නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සිය වසර 36 ක නාවික සේවය නිමා කරමින් අද (15) දින විශ්‍රාම ගොස් තිබෙනවා.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලද බවයි නාවික හමුදාව පවසන්නේ.

එසේම ඔහුගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති බවත්  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඔහුට උපන් දින සුභපැතුම් එක් කළ බවද නාවික  හමුදාව පවසනවා.,

1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා තම සේවා කාලය තුල ධජ නිලධාරී නාවික දියත් විධානය, දකුණු නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රධාන නිල තල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්