ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 50,899 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ(14) දිනයේදී අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 670ක්.

ඒ අනුව මේ වන විට ඉන් ආසාදිතයන් 43,747 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 6,901ක් පමණක් බවද එම ඒකකය වැඩිදුරටත් පවසනවා.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තාවීමත් සමගින් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර තවත් පුද්ගලයන් 741 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,430,864ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්