Last Update | 2020 – Jun – 10 | 09:00 PM
ලෝකයේ
![]() |
වාර්තා වී ඇති |
![]() |
සුව වූ |
![]() |
මරණ |
|
ශ්‍රී ලංකාවේ
![]() |
වාර්තා වී ඇති |
![]() |
ප්‍රතිකාර ලබන |
![]() |
සුව වූ |
![]() |
සැක සහිත |
![]() |
මරණ |
EMERGENCY CONTACTS
- 1990 : සුව සැරිය ගිලන් රථ සේවාව
- 119 : පොලිස් හදිසි ඇමතුම් අංශය
- 117 : ජනාධිපති කාර්ය සාධක බලකාය
- 011-2422222 : ගිනි නිවන හමුදාව
- 011-2421052 : සංචාරක පොලීසිය
- 011-2691111 : ජාතික රෝහල කොළඹ
- 071-0107107 : සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය
- 011-3071073 : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය
- 011-3090502 / 113 : නිරෝධායනය පිළිබඳ තොරතුරු දැන ගැනීමට
කෝරොනා ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කරගත හැකි රෝහල්
Infectious Diseases Hospital – IDH
National Hospital – Colombo
De Soysa Hospital for Women – Colombo
Lady Ridgeway Hospital – Colombo
General Hospital – Mulleriyawa
Teaching Hospital – Ragama
District General Hospital – Negombo
District General Hospital – Gampaha
National Hospital – Kandy
Teaching Hospital – Karapitiya
General Hospital – Hambantota
Teaching Hospital – Jaffna
Teaching Hospital – Batticaloa
Teaching Hospital – Anuradhapura
Provincial General Hospital – Kurunegala
Provincial General Hospital- Badulla
Teaching Hospital – Ratnapura
නිවසේ දීම නිරෝධායනය වීමට උපදෙස්
විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් වීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ.
1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.
2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.
3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.
4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.
5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.
6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.
7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.
8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.
9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.
10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ.
සක්‍රිය සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරීක්ෂණයට ලක්වීම
1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.
2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.
3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ, අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.
4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.
5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය.
Ministry of Health & Indigenous Medical Services Guidelines
Sri Lankan returnees from overseas countries where local transmission has been established for coronavirus infection are required to be home quarantined to prevent community transmission.
The concept “Home quarantine” is considered as keeping visibly healthy, possible high-risk contacts separately at non-health care settings.
Following measures are expected to be followed under this concept:
- Consider to allocate a separate room with adequate ventilation at home if possible and household members should stay in another room or to be separated from the returnee.
- Maintain at least one meter distance from family members.
- Preferably, household members should use a separate bathroom. But, if sharing the same bathroom, cleaning of taps, doorknobs and utensils with soap and water are a requirement.
- Need to minimize visitors to home and returnee should not face any visitors.
- Frequent hand washing with soap and water for at least 20 seconds at a time and maintain alcohol based hand hygiene in instances where hand washing facilities are inadequate
- Avoid touching eyes, nose and mouth with unwashed hands.
- Home quarantined person is expected to monitor body temperature using a thermometer twice a day. If gets fever , cough, difficulty in breathing, sore throat, body aches and pain, including flue like symptoms, immediately inform MOH / PHI of the area immediately.
- The disposable facemasks and gloves after use should be properly discarded without reuse, preferably in a closed container
- Assign separate dishes, drinking glasses, cups, eating utensils, towels, bedding, and other items for the quarantined person.
- Used utensils, bed linen and clothes should wash with soap and water
Self-monitoring with active public health supervision
- MOH is the responsible officer for field supervision and follow up of home quarantined persons.
- MOH assigns Public Health Inspector (PHI) for monitoring of quarantined persons.
- PHI also will check their health status daily by visiting, by a telephone inquiry, SMS throughout the quarantine 14 days’ period.
- In case of a person with signs and symptoms, PHI should immediately inform the MOH and the Regional Epidemiologist.
- Transportation of suspected patient is arranged through “1990 on-call ambulance(Suwaseriya) service” to the nearest government hospital or to the designated hospitals
- Regional Director of Health Services (RDHS) and Provincial Director of Health Services (PDHS) support in administrative activities and Provincial / District Consultant Community Physicians (CCP) and Regional Epidemiologist are providing technical support.
TIMELINE
මැයි 11
- මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින් වෙනුවෙන් තමාට පෙනී සිටීමට නොහැකි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. –
මාර්තු 20 වැනිදාට පසු, අද ගණුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL 20 දර්ශක අගය 10% ට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි. –
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් ලබන 18, 19 සළකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. –
තවත් කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 863 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 343 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර/ දකුණ, කටුකුරුන්ද , නාගොඩ, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම හා බෙන්තොට ඇතුලු ප්‍රදේශවලට හෙට (12) පෙරවරු 8 සිට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවයි. – NWS&DB –
ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තත්ත්වයේ වැඩිවීමක්. මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි. – DMC –
ඇතැම් පාරිභෝගිකයින්ට විදුලි බිල්පත් වැඩිපුර මිල ගණන් සඳහන්ව ඉදිරිපත්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අත්වැරැද්දකින්. තත්ත්වය නිවැරදි කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීරගෙන් උපදෙස්. – විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය –
Update: මාර්තු 20 වැනිදාට පසු, අද ගණුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL 20 දර්ශක අගය 10% ට වැඩි අගයකින් පහත වැටීම හේතුවෙන් අද දිනයට ගනුදෙනු නතර කෙරේ. –
S&P SL 20 දර්ශක අගය 10% ඉක්මවා පහත වැටීම හේතුවෙන් මාර්තු 20 වැනිදාට පසු, ගණුදෙනු ආරම්භ කළ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි. –
මැයි 10
- උසස් පෙළට ඇතුළත්වීමට නියමිත සිසුන්ට www.info.moe.gov.lk ඔස්සේ (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අවස්ථාව. අයදුම්කරුවෙකුට පාසල් 10කට අයදුම්පත් යොමු කළ හැකියි.- අධ්‍යාපන අමාත්‍යාංශය –
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි, ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක කෙරේ. කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට (11) සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 8 සිට අළුයම 5 දක්වායි. – PMD –
කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම කලින් සැලසුම් කල පරිදි හෙට (11) ඇරඹෙයි. – PMD –
තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 856 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර (71) අභාවප්‍රාප්ත වෙයි. –
යුද හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් , විශේෂඥ වෛද්‍ය, මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස වැඩභාර ගනී. –
යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් , මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස වැඩභාර ගනී. –
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් මලයාසියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට රැගෙන එයි. – වාර්තාකරු –
සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල්, හෙට දින විවෘත කළ නොහැකියි.- DIG අජිත් රෝහණ –
මැයි 09
-
-තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 847 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 846 දක්වා ඉහළට – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
-තවත් කොරෝනා ආසාදිතයින් 05ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 260 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-ලබන 11 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික සේවා ලබා ගැනීමට දිනයක් හා වේලාවක් වෙන්කර ගන්න. 0707101060, https://eservices.immigration.gov.lk
-තවත් කොරෝනා ආසාදිතයින් 09 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
-පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදන අවලංගු කරන්නැයි, ඉල්ලා චම්පික රණවක සහ කුමාර වෙල්ගමගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්.
-තවත් කොරෝනා ආසාදිතයින් 15ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 255 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-කොළඹ කොටස් වෙළෙඳපොල ගනුදෙනු කටයුතු ලබන 11 වැනිදා යළි ආරම්භ කෙරේ. – CSE
-තවත් කොරෝනා ආසාදිතයින් 11 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
මැයි 08
- -අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරන ලද පුද්ගලයින්ගේ නම් ඇතුළත්, මෙම කාර්තුවට අදාළ ෆෙඩරල් ලේඛනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් වෙයි.
-තවත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 240 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
මැයි 07
- –
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 804 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 17ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා බන්ධනාගාර වලින් සිරකරුවන් 228 දෙනෙකු නිදහස් කෙරේ. – බන්ධනාගාර කොමසාරිස් ජනරාල් –
කොරෝනා ආසාදිතයෙකු හමු වීම හේතුවෙන් හුදෙකලා කරන ලද, පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභයපුර ගම්මානය යළි විවෘත කෙරේ.- යුද හමුදාපති –
කොරෝනා ආසාදිතයෙකු හමු වීම හේතුවෙන් හුදෙකලා කරන ලද, පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අභයපුර අබයපුර ගම්මානය යළි විවෘත කෙරේ.- යුද හමුදාපති –
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු දිවයිනට රැගෙන එයි. – වාර්තාකරු
මැයි 06
- –
තවත් කොරෝනා ආසාදිතයින් 02 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 797 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 795 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දමයි. SDFR 5.50%, SLFR 6.50%, SRR 4%. – ශ්‍රී ලංකා මහබැංකුව –
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදන අවලංගු කරන්නැයි, ඉල්ලා සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්. –
කොරෝනා බවට සැක කළ, රාජගිරිය සහ කොලොන්නාවේ පුද්ගලයින් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වෙයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් –
තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 774 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු දිවයිනට රැගෙන එයි. – වාර්තාකරු –
COVID-19 මර්දන සටනට සහය වීම සඳහා ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්, මෙරටට ලබා දෙන බව අමෙරිකාව නිවේදනය කරයි. – කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 02 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 215 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) අනුමැතියට යටත්ව බාබර් සාප්පු හා රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අද දින චක්‍රලේඛයක්. – සෞඛ්‍ය අමාත්‍යංශය –
පුත්තලම සිට කොළඹ, ගාල්ල ,හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි බැවින් විමසිලිමත් වන ලෙස ධීවරයින්ට උපදෙස්. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව –
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ලන්ඩනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 196 දෙනෙකු දිවයිනට රැගෙන එයි. – යුද හමුදාපති
මැයි 05
- –
තවත් කොරෝනා ආසාදිතයින් 06 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 771 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 765 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 02 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 762 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 16 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 213 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
කොරෝනා ආසාදිතයින් 09 ක් අද දිනයේ හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 760 දක්වා ඉහළට – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් –
ජූනි 01 වැනිදා පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නැහැ.- අධ්‍යාපන අමාත්‍ය –
කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන්, රාජගිරිය , බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 29ක් සහ කොලොන්නාව ප්‍රදේශයේ 27 ක් ඇතුලු පුද්ගලයින් 138ක් නිරෝධායනය සඳහා යොමු කෙරේ. – යුද හමුදාපති –
මෙරට 09 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලැබු කොළඹ 15 ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් මියයයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් –
සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 197 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේ විෂබීජහරණ ද්‍රව්‍ය ගබඩාවක ගින්නක්. ගින්න නිවීමට රථ 03ක් පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව –
කොරෝනා මර්දනය හා ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කොළඹ, අමෙරිකානු තානාපතිවරිය අතර සාකච්ඡාවක්. – අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය –
ලන්ඩන් හා සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකික සිසුන් රැගෙන තවත් යානා 02ක් හෙට දිවයිනට. මලයාසියාව, පිලිපීනය, ජපානය හා බෙලරූස් සිට සිසුන් ගෙන්වා ගැනීමටත් සැලසුම්. – අද්මිරාල් ජයනාත් කොළඹගේ –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 755 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළට. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 33 දෙනාගෙන් 31ක්, නාවික හමුදා සාමාජිකයින්. දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්. – යුද හමුදාපති
මැයි 04
- –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 19ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 751 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
මෙරට 08 වැනි කොරෝනා මරණය ලෙස හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබු72 හැවිරිදි කුරුණෑගල කාන්තාවක් මියයයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 07ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 194 දක්වා ඉහළට. ආසාදිතයින් සංඛ්‍යාවත් 721 දක්වා ඉහළ යයි.- සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 719 දක්වා ඉහළට – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් –
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැරට යාමට දෙන අවසරය ක්‍රියාත්මක කිරීම ලබන සඳුදා (11) සිට. – DIG අජිත් රෝහණ –
අග්‍රාමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විජේරාම නිවසේදී විශේෂ සාකච්ඡාවක්. –
විශ්‍රාම වැටුප් සහ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝග දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 24ක් අද දින මුදාහැරි බව, මුදල් අමාත්‍යංශ ලේකම් කියයි. –
COVID-19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරට විදේශ ආධාර ලැබී නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි. – අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
පවතින නීතියට අනුව 2020 මහා මැතිවරණය පැවැත්වීම යෝග්‍ය බව, මැතිවරණ කොමිසම කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා උපදෙස් දෙයි. – නීතිපති දෙපාර්තමේන්තුව –
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ආරම්භ වෙයි. – වාර්තාකරු –
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙකු දිවයිනට රැගෙන එයි. – යුද හමුදාපති
මැයි 03
- –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 10ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 718 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැරට යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි. ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවල නිවසින් බැහැරට යාමට මෙය අදාළ වන්නේ නැත. – PMD –
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනපති නියමය අනුව රුපියල් 5,000 දීමනාව මැයි මාසයටත්. පන්දහසේ දීමනාව සහ විශ්‍රාම වැටුප් ගෙවීම හෙට සිට. – PMD –
Update: තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුවන් සමග පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය, තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනී.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක –
Update: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 184යි. ආසාදිතයින් සංඛ්‍යාව 707 .- සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 707 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
අග්‍රාමාත්‍යවරයා හෙට (04) දින කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. – UNP –
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව ශ්‍රී පාදය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 4 දෙනෙකු මස්කෙලියේදී අත්අඩංගුවට. – පොලීසිය –
කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් හුදෙකලා කරන ලද, මහනුවර අකුරණ සහ කළුතර බේරුවල ප්‍රදේශ යලි විවෘත කෙරේ. – යුද හමුදාපති –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 182 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
සිරකරුවන් 07 දෙනකු මහර බන්ධනාගාරයෙන් පලා යාමේ ප්රයත්නයක් ව්‍යර්ථ කෙරේ. කඹයක ආධාරයෙන් පැනීමට ගිය 38 හැවිරිදි රැඳවියෙකු බිමට වැටීමෙන් මරුට. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක –
තවත් කොරෝනා ආසාදිතයින් 3ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 705 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
මැයි 02
- –
තවත් කොරෝනා ආසාදිතයින් 2ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 702 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
පරිප්පු හා සැමන් සඳහා පැනවූ උපරිම සිල්ලර මිළ ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. –
තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 700 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
ශ්‍රී ලන්කන් ගුවන් සේවය බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්, මැයි 3, 4, සහ 5 දිනවල විශේෂ ගුවන් යානා යොදවයි.- ශ්‍රී ලන්කන් –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 172 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
ලබන 4 වැනිදා අග්‍රාමාත්‍යවරයා කැඳවා ඇති රැස්වීමට තමන් සහභාගී නොවන බව බව සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.
මැයි 01
- –
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 690දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 05ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 162 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 15ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 689 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: කොළඹ,ගම්පහ,කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය 4 වැනිදා අලුයම ඉවත් නොකරන බව පොලිසිය කියයි. –
මුලු දිවයිනටම මැයි 6 බදාදා රාත්‍රී 8 ට පනවන ඇදිරිනීතිය මැයි 11 සදුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි. – pmd –
කොළඹ,ගම්පහ,කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය තිබියදී ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්කිරීම මැයි 11 සදුදා. – pmd –
දේශීය කිරිපිටි මිල ඉහලට. නව මිල, 1kg – රු.945/= 400g – රු.380/= මිල ඉහල දැමීමත් සමග දේශීය හා ආනයනික කිරිපිටි මිල ගණන් සමානවෙයි. – පාරිභෝගික කටයුතු අධිකාරිය –
තවත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 674 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 671 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 157 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 666 දක්වා ඉහළට.- රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව –
අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 16 දෙනාගෙන් 9 ක්, නාවික හමුදා සාමාජිකයින්. සෙසු 7දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින්.(ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට).-යුද හමුදාපති –
අලුතෙන් හඳුනාගත් ආසාදිතයින් 16 දෙනාගෙන් 9 ක්, නාවික හමුදා සාමාජිකයින්. ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට.- යුද හමුදාපති –
රුසියානු අග්‍රාමාත්‍ය මිකායීල් මිෂුස්ටීන්ට කොරෝනා ආසාදනය වෙයි. – විදෙස් මාධ්‍ය –
තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 665. සුවය ලැබු සංඛ්‍යාව 154යි. – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව –
තවත් කොරෝනා ආසාදිතයින් 15 ක් සුවය ලබයි. සුවය ලැබු සංඛ්‍යාව 154යි. ඊයේ වාර්තා වූ රෝගීන් 14 දෙනා සමග ආසාදිතයින් ගණන 663යි. – සෞඛ්‍ය අමාත්‍යංශය
අප්‍රේල් 30
- –
Update : තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 660 දක්වා ඉහළට. – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව –
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැදවිය නොහැකි බව, විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් ජනපති දැනුම්දෙයි. –
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීමට පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ග නීතියට අනුකූල බව වැඩබලන පොලිස්පතිගේ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නීතිපති කියයි. –
Update : තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 139 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය –
හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලබන සදුදා අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට කැදවයි. –
ප්‍රවීණ බොලිවුඩ් නළු රිශී කපූර් (67) මුම්බායි හි දී අභාවප්‍රාප්ත වෙයි. – විදෙස් මාධ්‍ය –
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 649 දක්වා ඉහළට. ඊයේ හඳුනා ගත් ආසාදිතයින් 30 දෙනාගෙන්, 22ක් නාවික හමුදා සාමාජිකයින්. – යුද හමුදාපති
අප්‍රේල් 29
- -බ්‍රිතාන්‍යයේ අද දින වාර්තා වු නව මරණ 4,419ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 26,000 ඉක්මවයි. -විදෙස් මාධ්‍ය
-Update: තවත් කොරෝනා ආසාදිතයින් 19 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 649දක්වා ඉහළට.සුවය ලැබූ පිරිස 136 යි. -සෞඛ්‍ය අමාත්‍යංශය
-Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 630දක්වා ඉහළට.සුවය ලැබූ පිරිස 136 යි. -සෞඛ්‍ය අමාත්‍යංශය
-Update: තවත් කොරෝනා ආසාදිතයින් 05 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 627දක්වා ඉහළට.සුවය ලැබූ පිරිස 136 යි. -සෞඛ්‍ය අමාත්‍යංශය
-අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන වෙත නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කෙරේ. -DIG අජිත් රෝහණ
-Update: නාවික හමුදා සාමාජිකයින් 226 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි. ( වැලිසර කඳවුර තුළ 147, නිවාඩු මත සිටි 79) -යුද හමුදාපති
-හෝමාගම මූලික රෝහල අද සිට COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට පත් කෙරේ. -සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු රැගත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වයි. -වාර්තාකරු
-සුදු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 100ක, පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි.
-Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 622දක්වා ඉහළට.-සෞඛ්‍ය අමාත්‍යංශය
-ලබන මස 4 වැනිදා සිට සාමාන්‍ය රාජකාරි සඳහා තැපැල් කාර්යාල විවෘත කෙරේ. මහජනාධාර, වැඩිහිටි දීමනා , ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු ගෙවීම් තැපැල් කවුළු වලින්. -තැපැල්පති
-නිවාඩු ලැබ සිටින පූර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රීඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවාස වලම රැඳී සිටීමට අවසර. -යුද හමුදාපති
අප්‍රේල් 28
- – Update: තවත් කොරෝනා ආසාදිතයින් 08 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය
– Update: තවත් කොරෝනා ආසාදිතයින් 03 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 599 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය
– Update: තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 588 දක්වා ඉහළට. ඊයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 65.- සෞඛ්‍ය අමාත්‍යංශය
– අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 8 දෙනාගෙන් 5 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්.තවත් 03ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්. ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 206. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
– Update: තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය
– ගෝලීය කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2019 වර්ෂයේ වාර්තා වූ 2.3% වර්ධන වේගය, 2020 වසර තුළදී 1.5% ක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
– Update: තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනේ.ආසාදිතයින් සංඛ්‍යාව 592 දක්වා ඉහළට.- රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
– තවත් කොරෝනා ආසාදිතයින් 08ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 134 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු රැගත්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වයි. – වාර්තාකරු
– ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්. සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන්කර සායනවලට යන ලෙස උපදෙස්. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
– මඩකලපුව රෝහලේත් PCR පරීක්ෂණ ඇරඹේ. ඊයේ සවස 5න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා PCR පරීක්ෂණ 1553ක්.- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
අප්‍රේල් 27
- හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක්. – PMD –
Update: තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට. – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
-ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවයි. සුවය ලැබූ සංඛ්‍යාව 883,306 යි. මරණ සංඛ්‍යාව 207,265 – විදෙස් මාධ්‍ය
-තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 557 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයින් 06ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 126 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
අප්‍රේල් 26
- තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 485 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ලබන 28 වැනිදා අළුයම 5 ට ඉවත් කර එදිනම රාත්‍රී 8 සිට යළි ක්‍රියාත්මක කෙරේ. – PMD
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන ලෙස හෙට (27) සදුදා රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. – PMD
-සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. දැනට නිවාඩු සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුයි. – ආරක්ෂක අමාත්‍යංශය
නාවික හමුදා සමාජිකයින් 95 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවෙයි. ( වැලිසර කඳවුර තුලින් 68 ක් හා නිවාඩු ලබා සිටින සාමාජිකයින් 27) – යුද හමුදාපති
-අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි.
– මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 460 දක්වා ඉහළට. ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 40ක්. – යුද හමුදාපති
අප්‍රේල් 25
- -Update: තවත් කොරෝනා ආසාදිතයින් 03ක්, හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
Update: තවත් කොරෝනා ආසාදිතයින් 09ක්, හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 118 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-Update: තවත් කොරෝනා ආසාදිතයින් 05ක්, හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 440 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– Update: තවත් කොරෝනා ආසාදිතයින් 02ක්, හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– දීර්ඝ කාලීනව ගම් වලින් බැහැරව සිට යළි ගම්බිම් වෙත පැමිණෙන පුද්ගලයින් පිළිබඳ පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න. – DIG අජිත් රෝහණ
– Update: අද දින වාර්තා වු කොරෝනා ආසාදිතයින් – කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 7, වැලිසර නාවික කඳවුරෙන් 4 , මොණරාගල රෝහලෙන් නාවික හමුදා සාමාජිකයෙක්, බණ්ඩාරනායක මාවතෙන් අවුරුදු 12ක දරුවෙක්. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
– කොළඹ ,ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 04 , අළුයම 5 දක්වා දීර්ඝ කෙරේ.- PMD
-Update: කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඇඳිරිනීතිය තිබුණද , මැයි 4 වැනිදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට නීති ලිහිල් කෙරේ. – PMD
– සෙසු සියළු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5 ට ඉවත් ඉවත්කර රාත්‍රී 8 යළි පනවයි. – PMD
– මැයි 01 වැනි සිකුරාදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය රාත්‍රි 8 සිට අළුයම 5 දක්වා බලපැවැත් වෙනු ඇති. – PMD
– අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 433 දක්වා ඉහළට – සෞඛ්‍ය අමාත්‍යංශය
–
තවත් කොරෝනා ආසාදිතයින් 07ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 116 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
අප්‍රේල් 24
- “Update : අද දින වාර්තා වු රොගීන් (47) – වැලිසර නාවික කඳවුරෙන් 30, නිවාඩු ලබා සිටි නාවිකයින් 5, බණ්ඩාරනායක මාවතෙන් 11, රෝහල්ගත කර සිටින මරදානේ කාන්තාවක්. – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
-“Update : අද දින කොරෝනා ආසාදිතයින් 47ක් වාර්තා වෙයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 415.
-මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 414 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
අද රාත්‍රි 8ට පනවන ඇඳිරිනීතිය සඳුදා අළුයම 5 දක්වා දිවයින පුරා බලාත්මකයි. – DIG අජිත් රෝහණ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට COVID-19 ආසාදනය වෙයි. කඳවුරේආසාදිත පිරිස 60ක්. – යුද හමුදාපති -අද දිනයේ කොරෝනාආසාදිත රෝගීන් 11 දෙනෙකු හඳුනා ගැනේ.( නිරෝ්ධායන මධ්‍යස්ථාන හා කොළඹ 12 බණ්ඩාරනායක මාවතෙන්). සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 379. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-සියලු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට COVID-19 ආසාදන නොමැති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ රාජකාරි ආරම්භ කිරීමට නීතිපතිවරයා බලධාරීන්ගෙන් අවසර ඉල්ලයි. – නීතිපති දෙපාර්තමේන්තුව
-තවත් කොරෝනාආසාදිතයින් 05ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 373 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය
– පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ COVID-19 සඳහා PCR පරීක්ෂණ කළ 529 දෙනා අතුරින් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වෙයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-අම්පාර, දමන හා උහන පොලිස් බල ප්‍රදේශ 03ටඅතුළුවීම හා පිටවීම තාවකාලිකව සීමා කෙරේ. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
අප්‍රේල් 23
- මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට.
වැලිසර නාවික හමුදා කඳවුරේ COVID-19 ආසාදිත බවට හඳුනාගත් සාමාජිකයා ඇතුලු නාවිකයන් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි. – යුද හමුදාපති
– තවත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 340 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 337 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– අද දින කොරෝනා ආසාදිතයින් 05 ක් හඳුනා ගැනේ. ඉන් 04ක් කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන්. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළට.- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
– පෞද්ගලික රෝහල්වල ද සහය ලබා ගනිමින්, දිනකට COVID-19 හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ 1,000කට වැඩි සංඛ්‍යාවක් සිදු කිරීමට පියවර.- සෞඛ්‍ය අමාත්‍යංශය
– ඉකුත් මස 17 වැනිදා වන විට ලැබී තිබූ සියලු තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදා සවස 4ට පෙර, සහතික කිරීමේ නිලධාරීන් විසින් , ආවරණ ලිපියක් සමග අදාළ කාර්යාල වෙත අතින් ගෙනවිත් භාරදිය යුතුයි. – මහින්ද දේශප්‍රිය
– ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් සිසුන් 101 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය කටුනායකට ගොඩබස්වයි. – වාර්තාකරු
– තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– කොරෝනා අර්බුදයට මැදි වී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවත්, තමා ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් හිටපු කතානායක කරු ජයසූරිය කියයි.
අප්‍රේල් 22
- -කොරෝනා වෛරසය මර්දනයට වෙනත් රටවල හමුදා සහාය අවශ්‍යය නොවන බවත් එවැන්නක් පිලිබදව ඉන්දියාව සමග සාකච්ඡාවක් සිදුනොවු බවත් ආරක්ෂක ලේකම් කියයි.
-තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 323 දක්වා ඉහළට. සුවය ලැබූ සංඛ්‍යාවත් 105 දක්වා ඉහළ යයි. – සෞඛ්‍ය අමාත්‍යංශය
-ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරයි. – PMD
– බාබර් සාප්පු තවදුරටත් වසා තැබීමටත් ,රෝහල් අසළ කුඩා (ආහාර) වෙළෙඳ කුටි තවදුරටත් වසා තැබීමට තීරණය කෙරේ. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-ත්‍රී රෝද රථයක ගමන්කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව 02කට සීමා කෙරේ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-අද දින කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනා ගැනේ. (11 ක් බේරුවල සහ එක් අයෙක් පොලොන්නරුව රෝහලෙන්) මුළු ආසාදිතයින් සංඛ්‍යාව 322 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්-
ජංගම වෙළෙඳුන්ට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක්. අනුගමනය නොකරණ ජංගම වෙළෙඳුන්ගේ ඇඳිරිනීති බලපත්‍රය අවලංගු කරන බව පොලීසිය කියයි. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක —
තවත් ආසාදිතයන් 11 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහලට . – සෞඛ්‍ය අමාත්‍යාංශය —
තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 104 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය —
ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 588ක් අත්අඩංගුවට. මේ දක්වා වාහන 9015ක් සමග පුද්ගලයින් 35,321ක් අත්අඩංගුවට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය”
අප්‍රේල් 21
- පාකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ඇතුලු පිරිසක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වයි. – වාර්තාකරු —
තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 102 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගැනේ . ආසාදිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් —
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 25 ඉක්මවයි. මරණ සංඛ්‍යාව 171,693 දක්වා ඉහළට. – විදෙස් මාධ්‍ය —
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ සිල්ලර වෙලදාම තාවකාලිකව අත්හිටුවයි. වෙළඳ කටයුතු තොග වෙළදාමට පමණක් සීමා කෙරේ. – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව —
තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය —
තවත් කොරෝනා ආසාදිතයින් 05ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 309 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් —
කොළඹ 12, බණ්ඩාරනායක මාවත (107, 137, 166 වත්ත) ප්‍රදේශයේ පුද්ගලයින් 1,020ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යයි. – කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී — කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලුම සංක්‍රමණ තාවකාලික අත්හිටුවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කරන බව අමෙරිකානු ජනපති නිවේදනය කරයි. – විදෙස් මාධ්‍ය
— දිවයින පුරා සියලු මත්පැන් අලෙවිහල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි. – PMD
— කොරෝනා ව්‍යාප්තිය හමුවේ ලෝක ඉල්ලුම පහත වැටීමෙන්, ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඍණ අගයක් ගනී. – විදෙස් මාධ්‍ය
අප්‍රේල් 20
- – 2020, මහාමැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. – මහින්ද දේශප්‍රිය
– තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 98 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 303 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු සියල්ල, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී කැඳවීමට පියවර.
– තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 97 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– කොළඹ, ගම්පහ, කළුතර, සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් – PMD
– කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 27 වැනිදා උදෑසන 5 දක්වා දීර්ඝ කෙරේ. – PMD
– සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ, රාත්‍රී 8 සිට පසුදා අළුයම 5 දක්වායි. 24 වැනිදා රාත්‍රී 8 සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 27 උදෑසන 5 දක්වා බලපැවැත්වෙයි. – PMD
නව කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් – ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල තැපැල් සේවා හෙට (21) ඇරඹේ. තැපැල් බෙදීම 22 වැනිදා සිට. නැවත දැනුම් දෙන තුරු විදෙස් තැපැල් භාර නොගැනේ.- තැපැල්පති
– ඇඳිරිනීති හා දිස්ත්‍රික් සීමා රෙගුලාසිවලට යටත්ව සාමාන්‍ය වාහන සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා කොටස විවෘත කෙරේ. – අධ්යක්ෂ ජනරාල් (RDA)
අප්‍රේල් 19
- -තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 271දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-ලබන 22 වැනිදා දක්වා ඇඳිරි නීතිය බලපවත්වන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් ධාවනය නොවෙයි. අන්තර් පළාත් බස් රථ සේවාවන් 22 වැනිදායින් පසු ක්‍රියාත්මක කෙරේ. – ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි. සුව ලැබූ සංඛ්‍යාව 96 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අද දින තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 269දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-තවත් කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි. සුව ලැබූ සංඛ්‍යාව 91 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
අප්‍රේල් 16
- – දිවයිනේ සියළුම ග්‍රාම නිලධාරීවරුන් රුපියල් 5,000 දීමනාව ලබාදීමේ රාජකාරි වලින් ඉවත් වෙයි. – ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය
– තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 65 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම සලකා බලමින්, මහ බැංකුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කරයි. – CBSL
අප්‍රේල් 15
- -තවත් කොරෝනා ආසාදිතයින් 02ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහලට . – සෞඛ්‍ය අමාත්‍යංශය
-ඉදිරි පැය 24 තුළ , බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ට වැඩි තද වැසි සමග ප්‍රබල අකුණු .- DMC
-තවත් කොරෝනා ආසාදිතයින් 02ක් සුවය ලබා ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 63 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වු රුපියල් 200.47ක අගයට පසු, අද සුළු වශයෙන් අධිප්‍රමාණය වෙයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 195.78යි. – CBSL
-ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි. මරණ සංඛ්‍යාව 126,754 , සුවය ලැබූ පිරිස 484,597. – විදෙස් මාධ්‍ය
-රුපියල් 5,000 සහන දීමනාව ත්‍රීරෝද රථ රියදුරන් හා පාසැල් සිසුන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් ලබා දීමට රජය තීරණය කරයි.- අමාත්‍ය මහින්ද අමරවීර
-අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවයි. තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 6 ක්. – විදෙස් මාධ්‍ය
-මාස 6 ක කාලයක් සඳහා, නවසීලන්තයේ සියලු අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප සියයට 20 කින් කපා හැරේ. – විදෙස් මාධ්‍ය
අප්‍රේල් 12
- -තවත් කොරෝනා ආසාදිතයින් 7 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
- තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 56 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-කොරෝනා ආසාදිතව රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, රෝහලින් පිටව යයි. – විදෙස් මාධ්‍ය
-රාගම සහ වැලිසර රෝහල් සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක් මන්නාරම මුලංකාවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ. – නාවික හමුදාව
-ගම්බිම් බලා යෑමට නොහැකිව බස්නාහිර පළාත තුළ දුෂ්කරතාවන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාවට, පළාත් ආණ්ඩුකාර තුමාගෙන් සහන සේවාවක්. දුරකථන: 011- 2092720
-ජා-ඇල සුදුවැල්ල, ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායන යොමු කළ 28 දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට. – නාවික හමුදාව
-මැයි 4 වැනිදා සිට කාර්ය මණ්ඩලය සඳහාත්, මැයි 11 වැනිදා සිට අවසන් වසර සිසුන් සඳහාත්, මැයි 18 වැනිදා සියලුම සිසුන්ටත් විශ්වවිද්‍යාල විවෘත කෙරේ.- UGC
-තවත් කොරෝනා ආසාදිතයින් 4 ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය –
-මහජනයා ඒකරාශි වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයාගෙන් නියෝග. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 55 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-තවත් කොරෝනා ආසාදිතයෙකු සුව ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 55 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– -විදෙස් ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් අතුරින් තවත් 14 දෙනෙකු සිංගප්පූරුවේ සහ ඕමාන් සිට දිවයිනට.
-තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 199 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
අප්‍රේල් 11
- -දෙවැනි පාසල් වාරය මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කෙරේ. – PMD
-කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දන්වනතුරු ඇඳිරිනීතිය. සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරිනීතිය 16 වැනිදා උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ. – PMD
-තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-විදේශ මුදල් අසීමිතව තැන්පත් කිරීමට නව බැංකු ගිණුමක්. මාස 06ක විශේෂ තැන්පතු ගිණුමකට 1%ක හා මාස 12ක තැන්පතුවලට 2%ක අමතර පොලියක්. – PMD
-අද පස්වරු 4 සිට පැය 12ක්, කැලණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල ,කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශය බියගම, මහර, දොම්පේ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට ජල සැපයුම අත්හිටුවයි. NWS &DB
– -කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන වෛද්‍ය කාර්යමණ්ඩල හා අත්‍යවශ්‍ය සේවාවන්ට ගෞරව කිරීමක් හා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කිරීමට අද රාත්‍රී 7 ට නෙලුම් කුළුණ රතු පැහැයෙන් ආලෝකමත් කෙරේ.
-කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ රාජකාරියේ නිරත, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ තනතුරුවල නිලධාරීන්ට රුපියල් 5,000/- බැගින් මුදල් ත්‍යාගයක්. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-මහා මාර්ගවල සහ අතුරු මාර්ගවල ගමන් කරන සියලු දෙනා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-නාවික හමුදාව ගැඹුරු මුහුදේ කළ වැටලීමකින් රුපියල් මිලියන 3270ක වටිනාකමින් යුත් හෙරොයින් 260 Kg ක් හා අයිස් 56Kg ක් නාවික හමුදා භාරයට. – නාවික හමුදා ප්‍රකාශක
-නාවික හමුදාව ගැඹුරු මුහුදේ කළ වැටලීමකින් රුපියල් මිලියන 327ක වටිනාකමින් යුත් හෙරොයින් 260 Kg ක් හා අයිස් 56Kg ක් නාවික හමුදා භාරයට. – නාවික හමුදා ප්‍රකාශක
– -අමෙරිකාව , ලොව එක් දිනක් තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය පළමු රට බවට පත්වෙයි. අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 18,747. – විදෙස් මාධ්‍ය
-ජාඇල-සුදුවැල්ලෙන් ආසාදිතයන් 6ක් ඇතුලු ආසාදිතයින් 07ක් හඳුනා ගැනේ. මෙරට කොරෝනා ආසාදිතයන් 197 දක්වා ඉහළට: යුද හමුදාපති
අප්‍රේල් 10
- තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් සුවය ලබයි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 54 දක්වා ඉහලට. -සෞඛ්‍ය අමාත්‍යංශය
– අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක්. (1Kg මිල රුපියල් ) කීරි සම්බා 125, කැකුළු සුදු/ රතු 85, නාඩු 90, සම්බා රතු /සුදු 90. – පාරිභෝගික කටයුතු අධිකාරිය
– Update: අවදානම් දිස්ත්‍රික්කවල ඖෂධ බෙදාහැරීම අන්තර් ජාලය හා දුරකථන ඇනවුම් මගින්, සෙසු දිස්ත්‍රික්කවල ඖෂධ අලෙවිහල් පෙරවරු 9 සිට 2 දක්වා විවෘතයි. – අග්‍රාමාත්‍ය කාර්යාලය
– සියලුම වී මෝල් හිමියන්ගේ සේවය, COVID-19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම් දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ . – PMD
– තවත් කොරෝනා ආසාදිතයකු සුවය ලබයි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 දක්වා ඉහලට. -සෞඛ්‍ය අමාත්‍යංශය
– කොරෝනා වසංගතය හේතුවෙන් , මේ වසර තුළදී ගෝලීය ආර්ථික වර්ධනය දැඩි පසුබෑමකට ලක්වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.
අප්‍රේල් 09
- තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට.- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
– මධ්‍යම පළාතේ සහ දකුණු පළාතේ සියලු සුරාසැල්වලට තාවකාලිකව මුද්‍රා තැබේ.- සුරාබදු දෙපාර්තමේන්තුව
– හෙට (10) සිට ඇඳිරිනීතිය උල්ලංඝනය කර , දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් දින 14ක, අනිවාර්ය නිරෝධායනය සඳහා මධ්‍යස්ථානය වෙත. – DIG අජිත් රෝහණ
– හෙට (10) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වාත්, දිවයින පුරා සියලුම ඖෂධ හල් විවෘත කර තැබේ. – DIG අජිත් රෝහණ
– මන්නාරම, පරත්තකන්ඩාල් ප්‍රදේශයේ දී කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට. – පොලීසිය
– රිමාන්ඩ් රැදවියන් සංඛ්‍යාව අඩුකිරීමේදී මත්ද්‍රව්‍ය හා සම්බන්ධ රැදවියන්ට ඇප ලබාදීමේදී සලකා බැලීම සදහා නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නිර්නායක පහක්.
– ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන්, යූරෝ මිලියන 22ක් ප්රදානය කිරීමට යුරෝපා සංගමය එකඟවෙයි.
– ජා ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත් අඩංගුවට – නාවික හමුදාව
– තවත් කොරෝනා ආසාදිතයින් 03ක් සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 47 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යංශය
– ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් 13 ක සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 33ක් දිවයිනට ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය. – සම කැබිනට් ප්‍රකාශක
– NRFC ගිණුම් හිමියන්ට විදේශ විනිමය තැන්පත් කිරීමේදී මූල්‍ය ආයතන වලින් ගෙවන පොලියට අමතරව දිරිගැන්වීමේ 2% ක පොළියක් ගෙවීමට රජය තීරණය කරයි.- අමාත්‍ය බන්දුල ගුණවර්ධන
– ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි. මරණ සංඛ්‍යාව 88,433 දක්වා ඉහළට. සුවය ලැබූ පිරිස 329,731. – විදෙස් මාධ්‍ය
අප්‍රේල් 08
- තවත් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනේ.සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහලට. සුවය ලැබූ පුද්ගලයින් 44යි. – සෞඛ්‍ය අමාත්‍යංශය
-
මෙරට 07 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 44 ක පිරිමි පුද්ගලයෙක් මියයයි.
– සෞඛ්‍ය අමාත්යංශයඅලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන්න. – PMD
– කොළඹ, ගම්පහ, කළුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වලට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. සෙසු දිස්ත්‍රික්ක 19 ඇඳිරිනීතිය හෙට උදෑසන 6 ට ඉවත් කර, සවස 4ට යලි පනවයි.- දිස්ත්‍රික්ක 19 සඳහා හෙට (9) පස්වරු 4 සිට 14 වැනිදා උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කර, එදිනම සවස 4ට යලි පනවයි. – PMD
– අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 200.46 (විකුණුම් මිල) දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL
– රාජ්‍ය හා පෞද්ගලික, අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට රාජකාරී හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිත කිරීමට දුන් අවසරය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර කෙරේ. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
– පසුගිය පැය 24 තුළ මරණ 1966ක්, වාර්තා වීමත් සමග අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවයි. ලොවපුරා මරණ සංඛ්‍යාව 82,000 දක්වා ඉහළට. ආසාදිතයින් ගණන , 1,430,516 – විදෙස් මාධ්‍ය
– අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,815ක් හා වාහන 595ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 17,717 දක්වා ඉහළට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප්‍රේල් 07
- ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්. සේවක සංඛ්‍යාව අනුව, පොලිස් මූලස්ථානය, පළාත් භාර ජේ.නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පොලිස් අධිකාරී කාර්යාලය හා පොලිස් ස්ථාන මගින් බලපත්‍ර නිකුත් කිරීමට පියවර – PMD
– තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුණාගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 75,000 ඉක්මවයි. ආසාදිතයින් සංඛ්‍යාව 1,352,158 දක්වා ඉහළට. සුවය ලැබූ සංඛ්‍යාව 287,679 – විදෙස් මාධ්
– දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.ලැබෙන ඇනවුම්වලට අනුව බෙදාහැරීමට නව වැඩපිළිවෙළක්.- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
– තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබයි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යංශය - මෙරට 06 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙක් මියයයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- – අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,107ක් හා වාහන 326ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 15,902 දක්වා ඉහළට. – පොලිස් මාධ්‍ය කොට්ඨාස
– කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ. – විදෙස් මාධ්‍ය
අප්‍රේල් 06
- -තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 38 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 199.40 දක්වා රුපියල් 5.65කින් අව ප්‍රමාණය වෙයි. – CBSL
-අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,327ක් හා වාහන 312ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 14,795 දක්වා ඉහළට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප්‍රේල් 05
- -කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ යයි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 33යි. – සෞඛ්‍ය අමාත්‍යංශය
-රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ 16 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය හෙට උදෑසන 6ට ලිහිල් කර පස්වරු 2 ට යළි පනවයි.- PMD
-හෙට (6) සදුදා සිට 10 වැනි සිකුරාදා දක්වා සතියේ වැඩ කරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. – PMD
-මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසන අපහසුතා පවතින්නේ නම්, එකවරම රෝහලකට යෑමෙන් වැළකී ,වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන්න. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට. ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවයි. ආසාදිතයින් සංඛ්‍යාව 12,01473. – විදෙස් මාධ්‍ය
-අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1245ක් හා වාහන 336ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 දක්වා ඉහළට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප්‍රේල් 04
- තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් හඳුනා ගැනේ. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය -තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 25 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-විදෙස් රටවල සිට පැමිණ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉරණමඩු මධ්‍යස්ථානයේ, නිරෝධායනය වූ පුද්ගලයින් 172 දෙදෙනෙකු පිටව යයි. – ගුවන් හමුදා ප්‍රකාශක
-විදෙස් රටවල සිට පැමිණ, ශ්‍රී ලංකා ගුවන් හමුවේ ඉරණමඩු මධ්‍යස්ථානයේ, නිරෝධායනය වූ පුද්ගලයින් 172 දෙදෙනෙකු පිටව යයි. – ගුවන් හමුදා ප්‍රකාශක
-අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1493ක් හා වාහන 360ක් පොලිස් භාරයට. අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 12,223 දක්වා ඉහළට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය - ඉතාලියේ සිට පැමිණි කොරෝනා ආසාදිත 44 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද රෝහලේදී මියයයි. මෙරට මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට .- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
අප්‍රේල් 03
- – ශ්‍රී ලංකාවේ ‘COVID-19 මර්දනය ඇතුලු මහජන
සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් මිලියන 128.6ක සහන ණය ප්රදානය කිරීමට ලෝක බැංකුවේ
විධායක අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය. – ලෝක බැංකුව
-ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් ධාවනය වූ මෝටර් රථයකට මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබයි. මෝටර් රථයේ සිටි 04 දෙනොගෙන් 03 දෙනෙකුට තුවාල.- පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යයි. මරණ සංඛ්‍යාව 53,000 දක්වා ඉහළට. සුවය ලැබූ පිරිස 212,018 – විදෙස් මාධ්‍ය
අප්‍රේල් 02
මෙරට 4 වැනි කොරෝනා මරණය ලෙස IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු මියයයි.
- – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ. – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
– කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පලකළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-විශ්‍රාමිකයින්ගේ අප්‍රේල් මස විශ්‍රාම වැටුප නිවසටම ගෙනවිත් භාරදීමේ වැඩපිළිවෙළක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලබයි . – තැපැල්පති
-අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් සර්වපාක්ෂික සමුළුව අරලියගහ මන්දිරයේ දී ඇරඹේ.
-රාජ්‍ය සේවකයින් නොවන සහ ස්ථිර ආදායම් නොලබන ලක්ෂ 40 ක පිරිසකට රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා. – සම කැබිනට් ප්‍රකාශක
-තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනේ. මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට.- සෞඛ්‍ය අමාත්‍යාංශය
-ඖෂධ සහ ඉන්ධන හැර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජය තීරණය කරයි. – සම කැබිනට් ප්‍රකාශක
-මිලියන ගණනක සේවකයින්ගේ අයිතීන් සුරක්ෂිත කරමින්, රජය සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියයි.
-කොළඹ 10, මරදාන ආර්නෝල්ඩ් රත්නායක මාවතේ පුද්ගලයින් 2,000ක් නිවෙස් තුළ නිරෝධායනයට පියවර. – කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
අප්‍රේල් 01
කොරෝනා ආසාදනය වීමෙන් සිදුවූ 03 වන මරණය ලෙස, 73 හැවිරිදි පුද්ගලයෙකු IDH රෝහලේදී මියයයි. – සෞඛ්‍ය අංශ
-ශ්‍රී ලන්කන් ගුවන් සේවය අප්‍රේල් 8 වෙනිදා සිට 21 වැනිදා දක්වා සියලු ගුවන් ගමන් අත්හිටුවයි. භාණ්ඩ ප්‍රවාහන හා විශේෂ ගුවන් ගමන් අඛණ්ඩව.
– ශ්‍රී ලන්කන්
-මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
-චීනයේ අලි බාබා (Alibaba) ආයතනයෙන් මුව ආවරණ ලක්ෂයක් හා චීන රජයෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මෙරට පරිත්‍යාග කරයි. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අද උදෑසන 6.00 සිට දහවල් 12 දක්වා කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 288 දෙනකු අත්අඩංගුවට. – පොලීසිය
-මෙරට වෙසෙන විදේශිකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි මස 12 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.
– ආගමන විගමන පාලක ජනරාල්
-තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 18 දක්වා ඉහලට.
– සෞඛ්‍ය අමාත්‍යංශය
-කොරෝනා ආසාදනය වීමෙන් මියගිය කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43 දෙනෙකු, නිරෝධායනය සඳහා පූනානි මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.
– යුද හමුදාපති
-කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06 හැර, සෙසු දිස්ත්‍රික්කවල ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 උදෑසන 6 දක්වා බලපැවැත් වෙයි.- PMD
-විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින්ට පොලීසියේ ලියාපදිංචි වීම සඳහා දී තිබූ කාලය අද දහවල් 12ට අවසන්. 31,000ක් ස්වයං නිරෝධායනයට ලියාපදිංචි වෙයි.8,000ක් නිරෝධායනය අවසන් කරයි.
– පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 748ක්, ඉතාලියෙන් මරණ 837ක් වාර්තා වෙයි. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 42,114 දක්වා ඉහළට. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 857,299- විදෙස් මාධ්‍ය
-මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දක්වා ඉහළට.
– සෞඛ්‍ය අමාත්‍යංශය
මාර්තු 31
- -මෙරටින් වාර්තාවන කොරොන ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ නගරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේදී පුද්ගලයින් 195ක් සමග වාහන 110ක් පොලිස් භාරයට.- පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි. සුවය ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
– විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා, යුද හමුදාව මගින්, ලබන 02/03 දිනවල විශ්‍රාමිකයින් බැංකු වෙත රැගෙන ගොස් ගෙදරට ඇරලවීමේ ක්‍රමවේදයක් – යුද හමුදාපති
-ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 08 ලක්ෂය ඉක්මවයි. මරණ සංඛ්‍යාව 38,769 දක්වා ඉහළට. – විදෙස් මාධ්‍ය
-ඇඳිරි නීතිය ඉවත් කරන තුරු හෙට (01) සිට කොළඹ කොටස් හුවමාරුව වසා තැබීමට තීරණය කෙරේ.- CSE
– කොරෝනා මර්දනය සඳහා සමාජ දුරස්ථකරණය 80% ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත්, විටින් විට ඇඳිරිනීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශ කරයි.- GMOA
– තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි. සුවය ලැබු සංඛ්‍යාව 16 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘ඇවිගන්’ ඖෂධ තොගය දිවයිනට රැගෙන එයි. – රාජ්‍ය ඖෂධ සංස්ථාව
-මීගමුව රෝහලේදී මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු සිදුකෙරේ. මීගමුව රෝහල් වාට්ටුවක් වසා දැමේ. කාර්ය මණ්ඩලය 20ක් නිරෝධායනයට.- රෝහල් අධ්යක්ෂ
-පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 913ක්, ඉතාලියෙන් මරණ 812ක් වාර්තා වෙයි. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 37,780 දක්වා ඉහළට. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 784,381- විදෙස් මාධ්‍ය
-ඇඳිරි නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 508 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 7358ක් වාහන 1768ක් පොලිස් භාරයට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
මාර්තු 30
-කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමේ. රෝගීන් 15ක් හා කාර්ය මණ්ඩලය 20ක් නිරෝධායනයට. – රෝහල් අධ්යක්ෂ
-ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 35,000 ඉක්මවයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 740,235 දක්වා ඉහළට. සුවය ලැබූ පිරිස 156,588 යි. – විදෙස් මාධ්‍ය
සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දැමේ.
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මීගමුව රෝහලේ දී මියයයි. මෙරට මරණ සංඛ්‍යාව 2 දක්වා ඉහළට.
කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ලබන 01 වැනිදා උදෑසන 6 දක්වා බල පැවැත්වෙයි.- PMD
– නාත්තන්ඩිය ප්‍රදේශයේ මාස 04ක කුඩා බිළිදෙකු ඇතුළු එකම පවුලේ 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.
-මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 122 දක්වා ඉහළට. සුවය ලැබූ ගණන 14ක්. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. -අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 192.50 දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL
-ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව තිස් හතර දහස ඉක්මවයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 723,717 දක්වා ඉහළට. සුවය ලැබූ පිරිස 151,824 යි. – විදෙස් මාධ්‍ය
-ඇඳිරි නීතිය පැනවීම, හුදකලා කරන ප්‍රදේශ නම් කිරීම තීරණය කරන්නේ රජයේ ඉහළ මට්ටමින්. ජනජීවිතය අපහසුතාවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතුයි. – PMD
-විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක් කළ තවත් පුද්ගලයින් 132ක් නිවෙස් වෙත පිටත් කර හැරේ.- යුද හමුදාපති
-අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ඔස්ට්‍රේලියාව, එක් ස්ථානයකට රැස් විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කරයි – විදෙස් මාධ්‍ය
-මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 120 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
මාර්තු 29
- ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව තිස් තුන් දහස ඉක්මවයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 702,368 දක්වා ඉහළට. ඉතාලියේ නව මරණ 756ක් සමග සමස්ත මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි.- විදෙස් මාධ්‍ය
-හෙට දිනයේ ඇඳිරිනීතිය ඉවත් කරන ප්‍රදේශවල සියලු ආහාරපාන අලෙවි සැල් විවෘත කරන ලෙසත්, ශාරිරික දුරස්ථභාවය තබා ගනිමින් භාණ්ඩ මිළදී ගන්නා ලෙසත්, යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලයි.
-මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
-විශ්‍රාම වැටුප් ගෙවීම ලබන මස 02 සහ 03 දිනවලදී .එම දිනවල ලබා ගැනීමට නොහැකි වන අයට ලබන මස 6 වැනිදා ලබා ගැනීමට අවස්ථාව.- අග්‍රාමාත්‍ය කාර්යාලය
-අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා අත්අඩංගුවට ගත් 206 දෙනා සමග, ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 6247 දෙනෙකු අත්අඩංගුවට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි. සුවය ලැබූ සංඛ්‍යාව 10 දක්වා ඉහළට. සැක සහිත රෝගීන් ගණන 117 දෙනෙක්.- සෞඛ්‍ය අමාත්‍යංශය
-කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
– කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ඇතුලුවීමට පැනවූ තහනම, අප්‍රේල් 7 වැනිදා දක්වා දීර්ඝ කෙරේ – සිවිල් ගුවන් සේවා අධිකාරිය.
-කොරෝනා ආසාදිතයෙකු සැරිසැරීම හේතුවෙන් පුත්තලමේ ගම්මානයක වැසියන් අද දිනයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට පියවර. – යුද හමුදාපති
-මහනුවර අකුරණ නගරය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කෙරේ. – යුද හමුදාපති
-ඇප ලබාදිය හැකි බන්ධනාගාර රැඳවියන් 1460 ක් නිදහස් කිරීමට අනුමැතිය. ලබන මස 03 වැනිදාට පෙර නිදහස් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කියයි.
-ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දහස ඉක්මවයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 662,852 දක්වා ඉහළට. අමෙරිකාවේ ආසාදිතයින් සංඛ්‍යාව 123,000 ඉක්මවයි.- විදෙස් මාධ්‍ය
මාර්තු 28
කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු මියයයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනේ.මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ, 38 හැවිරිදි පුද්ගලයෙකු කුරුණෑගල, උහුමිය ප්‍රදේශයේදී CID අත්අඩංගුවට. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිරෝධායනට යොමුවන ලෙස රජය ඉල්ලයි. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-කොරෝනා වසංගතය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය මාස 02ක පමණ හුදෙකලාවකින් පසු අර්ධ වශයෙන් යළි විවෘත කෙරේ. – විදෙස් මාධ්‍ය
– පස්වරු 4 වන විට දිනයේ සිව්වැනි ආසාදිතයාත් වාර්තා වේ
අත්‍යාවශ්‍ය සේවා සදහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාදක බලකායේ දුරකතන අංක : 0114354854, 0114733600, සෘජු දුරකතන අංක 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204, ෆැක්ස්:0112333066, -කොරෝනා ව්‍යාප්තිය අඩාල කිරීම සඳහා රුසියානු ජනාධිපති පුටීන් , රුසියාව පුරා ‘වැඩ නොකරන සතියක්’ ප්‍රකාශයට පත්කරයි. – විදෙස් මාධ්‍ය
-නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පුද්ගලයින් 300කට අධික පිරිසක් නිවෙස් වෙත පිටත් කර හැරේ. – හමුදා ප්‍රකාශක
-අමෙරිකාව ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට බවට පත්වෙයි.එරට ආසාදිතයින් සංඛ්‍යාව 102,464 දක්වා ඉහලට. ලොව පුරා ආසාදිතයින් ගණන 594,377 දක්වා ඉහලට.
-ඉතාලියේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 919ක් . එරට මරණ සංඛ්‍යාව 9,134 දක්වා ඉහළට. ලොවපුරා මරණ සංඛ්‍යාව 27,250 ඉක්මවයි.- විදෙස් මාධ්‍ය”
මාර්තු 27
- – අද සිට පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. – DIG අජිත් රෝහණ
– බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා ආසන්න වී ඇති බව තහවුරු වෙයි. – විදෙස් මාධ්‍ය
-දැනට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස්. – PMD
– නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලු ම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පති තුමා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත. එසේ ම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත. -පොලිස් මාධ්‍ය ප්‍රකාශක
– -අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පති තුමා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත. -පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද (VAT) ගෙවීම සඳහා අප්‍රේල් 30 දක්වා අවස්ථාව. – දේශීය අදායම් දෙපාර්තමේන්තුව
-කොරෝනා ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මියයයි.- විදේශ කටයුතු අමාත්‍යාංශය
-කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අය කර ගැනීම් අත්හිටුවන ලෙස, ලෝක බැංකු කණ්ඩායම සහ IMF, සියලු ණයදෙන ආයතන වලින් ඉල්ලයි.
-නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 503 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරේ. – යුද හමුදාපති
-පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 533 ක් ඇතුළුව ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 4018ක් අත්අඩංගුවට. වාහන 1033ක් පොලිස් භාරයට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-අමෙරිකාව ලොව කොරෝනා ආසාදිතයින් වැඩිම රට බවට පත් වෙයි. ආසාදිතයින් සංඛ්‍යාව 85,268යි. ලොවපුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 24,065 දක්වා ඉහළට. – විදෙස් මාධ්‍ය”
මාර්තු 26
- -Update : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 106 දක්වා ඉහළට .
- -කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම පිණිස ශ්‍රී ලංකා පොලිසියේ උපරිම දායකත්වය ලබා දීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක 2020.04.10 දින br>දක්වා පොලිස්පති තුමා විසින් අවලංගු කර ඇත. < රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට පියවර – මුදල් අමාත්‍යාංශය
- -තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැනේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 104 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යාංශය
- මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ. මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකේ. – PMD
- -කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා IDHරෝහලෙන් පිටව යයි . – සෞඛ්‍ය අංශ
- -රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප ලබන මස 03 වැනිදා ගෙවීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියයි.
- –යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කෙරේ. – PMD
- – -කන්දකාඩු වලින් 42 ක්, දියතාලව 38, පුනානි 125, මියන්කුලම 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 223 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි. – හමුදා ප්‍රකාශක
- -ඇඳිරි නිතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට අද පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පනවයි. එම ප්‍රදේශවලට ලබන සඳුදා (30) උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කර එදින පස්වරු 2ට යළි පනවයි. – PMD
- -අද උදෑසන 6ට ඇඳිරි නිතිය ලිහිල් කළ දිස්ත්‍රික්ක 16කට අද පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පනවයි. එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ලබන සඳුදා (30) උදෑසන 6ට ඉවත් කර එදින පස්වරු 2ට යළි පනවයි. – PMD
- -ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 21,200 දක්වා ඉහළට, ආසාදිතයින් සංඛ්‍යාව 468,905 යි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 114,218. – විදෙස් මාධ්‍ය
මාර්තු 25
- -මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහළට. මුලු රෝගීන් සංඛ්‍යාව 102. තවත් 255 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ. – සෞඛ්‍ය අමාත්‍යංශය
- – ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 3700කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට. යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 715ක් පොලීසිය භාරයට.- DIG අජිත් රෝහණ
- – කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාවෙන් නව රෙගුලාසි.විවාහ උත්සව පුද්ගලයින් 05 දෙනෙකුටත්, අවමංගල්‍යය උත්සව පුද්ගලයින් 10කටත් සීමා කෙරේ.- විදෙස් මාධ්‍ය
- -ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 18,887 දක්වා ඉහළට, ආසාදිතයින් සංඛ්‍යාව 422,566 යි. සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 108,388. – විදෙස් මාධ්‍ය
මාර්තු 24
- – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ජූලි මස පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය 2021 වසරට කල් යයි .
-ඇඳිරිනීතිය පවතින කාලය තුළ ඖෂධ අලෙවිහල් විවෘත කර තැබීමට පියවර – සෞඛ්‍ය අමාත්‍යංශය
– අද දින තවත් ආසාදිතයින් 4ක් හඳුනා ගැනේ.මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100 දක්වා ඉහළට. සැක සහිත රෝගීන් 229 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ. – සෞඛ්‍ය අමාත්‍යංශය
-අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 190.62 දක්වා අවප්‍රමාණය වෙයි – CBSL
-කන්දකාඩු වලින් 108 ක් හා පුනානි මධ්‍යස්ථානයෙන් 203 ලෙස පුද්ගලයින් 311 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි. – හමුදා ප්‍රකාශක-
-කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ, අවසන් පාරිභෝගිකයා භාණ්ඩ මිළදීගෙන අවසන්වන තුරු වෙළෙඳ සැල් විෘතව තබන්න. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ ලිහිල් කළ ඇඳිරිනීතිය නැවත ක්‍රියාත්මක වන්නේ අද පස්වරු 2 සිටයි. – PMD
-ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16,510 දක්වා ඉහළට, ආසාදිතයින් සංඛ්‍යාව 378,842, සුව වූ සංඛ්‍යාව 102,064. – විදෙස් මාධ්‍ය
-ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 2036 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 501ක් පොලිස් භාරයට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරිනීතිය ඉවත් කෙරේ. අද දහවල් 12 සිට ලබන (27) සිකුරාදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය පනවයි.
මාර්තු 23
- -මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 91 දක්වා ඉහළට – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- කොරෝනා වැලදුණු පළමු ශ්‍රී ලාංකික රෝගියා වන සංචාරක මග පෙන්වන්නා සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි.
- කොරෝනා මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඩොලර් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා .- PMD
- – කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 තුළ ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (24) උදෑසන 6 ට ඉවත් කෙරේ. හෙට දහවල් 12 සිට 27 සිකුරාදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය. PMD
- -ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ බැංකු සේවකයින්ට සිය රාජකාරි හැඳුනුම් පත භාවිත කරමින් රාජකාරි සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පතිවරයා දන්වයි.- රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
- -මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 86 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍ය
- -ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 1589 දෙනෙකු පොලිස් අත්අඩංගුවට. යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 362ක් පොලිස් භාරයට. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- – කොළඹ ,ගම්පහ පුත්තලම සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 05 හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙරේ. අද පස්වරු 2ට යළි පනවයි. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
මාර්තු 22
- -ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 790 දෙනෙකු පොලිස්
අත්අඩංගුවට. යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 156ක් පොලිස් භාරයට. –
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
-උතුරේ දිස්ත්‍රික්ක 05 සඳහා ක්‍රියාත්මක ඇඳිරිනීතිය අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ. එදින පස්වරු 2 ට යලි පනවයි. – PMD
පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්,පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන්, දුරකථන සමාගම්වලට උපදෙස් .
– හෙට (23) සහ අනිද්දා (24) දිනයේ කොළඹ කොටස් හුවමාරුව වසා තැබේ. – CSE
-දඹදිව වන්දනාවේ යෙදී සිට සියලුම ශ්‍රී ලාංකික සැදැහැවතුන් දිවයිනට ගෙන්වා ගැනේ.- විදේශ සබඳතා අමාත්‍යංශය
කොරෝනා වෛරසය පිට රටවල සිට මෙරටට ඇතුළු වීම නතර කිරීම සඳහා සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා වලට මෙරටට පැමිණිම රජය විසින් තහනම් කරයි.- PMD
-විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට මාර්තු 31 වෙනිදා දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත්කෙරේ.- අමාත්‍ය මහින්ද අමරවීර
-දඹදිව වන්දනාවේ ගිය, තවත් ශ්‍රී ලාංකිකයින් 390කට අධික පිරිසක් දිවයිනට රැගෙන එමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.- හමුදා ප්‍රකාශක
-ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12,955 දක්වා ඉහළට.
-මේ මස නිකුත් කිරීමට නියමිතව තිබූ (GCE O/L) සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කල්යයි. – විභාග කොමසාරිස් ජනරාල්
-කොරෝනා අසාදිත මාතෘ ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලත්, දැඩිසත්කාර ඒකක ප්‍රතිකාර සඳහා KDU රෝහලත් යොදා ගැනේ. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-පොලිස් ඇඳිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට. – පොලීසිය
මාර්තු 21
- -තවත් කොරෝනා ආසාදිතයින් 04 දෙනකු හඳුනා ගැනේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව 76 දක්වා ඉහළට. – සෞඛ්‍ය අමාත්‍යංශය
- -පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 08 දෙනෙකු බණ්ඩාරවෙල දී අත්අඩංගුවට.- පොලීසිය
- – දඹදිව වන්දනාවේ ගිය, තවත් ශ්‍රී ලාංකිකයින් 200කට අධික පිරිසක් නවදිල්ලියේ සිට දිවයිනට රැගෙන එමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.- හමුදා ප්‍රකාශක
- – ලෝවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 11000 ඉක්මවයි. ගතවූ පැය 24 තුළ 627 දෙනකු මියයෑමත් සමග ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,032 දක්වා ඉහලට. – විදෙස් මාධ්‍ය
මාර්තු 20
- – මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍ය
- -දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් 97 දෙනෙකු ,චෙන්නායි සිට දිවයිනට රැගෙන එමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.- හමුදා ප්‍රකාශක
- – අද 6 PM දක්වා අධිවේගී මාර්ග භාවිතා කිරීමට හැකියි. ගිලන් රථ ,අත්‍යාවශ්‍ය සේවා හා ඇඳිරි නීති බලපත්‍ර හිමි අයට ගාස්තු රහිතව ගමන් කිරීමට අධිවේගී මාර්ග විවෘත කර ඇත.- මහා මාර්ග අමාත්‍ය
- -අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 189.88 දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL
- -පුත්තලම සහ කොච්චිකඩේ පොලිස් ඇදිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට.- නාවික හමුදාව
- – මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍ය
- අද 6 PM දක්වා අධිවේගී මාර්ග භාවිතා කිරීමට හැකියි. ගිලන් රථ ,අත්‍යාවශ්‍ය සේවා හා ඇඳිරි නීති බලපත්‍ර හිමි අයට ගාස්තු රහිතව ගමන් කිරීමට අධිවේගී මාර්ග විවෘත කර ඇත.- මහා මාර්ග අමාත්‍ය
- -අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 189.88 දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL
- මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහලට. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 218යි. – සෞඛ්‍ය අමාත්‍යංශය
- දැනට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 9ට ඉවත් කර ඇති අතර අද දහවල් 12ට යලි පනවයි.- පොලීසිය
- අද පස්වරු 6 සිට සඳුදා(23) උදෑසන 6 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවයි. – ජනාධිපති කාර්යාලය
මාර්තු 19
- – මාස 3ක කාලයක් සඳහා සියලුම වර්ගයේ මෝටර් රථ
ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව,
වාණිජ බැංකු වලින් ඉල්ලයි.
-Update: කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු අද දිනයේ හඳුනා ගැනේ. රෝගීන් සංඛ්‍යාව 59දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
-ඉන්දියාවේ වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් අද සහ හෙට දිනයේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දිවයින රැගෙන ඒමට අවසර.- යුද හමුදාපති
-දැනට මෙරට සිටින විදේශීය සංචාරකයින් 38,000කට නැවත සිය රටවල් බලා පිටත්ව යාමට පහසුකම් සපයා ඇතැයි, ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම කියයි.
– අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 188.21 දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL
– මහා මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.- මහින්ද දේශප්‍රිය
-සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා,මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස්. – මුදල් අමාත්‍යාංශය
-මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52 දක්වා ඉහලට. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 243 දක්වා ඉහලට. – සෞඛ්‍ය අමාත්‍යංශය
-මාර්තු 20 සිට 27 දක්වා සතියක කාලය, රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය ප්‍රකාශයට පත් කරයි.- PMD
– කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරය ඇතුලු හුබෙයි පළාතෙන් පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවෙයි.- විදෙස් මාධ්‍ය
– ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට පැය 24ක් තුළ පුද්ගලයින් 475 දෙනකු මරුට. – විදෙස් මාධ්‍ය
– සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගෙන, රාජසන්තක කර ඇති , එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට.- නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්
මාර්තු 18
- – පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය 19 වැනිදා පෙරවරු 8 ඉවත් කර යලි පස්වරු 2ට පනවයි .- වැඩ බලන පොලිස්පති
- -දැනට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- -සීමා හා කොන්දේසි යටතේ, රුපියල් 6000කට අඩු මිලකට COVID-19 රෝගය සඳහා පරීක්ෂණ පැවැත්වීමට පෞද්ගලික රෝහල්වලට අනුමැතිය. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- -රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් තාවකාලිකව වසා දමන ලෙස රජය දැනුම් දෙයි.
- – සංචාරක මගපෙන්වන්නන්ට මෙම මස තුළ සමාජීය කටයුතු වලින් ඉවත්ව නිවසට වී සිටින ලෙසට උපදෙස්. – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 187.23 දක්වා අව ප්‍රමාණය වෙයි. – CBSL – පුත්තලම පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 07කටත් මීගමුව, කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
- -හෙට (19) අළුයම 4 සිට ලබන 25 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දිවයිනේ සියලුම ජාත්‍යන්තර ගුවන්තොටුපළ, දිවයිනට පැමිණෙන මගී ගුවන් යානා මෙහෙයුම් සඳහා වසා දමන බව රජය නිවේදනය කරයි.
- -දඹදිව වන්දනාවේ ගොස් නවදිල්ලියේ රැඳී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අද විශේෂ ගුවන් යානයක් පිටත්කර යවන බව බුද්ධශාසන අමාත්‍යංශය කියයි.
- -පුද්ගලයින් 136 දෙනෙකු රැඳවිය හැකි නව නිරෝධායන මධ්‍යස්ථානයක් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කෙරේ.
- -කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තම සංගමයට අයත් නොවන රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට, යුරෝපා සංගමය දින 30 ක සංචාරක තහනමක් පනවයි – විදෙස් මාධ්‍ය.
මාර්තු 17
- -මාර්තු 01 ත් 15ත් අතර, යුරෝපය ,ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි අයට ළඟම පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි – පොලිස් මූලස්ථානය.
-ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට වැඩි පිරිසක් නිරෝධායනය මඟහැර සිටින බවත් පොලිසියේ ලියාපදිංචි නොවන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ආරක්ෂක අමාත්‍යංශය කියයි.
-අද සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
-රජය ප්‍රකාශයට පත්කර ඇති විශේෂ නිවාඩු ලබාදීමේ තීරණයට අවනත වන්නැයි, කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයෙන් ඉල්ලයි. – කම්කරු කොමසාරිස් ජනරාල්.
-හෙට (18) සිට සති 02ක කාලයක් මලයාසියාව සියලු කටයුතු වසා දමයි. ආගමික ස්ථාන, පාසල් ,ව්‍යාපාර හා රජයේ කාර්යාල වැසේ. රටට අතුළුවීම හා පිටවීම තහනම්. – විදෙස් මාධ්‍ය.
-කොරෝනා රෝගීන් රැඳවීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද සිට පොළොන්නරුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි.
මාර්තු 16
- – දිනය තුල ආසාදිතයින් දසදෙනෙකු හඳුනා ගැනේ. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 28 දක්වා ඉහළට.
– ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්තු 17 – 20 ත් අතර තිබූ කැඳවීම් නඩු වෙනත් දිනකදී කැඳවීමට තීරණය කෙරේ.
-මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේනම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දෙයි.
– අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ – සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන.
– සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ දෙදෙනෙකු CID අත්අඩංගුවට.
– කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය කල්දමන ලෙසට දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීම්.
– හෙට සිට නැවත දැනුම්දෙන තුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අත්හිටුවයි.
– මාර්තු 20 වැනි දා දක්වා අධිකරණ වසා දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්.
– රජයේ නිවාඩුව සතියකට දීර්ඝ කර සියලු වරායන් හා ගුවන්තොටුපොළවල් වසා දමන ලෙස රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්.
– කොරෝනා වෛරසය සඳහා ප්‍රසිද්ධ කර ඇති ආයුර්වේද වට්ටෝරුවලට නොරැවටෙන්නැයි ආයුර්වේද කොමසාරිස් ජනතාවගෙන් ඉල්ලයි.
– 2020 අ.පො.ස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කරමින් Online ඔස්සේ පමණක් අයැදුම් කිරීමේ අවස්ථාව.
– රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලු කටයුතු ලබන 31 වන දා දක්වා අත්හිටුවයි – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව.
– කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්.
– කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් කෞතුකාගාර 11 ක් අද සිට වසා තැබීමට පියවර.
මාර්තු 15
- -මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 08 ක් සොයා ගැනේ.මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 දක්වා ඉහළට.
– රටවල් 11ක පිහිටි රාජ්‍යතාත්ත්‍රික කාර්යාලවල කොන්සියුලර් සේවා හෙට සිට සීමා කෙරේ
– කොරෝනා වැළඳුණු සියලුම රෝගීන් IDH රෝහලට
– යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වහාම ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් සඳහා වසා දැමේ.
– හෙට (16) රාත්‍රියේ සිට බ්‍රිතාන්‍ය, බෙල්ජියම සහ නොර්වේ සිට මෙරටට පියාසර කරන සියලු ගුවන් ගමන් සති 02කට අත්හිටුවයි.
– කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාවට අවශ්‍ය විමසීම් හා තොරතුරු දැනුම් දීමට 117 හදිසි දුරකථන අංකයක් හඳුන්වා දෙයි.
මාර්තු 14
- – කොරෝනා බවට සැකපිට පෝලන්ත ජාතිකයින් 04ක් IDH රෝහලට
– දිවයිනේ සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දමයි
– කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 5ක් හඳුනා ගනී
– බන්ධනාගාර රැඳවියෙකු බැලීමට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව එක් අයෙකුට සීමා කරයි
– අද සිට සති 2ක් කොළඹ සහ හලාවත පදවිවලට අයත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වීමට තීරණය කරයි
– දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, රිදියගම සෆාරි උද්‍යානය ඇතුළු ආයතන කිහිපයක් හෙට (15) සිට සති දෙකකට වසා දමයි
– මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව සති දෙකකට නතර කරයි .
මාර්තු 13
- – දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට මගීන් රැගෙන ඒ්ම සති 2කට අත්හිටුවයි
– සියලු රජයේ විශ්වවිද්‍යාල 14 සිට සති 2 ක කාලයක් වසා දමයි
– කොරෝනා වැළඳුණු තවත් ලාංකිකන් තිදෙනෙකු සොයා ගනී
– බස්නාහිර සියලුම පෙර පාසල්වලට අද සිට අප්‍රේල් 20 වැනි දා දක්වා නිවාඩු
– ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාලවලට ලබන 16 වැනිදා සිට මාර්තු 29 වැනිදා දක්වා නිවාඩුවක්
– ලාංකිකයින්ට රැකියා සඳහා විදෙස්ගත වීම තාවකාලිකව අත්හිටුවයි
– යුරෝපා රටවල් 8 කින් මෙරටට ගුවන් මගීන් රැගෙන ඒම ලබන 15 වැනිදා සිට සති 02ක කාලයකට තහනම්
– පොදු ප්‍රවාහනයට යොදා ගන්නා බස් සහ දුම්රිය හෙට (14) සිට විෂබීජහරණය කිරීමට පියවර .
මාර්තු 12
- – රජයේ සියලු පාසල් හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා වසා දමයි
– හජ් වන්දනාව තාවකාලිකව නතර කෙරේ
– කොළඹ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් හෙට (13) සිට මාර්තු 26 දක්වා වසා දමයි
– කොරෝනා ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාත් මෙරටින් වාර්තා වෙයි
– පෞද්ගලික උපකාරක පන්ති ලබන මාර්තු 27 දක්වා වසා දමයි .
මාර්තු 11
- – කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් සොයා ගනී
– On-Arrival-Visa පහසුකම තාවකාලිකව අත්හිටුවයි.
මාර්තු 10
- අබුඩාබි නගරයෙන් කොරෝනා ආසාදිත ලාංකිකයින් දෙදෙනෙක් .
මාර්තු 09
- – ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් කන්දකාඩුව සහ බැටික්කලෝ කැම්පස් හි පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත
– කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි
– කොරෝනා හේතුවෙන් කටාර් රජ්‍යය ශ්‍රී ලංකාව අතුළු රටවල් 14 කට ඇතුලු වීම තහනම් කරයි.
පෙබ.19
- IDH රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සුවය ලැබූ චීන ජාතික කාන්තාව පිටව යයි”
පෙබ.14
- නිරෝධායනයෙන් පසු දියතලාවේ රඳවා සිටි වූහාන් නගරයෙන් පැමිණි පිරිස නිවෙස් වෙත .
පෙබ.1
- වුහාන්හි සිරවී සිටි ලාංකික සිසු සිසුවියන් 33ක් දිවයිනට රැගෙනවිත් පසුව දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරයි
ජන.31
- කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස WHO ප්‍රකාශයට පත් කෙරේ
ජන.27
- – IDH රෝහලට ඇතුළත් කෙරුණු චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි
FAQ
නව කොරෝනා වෛරසය යනු කුමක්ද?
නව කොරෝනා වෛරසය යනු, මීට පෙර හඳුනා නොගත් රෝගයකි. Covid-19 යන නාමාවලිය ලද එම රෝගය පුද්ගලයින් අතර පැතිරෙන්නෙකි.
වෛරසය හට ගන්නේ කෙසේ ද?
චීනයේ, වූහාන් නගරයේ පළමු වරට හඳුනාගත් මෙම රෝගය සත්ත්ව වෙළෙඳපොළක හඳුනාගත් නමුත් මේ වනවිට පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙමින් පවතී. තවද මෙය සමාජ කොට්ඨාස අතර ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වන බව පෙනේ.
නිරෝධායනය හරහා රෝගය වළක්වා ගත හැකි ද?
රෝගීන් වෙතින් අන් අයට මෙම රෝගය පැතිරීමට හැකියාව ඇති අතර එය වැළැක්වීමට නිරෝධායනය කර ඖෂධ ලබා දිය යුතු ය. තවද රෝගය පැතිරී ඇති රටවල්වල හෝ ප්‍රදේශවලින් පැමිණෙන්නන් සෞඛ්‍ය තත්ත්වය සනාථ කිරීමට දින 14ක කාලයක් නිරෝධායනය කළ යුතු බව නිර්දේශ කර ඇත.
ඔබ Covid-19 ඇති දැයි පරීක්ෂා කළ යුතු ද?
මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර ස්වසන රෝග, උණ , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ ඇතිනම් හෝ මෙම රෝගය ව්‍යෘප්ත වී ඇති ප්‍රදේශයක සිටියේ නම් හෝ මෙම රෝගය වැළඳුණු අයෙකු ආශ්‍රය කළේ නම් Covid-19 පරීක්ෂණයක් කළ යුතු ය.