srilankan airlines
 

ගුවනේදී ගැටීමට ගිය ගුවන් අනතුර වලක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයක්, තවත් ගුවන්යානයක ගැටීමට ගිය අවස්ථාවක් මඟහරවා ගැනීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් එම නිවේදනය නිකුත් කර තිබේ.

 

– උපුටා ගැනීම –

“2022 ජුනි 13 වැනිදා, ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 504 දරන ගුවන්යානයේ නියමුවන් කිසිදු උපද්‍රවයකින් තොරව එම ගුවන්යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.

කෙසේ නමුත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට ගුවනේදී UL 504 ගුවන්යානය තවත් ගුවන්යානයක ගැටීමේ අවදානමක් කිසි ලෙසකින්වත් මතු නොවූ බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්, ගුවන්යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමේ අවස්ථාව සැලසිණි.

තව ද, යානය තුළ සිටි මගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම වටිනා උපකරණ ද ආරක්ෂා කරගනිමින්, අදාළ අනතුර වළක්වාගැනීමට සමත් වූ UL 504 හි ගුවන් නියමුවන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයේ නොමඳ ප්‍රශංසාව හිමි වේ.”

 

 

 

Read More – https://bit.ly/3MRksyE

ගුවනේදී යානා දෙකක් ගැටීමෙන් සිදුවන්නට ගිය බිහිසුණු අනතුර

මෙන්න බලන්න තවත් පුවත්