QR code
 

QR code වලින් ලංකාවේ සිද්දවෙන අලුත්ම ජාවාරම මෙන්න

කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු රවටා’ යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වලින් රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලක් ලබාගෙන ඇතැයි කටුගස්තොට පොලිසිය සඳහන් කරයි.

උපතින්ම ආබාධිත තම දියණියට සැත්කමක් සිදුකළ යුතු බැවින් ඒ සඳහා රුපියල් ලක්ෂ 62ක පමණ මුදලක් අවශ්‍ය බවත් හැකිනම් ඊට ආධාර කරන ලෙසත් පිරිසක් විසින් මුහුණු පොත ඔස්සේ ඉල්ලිම් කර තිබිණි.

මේ අනුව එම පියාට දුරකතන ඇමතුමක් ලබාදුන් අයකු පවසා ඇත්තේ මුදලින් ආධාර කිරීමට බැංකු ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය එවන ලෙසයි.

පසුව එම පුද්ගලයාට බැංකු ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය ලබා දී තිබේ.

අනතුරුව ගිණුම් අංක ඉල්ලු වංචනිකයා එම දත්ත යොදාගෙන QR code කේතයක් සාදා එමගින් පෙර කී ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන ඇත.

මේ අතර පෙර කී පරිදිම QR code (කිව් ආර් කෝඩ්) භාවිත කරමින් තවත් මුදල් වංචාවක් කර තිබේ . සුරතල් බලු පැටව් අලෙවි කරන පුද්ගලයකු බලු පැටව් අලෙවි කර ගැනීමට මුහුණු පොතේ දැන්වීමක් දමා තිබී ඇත.

යම් පුද්ගලයකු ඔහුගෙන්ද ගිණුම් අංකය හා හැඳුනුම්පත් අංකය ලබාගෙන ඔහුගේ ගිණුමෙන්ද රුපියල් දසදහසක මුදලක් ලබාගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්