලු. ඒ වගේම පැතුම් සහ ඇය ගොඩක් ගැළපෙනවා කියලාත් ඒ අය කීවාලු. කොහොම වුණත් පැතුම් සහ පෙම්වතුන් කියලා පැතිරෙන කතාව නම් ගොසිප් එකක් විතරයි කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදරය කියන්නේ හරිම සුන්දර හැඟීමක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ ලෝකේ හැමෝගෙම ජීවිතවලට ආදරය අවශ්‍යයි කියලත් ඇය කියනවා. ඒ වගේම මිනිස්සු වගේම සතුනුත් ආදරයට කැමතියිලු. ඉතින් ඒ වගේම අම්මාගේ තාත්තගේ, සහෝදර සහෝදරියන්ගේ රසික රසිකාවියන්ගේ, යහළු යෙහෙළියන්ගේ ආදරය ඇයට අඩුවක් නැතිව ලැබෙනවාලු. ඉතින් ඇය ඒ ආදරය විඳිනවා කියලත් ඇය කියනවා. නමුත් තවමත් ඇයට පෙම්වතෙක් නැති නිසා ඒ ආදරය ගැන නම් අත්දැකීමක් නැහැ කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින නිසා ඇය අධ්‍යාපනය කටයුතුත් එක්ක තරමක් කාර්යබහුල වෙලා කියලත් ඇය කියනවා. ඉතින් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සඳහා සූදානම් වන ඇයගේ දැන් ලොකුම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමලු. ඉතින් ඒ වගේම ඒ අතරතුර කලා කටයුතු සඳහාත් හැකි අයුරින් කාලය වෙන් කරන බවත් ඇය පවසනවා. ඉතින් ඇයගේ ඉදිරි වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

 

මෙන්න බලන්න තවත් පුවත්