හෙට (07) පස්වරුව වනතෙක් QR කේතය සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමි නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට පැය 48ක කාලයක් QR කේතය සඳහා ලියාපදිංචි අවස්ථාව හිමිනොවන බවත් මේ වනවිටත් QR කේතය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි.

එමෙන්ම ලබන මාසයට අවශ්‍ය කරන ඉන්ධන තොග මේ වනවිට ඇනවුම් කර ඇති බවත් එම නෞකා සදහා මුදල් ගෙවීම ඉදිරියේදි සිදු කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්