ආදරය කරද්දි නොදැනුවත්ව වෙන මේ දේවල් නිසා ඒ ආදරය බිදෙන්න පුළුවන්

අපි අපේ ලිපි වලින් එකිනෙකට වෙනස් මාතෘකා ඔයාලා එක්ක කතා කරන්න කරනවා. ඉතින් අද කතා කරන්නේ වෙනස්ම කතාවක්. වෙනදා කතා කරන දේවල් වලට වඩා ටිකක් වෙනස් කතා කතාවක්. වෙනස් දෙයක් වුණත් මම හිතනවා අපි හැමෝටම මේ කාරණාව නම් බොහෝම වැදගත් වෙයි කියලා.

love

තරුණ අපි ආසයි ආදරේ කරන්න. ඒ වගේම මම දන්නවා අපේ යාලුවෝ හැමෝම මේ වෙනකොට කාත් එක්ක හරි ආදරෙන් බැඳිලා ඇති. ආදරේ කරන අයට විතරක් නෙමෙයි, විවාහය යුවළකට වුණත් අද අපි කතා කරන දේවල් ගොඩක් වැදගත් වෙනවා.

අපි කොයි කාගේත් ප්‍රථම ප්‍රේමය සාර්ථක වෙන්නේ කලාතුරකින්. ප්‍රේම සම්බන්ධතා තිබුනත් විවාහ ජීවිතයට ඇතුළත් වෙලා ජීවිතේ අවසන් වෙනකන්ම එක්කෙනෙක් සමඟම ජීවත් වෙන්න හැකි වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයකට. මම දන්නවා ඔයා අවංකවම හදවතින්ම ආදරේ කරනවා ඇති, ආදරේක කරන්න ඇති. ඒත් ඇයි එහෙනම් ඔයාගේ ප්‍රේමය ටිකක් කාලයකට පමණක් සීමා වුණේ. මේ ප්‍රශ්නය ගොඩක් අයට තියෙනවා.

අවංකවම ආදරේ කරත් ඒ අයගේ සම්බන්ධතා වැඩිකල් පැවැතුණේ නෑ. ආදරේ කරද්දි, අපි නොදැනුවත්වම අපිට වැරදි පුරුදු ඇතිවෙනවා. බොහෝ විට මේවා නැති වෙන්නේ ආදරේ වැඩි කමට වෙන්නත් පුළුවන්. ඒත් සම්බන්ධයක් බිඳීමට තරම් මේ වැරදියි පුරුදු ප්‍රබල වෙනවා. අන්න ඒ නිසා තමයි මේ නොදැන කරන වැරදි සම්බන්ධව ඔයත් එක්ක අද කතා කරන්න හිතුවේ.

  • එකිනෙකාට ගෞරව නොකිරීම

ආදර සම්බන්ධයත් ඉදිරියට ගෙන යන්න නම් මේ එකිනෙකාට ගෞරව කිරීම කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ගෞරවය කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ ඔහුට අවමන් නොකර හිදීම වෙන්නත් පුළුවන්. එසේ ඉන්න ඔබ උත්සාහ කරන්න ඕනෑ. හැම වෙලාවෙම කෙනෙක් ආදර ගෞරවයෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ ආත්ම ගරුත්වය කෙලෙසා දමන්නෙ නැතුව කටයුතු කරන්න. ඉතින් අපි ඕන කෙනෙක් කැමති තමන්ට ගෞරව කරනවා නම්. ඉතින් ගෞරවය කියන්නේ ආදර සම්බන්ධතාවකට අත්‍යවශ්‍යම දෙයක්. විවාහක යුවළක් වුණත් එකිනෙකාට ගෞරව කිරීම අනිවාර්යයෙන් සිතද්ධ වෙන්න ඕනේ. බොහෝ වෙලාවට සිතනවා ආදරේ කරන යුවලක් හරි විවාහක යුවළක් වුණත් පිරිමි කෙනා යටතේ ඉන්න ඕනි කියලා. තීරණ ගන්නේ ඔහුයි. මෙන්න මේ විදිහට මතයක් අපේ සමාජයේ තියෙනවා. මම කියනවා ඒක වැරදි වැටහීමක්. මොකද පිරිමියා ගැහැනියටත් ගැහැනිය පිරිමියාට ගෞරව කිරීමයි සිදු වෙන්න ඕනේ.

  • අධික ඉරිසියාව

අපි කවුරුත් කැමතියි අපි හා ආදරේ කරන කෙනා අපේම විතරක් වෙනවට. තවත් කෙනෙක් එක්ක අපි ආදරේ කරන කෙනා නිකම් කතා කරත් අපේ හිත ගොඩක් රිදෙනවා. ඉතින් මේක තමයි ඉරිසියාව. ආදරය කරන කෙනා එක්ක කාලයක් ගත කරද්දි ඔන්න ඔය ඉරිසියාව ටිකෙන් ටික නැති වෙනවා. අපේ සම්බන්ධයක් දිගු කලක් නොපැවතීමට මේකත් හේතුවක් වෙනවා. සම්බන්ධතාවයක් ඉදිරියට ගෙන යන්න මේ ඉරිසියාවක් එක්ක ඔයාට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ඉරිසියාව තුළින් දෙදෙනෙක් අතර විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කෙනාට අපේ ඉරිසියාව ලොකු වදයක් වෙන්නත් පුළුවන්.

නමුත් යෙහෙළියකට පෙම්වතියකට ආකාරයෙන් සලකන්න ගියොත් ඉරිසියා කරන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි ඔබ ඔබේ පිරිමි යාලුවාට පෙම්වතෙකුට ආකාරයෙන් සලකන්න ගියොත් ඒකත් ගොඩක් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් දෙයක් වෙනවා. ඉතින් පුරුදු වෙන්න ඕනේ මේ අධික ඉරිසියාව නැති කරගන්න. ඒ වගේම දෙදෙනාම පුරුදු වෙන්න ඕන සීමාව ඉක්මවා නොයන්න.

  • සැක කිරීම

ආදරය වැඩිකමට තමයි සැකය කියන දේත් ඇති වෙන්නේ. උදේ නැගිට්ට ගමන් ගුඩ් මෝනින් මැසේජ් එක ආවේ නැත්තම් එතන ඉදලාම සැකෙන් තමයි ඉන්නෙ. කාර්යාලයට ගියපු ගමන් මම කාර්යාලයට ආවා කියන මැසේජ් එක ආවේ නැත්තම් ඔන්න එතන සැකයක්. පැයක් දෙකක් පරක්කු වුනොත් එතනත් සැකයක්. පරක්කු වීමට සාධාරණ හේතුවක් අනිත් කෙනාට තියෙන්න පුළුවන්. ඒත් පරක්කු වීමට හේතුව අහන්න කලින් අපි තීරණය කරලා ඉවරයි පරක්කු වුණ පැයට එයා මොනවද කරන්නේ ඇත්තේ කියලා. ඒක තමයි සැකය  කියන්නේ. සම්බන්දයක් බිදීමට මේක ලොකු හේතුවක් වෙනවා. වැරැද්දක් නොකර සැකයකට ව්හාජනය වෙන්න අපි කවුරුත් කැමති නෑනේ. ඒ නිසා සාධරණ හේතුවක් නැතිව සැක කරද්දි දෙපාරක් හිතන්න.

  • බොරුවට පේන්න ආදරය කිරීම

අද ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ බොරුවට ආදරය කරනවා වගේ රඟපාන එකට. සමාජයට පේන්න විතරක් ආදරය කරන අය තමයි අද ගොඩක් ඉන්නේ. ගැටලු ගොඩාක් හිතේ තියාගෙන ගැටලු නෑ වගෙ පෙන්නන්න හදනවා. ඉතිං ජීවිතේම බොරුවට රඟපාන්න තමයි වෙන්නෙ එහෙම වුනොත්. ඒක හොඳම නැති දෙයක්. මොකද ජීවිතේ එක කොටසක් විතරයි ආදරේ කියන්නේ. අපි මුලින් ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගත්ත නම් රගපාන්න යන්න ඕන වෙන්නේ නැහැ. ආදරේ කියන එක නිකම්ම අපි ගාව රැඳිලා තියෙනවා. රගපෑම මඟින් අපි අපේ සහකරුවාව රවටනවා. ඒකේන් සම්බන්දය අනිවාර්‍යෙන්ම බිදෙනවා.

  • තරහ හිතේ තියන් හිදීම

මෙන්න මේ තරහ හිතේ තියාන ඉදීම ගොඩක් වෙලාවට කරන්නේ කාන්තා පාර්ශවය. මොකද දෙදෙනාගෙන් එක් අයෙකු අතින් වැරැද්දක් සිද්ධ උනහම ඔවුන් ඒ වැරැද්දට සමාව දෙනවා වෙනුවට තරහ හිතේ තියෙන ඉන්නවනම් ඒක ගොඩක් නරක දෙයක්. ඔබ සමහර වෙලාවට වචනයෙන් සමාව දුන්නත් එය ක්‍රියාවෙන් පෙන්වන්නෙ නැහැ. එසේ සිද්ද වෙන්නේ තරහ තවමත් හිතේ තියාගෙන ඉන්න විට. ඉතින් ඔයාගේ සම්බන්ධතාවේ රැකගන්න නම් අනිවාර්යයෙන්ම සමාව දෙන්න සිද්ධ වෙනවා. අපේ කෙල්ලෝ ඉතින් කැමතිනේ තරහා වෙලා ගස්ස ගස්ස ඉන්න. ඒත් ඒක ටිකක් භයානකයි. ඉවසීම වුනත් ගොඩක් දුරට අල්ලන් ඉන බෑනේ. තරහ හිතේ තියන් හිඳීමෙන් වෙන්නේ ඔය දෙනාම ඈත් වෙන එක. ඉතිං ආදර සම්බන්ධයක් රැක ගැනීමට නම් අනිවාර්යයෙන්ම තරහ හිතේ තියන් ඉන්නේ නැතුව කතා කරලා ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න එක තමයි හොඳම දේ.

  • කොච්චර කලත් හොඳක් නැති වීම

මෙන්න මේකත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. මොකද කියනවනම් අද ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා කොච්චර කලත් ඉන් හොඳක් දකින්න නැතිව ඉන්න. මේක දෙපාර්ශ්වයටම පොදුයි. අපි පුරුදු වෙලා ඉන්නේ තමන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරයි කියන බලාපොරොත්තුවකින්. එය එසේ සිද්ධ වෙනවා තමයි. ඒ උනාට මේකෙන් කියවෙන්නේ ඒක නෙවෙයි. ඔයා හැම වෙලාවෙම කොච්චර කලත් කොච්චර හොඳ කලත් ඒත් එයාගේ ප්‍රශංසාවක් නැත්තං එකෙන් වැඩක් නෑ. ඔබ කරන කියන දේ පිළිබඳ අගය කරන්න ඕනේ. එවිට තමයි ආදරය වුණත් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ආදර සම්බන්ධයක් නොනෑසී නොනැවතී පවතින්න නම් අපි එකිනෙකා අගය කරන්න ඕනේ. එකිනෙකාට ආදරය කරන්න ඕනේ. ඉතින් කොච්චර කලත් හොඳක් ලැබෙන්නේ නැත්නම් ඔවුන්ට ආදරේ කියන දේ එපා වෙනවා. ඉතින් එපා නොකර ආදරය කරන්න නම් අපි එකිනෙකා අගය කරමින් ඒ ආදරේට වටිනාකමක් ලබා දෙමින් ඔහු හෝ ඇය තමන් වෙනුවෙන් කරන කැපකිරීම් වලට වටිනාකමක් දෙන්න පුලුවන්නම් ඔබට ඔබට පුළුවන් ඔබේ ආදරය රැකගන්න පුළුවන්. හැම එකටම බනින්නෙ කෑගහන්නේ නැතුව කරන හොඳ දේත් අගයන්න පුරුදුවෙන්න. දිරිමත් කරන්න. ජීවිතය ජයගන්න දෙදෙනාම එකතු වී කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි ඔබේ ආදරේ තියෙන සාර්ථකත්ව පැතිකඩ වෙන්නේ. එයින් ඔබේ ආදරයත් වැඩි වෙනවා. ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා.

තව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. තවත් දවසක ඒ දේවල් කතා කරමු. ඔයාගේ සහකරුවාට අවංකවම ආදරේ කරනවා නම්, එයාව මුළු ජීවිත කාලෙම හොයාගෙන තියාගන්න ඕනි නම් කරුණාකරලා මම මේ කිව්ව වැරදි පුරුදු අතාරින්න. මම හිතනවා ඔයාට එයත් එක්ක මුළු ජීවිත කාලෙම සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි. මගේ මුළු හිතින්ම ප්‍රර්ථනා කරනවා අවංකවම ආදරේ කරන හැමෝගෙම ආදරය රැකේවා කියලා.

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්