shashi weerawansa
 

අසත්‍ය තොරතුරු භාවිත කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ අද (27) පස්වරුවේ බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ.

ඇයට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දෙවසරක සිරදඬුවමක් මෙන්ම රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබුණි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනුකිරීම සිදුවිය.

දඬුවමට එරෙහිව අභියාචනයක්

කෙසේ නමුත් ශෂී වීරවංශ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර ඇත.

මේ අනුව නීතිඥවරුන් කළ ඉල්ලීම අනුව ඇය ඇප මත මුදාහැරීම ලබන 30 වනදා සලකාබලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ප්‍රකාශයට පත් විය.

මෙන්න බලන්න තවත් පුවත්