අද මැච් එක බලන්න කහා ඇදුම් අදින අයට, සනත් ජයසූරිය කියන කතාව

කොහොමද යාලුවනේ? අද ඉතින් අපේ තරුණ තරුණියන්ට වගේම ලංකාව වාසි හැමෝටම විශේෂ දවසක්. ඒකට හේතුව තමයි අද තමයි ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර තියෙන අවසාන ක්‍රිකට් සංග්‍රාමය තියෙන්නෙ. දැනට ලංකාවා ජයග්‍රහණය කර අවසන් වුණත් මේ මැච් එක තියනකම් තමයි අපිත් බලන් ඉන්නේ.

ඉතින් සමාජ මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළ මේ වෙනකොට දැඩි කතාබහට ලක්වෙනවා මේ ක්‍රිකට් මැච් එක බලන්න එනවනම් කහ වර්ණයෙන් යුතු ඇඳුමක් ඇඳගෙන එන්න කියලා. පුද්ගලිකව මගේ මතයත් ඒක හොඳ දෙයක්. මොකද මේ වගේ ලංකාවට අසීරු අවස්ථාවක ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණිම අපිට ගොඩක් වටිනවා. ඉතින් ඒ රටට ගෞරවයක් විදිහට, ක්‍රීඩකයන්ට ස්තුති පුද කිරීමක් විදිහට කහ වරණයෙන් යුතු ඇදුමක් අදින එක හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ.
ඉතින් විවිධ අදහස් විවිධ මිනිසුන් මේ අවස්ථාවේදී දරන්න පුළුවන්. මේ කාරණාව ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට පැමිණි මේ විදිහට අදහස් දක්වලා තියෙනවා.

ඔහු පැවසුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය පළකිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙන මෙම කටයුත්ත ඉතාමත් හොඳ දෙයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් තරුව සනත් ජයසූරිය.

“අපි යම්කිසි සහයෝගයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙනවානම් ඒක හොඳ දෙයක්. නරක දෙයක් නෙවෙයි කහපාට ඇඳලා එන්න පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඒ සහයෝගය දෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ආපු නිසා ඒ අයට ස්තූතිය පළකරන්නනේ මේක කරන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.”

http://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්