බදුල්ල, බදුලුපිටිය ජාතික ආධුනිකත්ව  පුහුණු කිරීම් අධිකාරියට  අයත් ඉඩමක තිබී  83 හැවිරිදි පුද්ගල මළ සිරුරක් ඊයේ (12) හමුවූ බව  බදුල්ල  පොලිසිය  පවසනවා.

මරණකරු 11 වනදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවද පොලිසි සඳහන් කරනවා.

මෙලෙස සැක සහිත ලෙස මියගොස් ඇත්තේ බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේ පදිංචි පී.එච්. අමරදාස නමැති පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මරණය  සැක සහිත මරණයක් සේ සළකා  මහේස්ත්‍රාත් පරික්ෂණයකට ලක්කිරීමට පොලිසිය කටයුතු කළා.

බදුල්ල මහෙස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා විසින්  ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ අතර මෘත දේහය බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර වාර්තාව ඉදිරිපත් කරන ලෙසත් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්  මහේස්ත්‍රාත්වරයා බදුල්ල පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්