අනාගතවාදියෙකු වූ නිකෝලා ටෙස්ලා ( Nikola tesla) කියලා තියෙනවා 369 ඉල්ලක්කම් වල තියෙන වටිනාකම ඔබ දන්නවා නම් විශ්වයේ යතුර තියෙන්නෙ ඔබ අතේ කියලා..

අළුත විවාහ වෙන්න සිටින අයට සහ විවාහය ප්‍රමාද අයෙකුටත් ඒ වගේම ආදරය අහිමි වූ කෙනෙකුටත් ආදරය නැවත ලබා ගන්න උත්සාහ කරන කෙනෙකුටත් ඒ වගේම විවාහ ජීවිතය අසාර්ථක වුන අයටත් කරන්න පුලුවන් ඉතාම හොද ක්‍රමයක් මේක..

01.

මේ ක්‍රමය ඔබ කරන්න කලින් ඔබ හිතන විදිහ වෙනස් කරන්න ඕනි.ඔබට දෙවියෙක් වෙන්න අවශ්‍ය නම්,ඔබ දෙවියෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනි..දෙවියෙක් විදිහට හිතලා කටයුතු කරන්න පුලුවන් නම්,ඔබට දෙවියන් එක්ක කතා කරන්න පහසුයි..

02.

ඒ වගේම තමයි ආදරය කියන දේ ලබන්නත් අපි ආදරණීය වෙන්න ඕනි..එහෙම ආදරණීය නොවුනොත් අපිට ආදරය ලැබෙන්නෙ නෑ.අපි ආදරය නොවී තව කෙනෙක්ගෙන් ආදරය ලබා ගන්න බෑ.

03.

ඉතින් අනිත් ක්‍රම වගේ නෙවෙයි මේ ක්‍රමය දවස් 21ක් හරියට කරන්න ඕනි..
🌟 මේ ක්‍රමයෙදී ඔබ මුලින්ම කරන්න ඕනි..පාවිච්චි නොකරපු අලුත් තනි රූල් පොතක් අරගෙන ලස්සන කපල් එකක් ඉන්න පින්තූරයක් පිට කවරයට දා ගන්න.

🌟 ඊට පස්සෙ පොතේ පළවෙනි පිටුවේ උඩින්ම 01.වන දිනය කියලා දා ගන්න.ඊට පස්සේ උදෑසන කාලයේ මේ වාක්‍ය එකම විදිහට තුන්පාරක් ලියන්න.

🌠 ඉතා වාසනාවන්ත විවාහ ජීවිතයක් පවත්වා ගැනීමේ හැකියාව සහ වාසනාව මා සතු බව මම දනිමි.

ආයේ දහවල් කාලයේ අලුත් පිටුවක 01.වන දිනය කියලා ලියන්න.ඊට පස්සේ මේ වාක්‍ය 6 පාරක් ලියන්න.

🌠 ඉතා යහපත් සාමකාමී ආදරණීය විවාහ ජීවිතයක් මට ලැබීම ගැන මම සතුටු වෙමි.

රාත්‍රී කාලයේත් මේ විදිහටම අලුත් පිටුවක 01.වන දිනය කියලා ලියන්න.ඊට පස්සෙ මේ වාක්‍යා 9 පාරක් ලියන්න.

🌠 ඉතා යහපත් සාමකාමී ආදරණීය විවාහ ජීවිතයක් මට ලබා දුන් විශ්වයට ස්තූතියි.

04.

මේ විදිහටම ඔයා දෙවන දිනය,තුන්වන දිනය කියලා ලියලා මේ වාක්‍ය ටිකම නියමිත වෙලාවෙදි දවස් 21ක් හරියටම කරන්න ඕනි හොද ප්‍රතිඵල ලබා ගන්න නම්..

ඉතින් ඔබට සුභ විවාහ ජීවිතයකට සුභ පැතුම්..
ආදරණීය විශ්වයට සහ ඔබට ස්තූතියි

Sanduni Attanayake

මෙන්න බලන්න තවත් පුවත්