Ravindu Wedaarachchi
 

මේ වනවිට දැඩි කතා බහකට ලක්ව තිබෙන පුවතක් වන මන්ත්‍රී දිල්පි වෙදආරච්චි මහතාගේ පුත්‍රයා වන රවිදු වෙදආරච්චි ඔහුගේ මුහුණු පොතෙහි සටහනක් තබා ඇත.

එයින් ඔහු අවධාරණය කර තිබෙන්නේ ඇතැම් සමාජ මාධ්‍ය තමාගේ චරිතයට හානි කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.

එම සමාජ මාධ්‍ය සටහන :-

“මමත් මගේ බිරිඳත් කොළඹ යමින් සිටියදී මගේ නිවසේ තිබූ ශීතකරණයක් මාගේ රථය පිටුපස රඳවා තබා කොළඹ ගෙන යාමේදී එතන සිටින පොලිස් නිලධාරියා විසින් මාගෙන් ඒ පිළිබඳව විමසීමේ දී මා ඔහු හට ඉන්ධන නොමැති වීම නිසා එය රැගෙන යන බවත් මා ප්‍රකාශ කර සිටියද ඔහු විසින් “උඹ උඹේ ගෑනි එක කොහෙන් හරි ඉන්ධන හොයාගෙන කොළඹ පලයන්” ප්‍රකාශ කිරීමත් සමඟ යම්කිසි බහින්බස් වීමක් සිදු වූණි. පසුව මාගේ shirt එකෙන් ඇදගෙන මා හට පහර දීමට තැත් කිරීමට පසු එම කොටස කපා ඉවත් කර සංස්කරණය කරන ලද video පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර මාගේ චරිතය හානි කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටී .මම කිසිදු විටෙක මම දිලිප් වෙදාරච්චි මන්ත්‍රීතුමාගේ පුතා බව ප්‍රකාශ නොකල බව මා වගකිමෙන් පවසමි. මා තංගල්ල නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ සිටම කිසිදු විටෙක දේශපාලනය බලය යොදා ගෙන පොලිසියට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොකරන බව තංගල්ල නගරයේ මිනිස්සුන් දන්නා බව මට විශ්වාසය. රටේ පවතින තත්ත්වයක් සමග ඉන්ධන නොමැති වීම නිසා අහිංසක මිනිසුන් කොච්චර කොපමණ පීඩාවට ලක් වෙනවද ? එහෙම අවස්ථාවන්වල මෙහෙම මිනිස්සුන්ට කතා කරන එක මෙහෙම මිනිසුන්ට පහර දෙන එක එක සාධාරණද?
මේ පොලිස් නිලධාරියා සාධාරණද ? එක් අය ළඟ සිංහයෙක් ලෙස හැසිරීමටත් තවෙකු ළඟ දනින් වැටීම හරිද ?”

 

මෙන්න බලන්න තවත් පුවත්