QR කේතය වෙනත් කිසිවකු නීතිවිරෝධී ලෙස භාවිත නොකිරීමට වග බලා ගැනීම සඳහා අන් අයට පෙනෙන සේ QR කේතය ප්‍රදර්ශනය නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජාතික ඉන්ධන බලපත්‍ර භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිට තිබේ.

වෙනත් කිසිවෙකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වග බලා ගැනීම සඳහා එය ආරක්ෂිත ස්ථානයක තබා ගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

 

මෙන්න බලන්න තවත් පුවත්